IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සමාජ රෝග බෙදන අසහනකාරයෝ

‘‘සමාජ රෝග’’ යන වචනයම විටෙක ඔබව අපහසුතාවට හා ලජ්ජාවට පත් කරන වචනයක් විය හැකිය. එම නිසාම පසුගිය කාලයේ ලංකාව තුළ මෙම වචනය ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් උදාවූයේ සමස්තයක් ​ෙලස නොදැනුවත්භාවය හෙයිනි. මන්දයත් ලිංගික රෝග නොහොත් සමාජ රෝග පිළිබඳ ලංකාවාසී බොහෝ දෙනෙකුගේ දැනුම අවම වීමය.   


බොහෝ අය එම වචනය නිසාම ඒ පිළිබඳ දැනුම්වත්වීමට හෝ නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට ප්‍රිය නොකරති. එම නිසාම ඔවුන්ට සමාජ රෝග වැළඳීමේ සම්භාවිතාව වැඩිය. ඉතාමත් පුළුල් මාතෘකාවක් වන බැවින් අද ගවේෂණය නම් මෙම සමාජ රෝග වැළඳුණු පිරිස හා සමාජ රෝග පිළිබඳ යම් දැනුමක් ඔබට ගෙන ඒමය. එලෙසම ඉදිරියේදී සමාජ රෝගීන් සමාජයෙන් කොන් නොකිරීමටත් ඔබත් ඉන් ආරක්‍ෂාවීමටත් මෙය රුකුලක් වනු ​නොඅනුමානය.
   
සමාජ රෝග කියූ පමණින් ඔබගේ මතකයට එන්නේ ‘‘ඒඩ්ස්’’ බව නොඅනුමානය. නමුත් ඒඩ්ස් යනු එක් රෝගයක් පමණි. එය භයානකම රෝග තත්ත්වය වන නමුත් අනෙක් රෝගවලට වඩා ඇතැම් විට සැනසිලිදායකය. ලිංගාශ්‍රිතව තිබිය හැකි රෝග වර්ග 6 වේ. එනම් එච්.අයි.වී./ ඒඩ්ස් නොහොත් මානව ප්‍රතිශක්ති ඌණතා ​වෛරසය (HIV/ AIDS), ගොනෝරියා හෙවත් සුදු බිංදුම (Gonorrhea), සිෆිලිස් හෙවත් උපදංශය (Syphilis), ක්ලැමිඩියා (Chlamydia), හර්පීස් (Herpes) සහ ලිංගික ඉන්නන් (Human Paphilloma Virus) වේ. මෙම රෝග තත්ත්වයන් එකිනෙකට වෙනස් නමුත් සියල්ලම ඔබගේ ලිංගික අවයවයන්ට ප්‍රබලවම බලපාන බැවින් ශරීරයේ දැනෙන වේදනාව හා අපහසුතාව ඉතාමත් දිග-කාලයක් පුරා පවතියි.  


මෙම රෝගවල උපරිම තත්ත්වය නම් එ්ඩ්ස් වන අතර වර්තමානයේ ඒඩ්ස් වැළඳුණු කෙනකුට ප්‍රතිකාර මගින් රෝගය පාලනය කරමින් ඒඩ්ස් නොමැති සහකාරියක සමග සංවාසය කිරීමෙන් නිරෝගී දරුවකු පවා පිළිසිඳවා ගත හැක. මෙම විෂය තරමක් පුළුල් හා සංකීර්ණ වන බැවින් සාරාංශයක් ලෙස ඔබට සමාජ රෝග පිළිබඳ අවශ්‍ය ඕනෑම දැනුමක් ලබාගැනීමට ළඟම තිබෙන මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනයට හෝ කොළඹ 10 ද සේරම් පටුමගේ පිහිටා ඇති ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ආයතනයට යා හැක.   


මේ වනවිට ලංකාවේ සමාජ රෝගීන් ගණන ක්‍රමයෙන් වැඩිවෙමින් තිබෙන අතර නිසි දැනුමක් නොමැතිකම හා අනාරක්‍ෂිත ලිංගික ඇසුර ඊට හේතුවී ඇත. සොඳුරු යෞවනය අඳුරු වී ගිය ජීවිතවල යථාර්ථය වටහා ගෙන සමාජ රෝග බෙදන අසහනකාරයන්ගෙන් පරිස්සම් වෙමු.   


කොට්ටාවේ පදිංචි හර්ෂ යනු උසස් පෙළ හදාරන පාසල් සිසුවෙකි. වර්තමාන රැල්ලට අැබ්බැහි වූ ඔහු අතටද ස්මාර්ට් ජංගම දුරකථනයක් ලබාදී ඇත්තේ ඔහුගේම දෙමව්පියන් විසිනි. රිසි සේ නිදහසේ යනෙන ඕනෑම තැනකදී ඔහු අන්තර්ජාලය භාවිත කිරීමට හැකිවූ නිසාවෙන් ඔහු නිල් චිත්‍රපට බැලීමට පුරුදුවූයේ සාමාන්‍ය පෙළ හදාරණ අවධියේය.  


