දෙවියන්ගේ පිහිට ලබාගෙන ගෙදර දොර දියුණුව සතුරු කරදර හා අමනුෂ්‍ය දෝෂ අනවින ආදී නොයෙක් දෝෂ දුරු කරගැනීමට බොහෝදෙනා බලාපොරොත්තුවේ. එහෙත් විෂ්ණු කතරගම සමන් විභීෂණ වැනි දෙවිවරුන්ට පුද පූජා සත්කාර පවත්වා පින් අනුමෝදන් කිරීමෙන් ක්ෂණික ප්‍රතිඵල නොලැබේ. දේව රැකවරණය ලැබේ. එහෙත් ක්ෂණිකව ප්‍රතිඵල ලැබෙන දේවත්වයෙන් පුද දෙන ගම්භාර සූනියම් දේවතාවා හරිහැටි පුද සත්කාර දීමෙන් නිවසටම පැමිණේ.
සූනියම් දෙවියන් දේවත්වයෙන් ඇදහුවද මන්ත්‍ර ශාස්ත්‍රයේදී ඔඩ්ඩි මස්සිනා යැයි කියා ආමන්ත්‍රණය කරන්නේ ඉක්මනින්ම අවශ්‍ය ස්ථානයට ළඟාවන නිසාය. සූනියම් අවතාරයක් ලෙස රාත්‍රියේ දිස්වේ.
සුදු ඇඳගත් උස අයෙක් රාත්‍රියේදී දැකගන්නට හැකිවන්නේ නියමාකාරව පුද සත්කාර කිරීමෙනි. සූනියම් දෙවියන්ට පහන් තබනවා නම් ගෙයින් පිට පහන් කණුවක් සාදාගෙන වතාවත් කළයුතු වේ.
සූනියම් දෙවියන් ලෙස සැලකුවද යක්ෂ ආත්මයක්ද ඇති බව පැහැදිලිය. මේ නිසා සූනියම් දෙවියන්ට පහන් තබන අය ප්‍රවේශම් විය යුතුය. ගෙදරට මස් වර්ග හරක් මස් ඌරු මස් නුසුදුසුය. පහන තබන්නා පිරිසිදුව තැබිය යුතු අතර පුරුෂ අයෙක් නම් වඩාත් සුදුසුයි.
ගෙදරින් පිට පහන් කූඩුවක් තුළ සූනියම් දේව රූපයක් තබා සුවඳ පලතුරු 5 ක් තබා (කපා තබන්න) සුදු මල් වැඩිපුර තබා පහන් දල්වා රාත්‍රී 9.00 න් පසුව බිය නැතිව වත් පිළිවෙත් කරන්න. නොයෙක් ශබ්ද ඇතිවිය හැක. ඒත් පහන් දල්වා පහන ස්ත්‍රෝත්‍රය කියවන්න පලතුරු පූජාව දිනපතා අනවශ්‍යය.
ශ්‍රිව මස්තු නමෝ රාමඃ
කන්ද සේනා සමාගමකඃ
වඩිග ත්‍රන්ත්‍ර මනී කන්ඔධඃ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ
අග්නි කන්දංච අස්තේන (හස්තේන)
හස්නේන මුඛ කර්ගතේ
මුකේත විෂ සර්පේන
ශීර්ෂ පංච කේෂකේ
උදරේ නාගබන්දාමි නීලෝතුරග
වාහනම්
සූනියම් දේවතා නාම මහඃපාද තේ නමෝ
සූනියම් ගම්බාර දෙවියන් ජීවමානවම අදාළ ස්ථානයට පැමිණේ. මස් කන්න එපා. පහන ගෙයින් පිට තියන්න. බල්ලන්ට අපවිත්‍ර කරන්න නොහැකි ලෙස ආවරණය කරන්න. ඔබ අත්හදා බලන්න සූනියම් දේව අවතාරය ගෙදරට එනු ඇත.
ඉහත දැක්වූ ස්තෝත්‍රය 7 වරක් වත් කියවීම මැනවි. ගෙදර අමනුෂ්‍ය දෝෂ නැතිවේ. එහෙත් ගෙදර බල්ලන් ඇති කළ නොහැක. ගෙදර දියුණුව ඇතිවේ. සතුරු කරදර නැතිවේ. සතුරන්ට විපත් පැමිණේ. පහන වරද්දන්න එපා. වැරදීමකින් හෝ ගෙදරට මස් වර්ග ගෙන ආවොත් දැඩි දඬුවම් ලැබේ. ප්‍රවේශමෙන් කළ යුතුය. ප්‍රතිඵල ඉක්මන් වේ.
ඇතැම් විට රාත්‍රී කාලයේ සුදු ජටාවක් ඇඳගත් අයෙක් පහන දෙස බලා සිටිනවා දැකිය හැක. එසේම මෙසේ පහන් තැබූ අයෙකු රාත්‍රියේ හීනෙන් ඇඳෙන් බිමට ඇද දමා පිරිසිදු මදි යයි කවුදෝ පවසා ඇත.
එබැවින් පිරිසිදුව කටයුතු කළ යුතුය. එසේම ඔබට කරදරයක් වූ විට පහත සඳහන් කවිය කියවන්න.
සිරස ගත සුදු වතින් සුදිලෙන තුරඟ මත වැඩ වසන සැමකල සහස කිරණින් එකළු කළ හෙළ සූනියම් දෙවිරජුනි දසබල ඉවස පිළිගෙන දෙවන පින්පුද දුරින් දුර හැර අරිටු ග්‍රහපල විගස මා දැන සිතැඟි ඉටුකර දියුන ගෙන දුන මැනවි සුවපල
ඉක්මනින් ප්‍රතිඵල ලැබේ. සූනියම් දේව බැල්ම ඇතිවී ඔබව ආරක්ෂා කරයි. ප්‍රතිපත්ති ගරුකව වතාවත් කරන්න. වෙනත් දේවරූප බුද්ධ රූප තබන්න එපා.
පාරම්පරික ජ්‍යොතිර්වේදී
සරත් ආනන්ද අල්ගෙවත්ත
පැලෑන උතුර
වැලිගම
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සූනියම් දෙවිපිහිට ලැබීමට නම්