එම නිසාම ඔහු එම ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට හැමවිටම නොඉවසිල්ලෙන් සිටි කලදී එම නිසාම ඔහුගේ මුහුණු පොත හරහා මිතුරු ඇරයුමකින් සම්බන්ධ වූයේ විසි හතර වියැති විවාහක කාන්තාවකි. ඇයගේ සැමියා විදෙස් රටක සේවය කරන බැවින් ඇය අනියම් ඇසුරක් හා වින්දනයක් පතා හර්ෂ සමග කුලුපග වූවාය. එහි ප්‍රතිඵලයක් ලෙස හර්ෂ තම ජීවිතේ ප්‍රථම ලිංගික අත්දැකීම ලැබුවේ පන්ති යන මුවාවෙන් ඇයගේ නිවසට රිංගූ පසුවය.  


සැමියා පිටරට බැවින් ඇයද පැහැපත් යහපත් ලෙස පෙනුණු බැවින් ආරක්‍ෂිත ක්‍රම භාවිතා කරමින් වුව හැසිරෙන්නට ඔහු සිතුවේ සමාජ රෝග හැදීමට තරම් කිසිදු සාධාරණ හේතුවක් ඔහුට නොපෙණුනු හෙයිනි. කෙසේ හෝ දින දෙක තුනක් යන විට ඔහුගේ ලිංගික අවයවයෙහි කුඩා තුවාලයක් හට ගැනුණි. ලජ්ජාව නිසාම ඔහු ඒ පිළිබඳ නිවසට ​ෙහා් මිතුරකුටවත් කීවේ නැත. නමුත් ඔහු මිතුරියට පැවසුවද ඇය කී​ෙව් එවැනි කිසිදු රෝගයක් තමන්ට නැති බවත් එය ඔහුද එදින හොඳ හැටි දුටු බවත්ය.   


කෙසේ හෝ ඊළඟ දිනය වනවිට ඔහුගේ ​ෙව්දනාව වැඩිවූයෙන් ඔහු අන්තර්ජාලය මගින් විස්තර සොයන්නට විය. පසුව ඔහු ළඟම පිහිටි මහරෝහලේ සායනයට ගියේ කාටත් හොරෙන් තමාව අඳුනාගත නොහැකි ලෙස හැඳ පැළඳ​ෙගනය. එහිදී ඔහුගේ රුධිර පරීක්‍ෂා සහ අදාළ වෙනත් පරීක්‍ෂණ සිදු කළ පසු ඔහුට සිෆිලිස් හෙවත් උපදංශය වැළඳී ඇති බව නිගමනය කරන ලදී. මෙය ප්‍රබල වෛරසයකි. Treponema Pallidum ලෙස හඳුන්වන මෙම වෛරසය රෝගී තත්ත්ව 3 ක් යටතේ ශරීරයේ සැරිසරයි. මෙම තුවාලය වෙනත් ඕනෑම තැනක වුව ඇතිවිය හැකි අතර එය කැඩුණු පසු එම විෂබීජ වෙනත් කෙනෙකුගේ ඇඟේ තැවරීම මගින් පවා නිරෝගී පුද්ගලයකුට බෝ විය හැක.   
කරුණු කාරණා සොයා බැලීමේදී හර්ෂ අනියම් ඇසුර පැවැත්වූ කාන්තාවට සිෆිලිස් වෛරසය ආසාදනය වී තිබුණි. ඇය එහි දෙවන අවධියේ සිටි බැවින් ඇගේ මුඛයේ තිබූ තුවාලයක් මගින් හර්ෂට එය බෝවී තිබුණි. ඔබ කොතරම් ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කළද ඇතැම් සමාජ රෝග මුඛ සිප ගැනීම් තුළින් පවා ඇතිවිය හැකි බව මතක තබා ගන්න.   
එලෙස ආසාදිතයකුගේ එම රෝගී ස්‍රාව ඔබේ ශරීරයේ පුංචි සීරීමක හෝ තැවරුනහොත් ඔබ ද ආසාදිතයකු බවට පත්වේ. එය ශ්‍රාව හෝ රුධිරය මගින් විය හැක. නමුත් මුඛයේ තුවාල නොමැති විටක කෙළ මගින් ආසාදනය නොවන බව දැනගන්න. එසේ කෙළ මගින් ආසාදනය වීමට නම් කෙළ ලීටර 7 ක් පමණ අවශ්‍ය වේ.   


උපදංශයේ පළමු අදියර කුඩා තුවාලයක් වන අතර දෙවන අදියර සිරුරේ දදයක් හෝ මුඛයේ තුවාලයක් විය හැක. තුන්වන අදියරේදී ප්‍රතිකාර මගින් රෝගී ලක්‍ෂණ අඩු වන නමුත් මුළු ජිවිත කාලය පුරා රෝගය තිබිය හැකිය. නිසි ප්‍රතිකාර නොකළහොත් මෙහි සිව්වන අවධිය වන ස්නායු පද්ධතියට හානිවීම සිදුවේ.  


සෑම සමාජ රෝගයක්ම පාහේ ප්‍රතිජීවක ඖෂධ මගින් පාලනය කරනු විනා නිට්ටාවටම සුව කිරීමට නොහැකිය. හර්පීස් වැනි ​රෝග මතුපිට ලක්‍ෂණ නොපෙන්වාම වෙන කෙනෙකුට ආසාදනය විය හැකිය. එලෙසම ඒඩ්ස් වැනි රෝග තම ශරීරයට ඇතුළුවී වසර ගණනක් ගිය පසු රෝගී තත්ත්වය මතුවීමට ද ඉඩ හැකිය.  

 
එම නිසාම නිල් චිත්‍රපට බැලීම හා කාමුක කාන්තාවන් සමග රති සුවය විඳීම කොතරම් ආරක්‍ෂිතව සිදු කළත් ඉතාමත් සුළු අවස්ථාවකදී ඔබ කිසිසේත්ම නොසිතන ලෙසකින් සමාජ රෝග බෝවිය හැකිය.

  
මන්ද සෑම සමාජ රෝගයකම බාහිර ලක්‍ෂණ ශරීරය මතුපිටින් නොපෙනෙන හෙයිනි.

  
වෛද්‍යවරයකු මාර්ගයෙන් අප සම්බන්ධ කරගත්තේ එච්.අයි.වී. ආසාදනය වූ විසි දෙහැවිරිදි තරුණයෙක් සමගය. ලංකාවේ ඒඩ්ස් ආසාදිතයන් තුන්දහසකට අධික ප්‍රමාණයක් ජීවත්වන අතර සෑම කාර්තුවකම පාහේ අලුතින් රෝගීන් 50 ක් පමණ එකතු වේ. මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය මගින් සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල කිරීම නිසා විවිධාකාර රෝගවලට ගොදුරුවීම සිදුවේ.   


සරලව කිවහොත් අපගේ ශරීරයේ රෝගකාරකවලට විරුද්ධව සටන් කරන යහපත් සෛල තිබේ. එම නිසා කැස්සක්, හෙම්බිරිස්සාවක් හැදුණද එම යහපත් සෛල විෂබීජ විනාශ කර දමයි. නමුත් ඒඩ්ස් වෛරසය මගින් සිදුවන්නේ එම යහපත් සෛල විනාශ කිරීමයි. එම නිසා ඔබගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය නැතිවේ. සුළු රෝගයක් වුව වසර ගණනක් යනතුරු සුව නොවනු ඇත. එම නිසා ඒඩ්ස් සුව කළ නොහැකි මාරාන්තික රෝගයක් බව මතක තබා ගන්න.   
කළුතර පදිංචි නුවන් යනු මීට මාස 6 කට පෙර ඒඩ්ස් වැලඳුණු කෙනෙක් විය. ඔහු මත්පැන්වලට පවා ඇබ්බැහි නොවූ අයෙකු වුවද ඔහුගේ රැකියා ස්ථානයේ සේවය කරන රූමත් තරුණියක් සමග ඔහු සම්බන්ධකමක් පටන් ගත්තේ රැකියාවට බැඳී වසරක් ගතවීමට ප්‍රථමය.   


කෙසේ හෝ කාලය ගතවූ කල ඔහු ඇය සමග සම්බන්ධතා පැවැත්වූයේ ඇගේ ඉතාමත් කැමැත්ත මතය. රුධිරය දන්දීමේ කඳවුරකදී නුවන්ට ඒඩ්ස් වැළඳී අැති බව දැනගන්නට ලැබුණෙන් ඔහුගේ මුළු ලෝකයම කඩා වැටුණි.   
වර්තමාන තරුණ තරුණියන්ට බොහෝමයකට තිබෙන ගැටලු නම් මෙම ලිංගික මේනියාවයි. පෙම්වතුන් වූ සැණින් කාමරවලට රිංගා තම පිරිසිදු බව නැති කරගනිමින් වින්දනය ලැබීම දෙදෙනාටම අයිතියක් හා මතු දිනක විවාහපත්වන බැවින් වරදක් නැතැයි සිතන අනුවණ චිත්තනය මෙලෙස ඔබවද සමාජ රෝගියකු කරනු නොනුමානය. විවාහයට පෙර සබඳතාවලට ඇරයුම් කරන කෙනකු ඔබගේ ජීවිතයේ සහකරු හෝ සහකාරියවීම පිිළිබඳ දෙතුන් වරක් නොව සියවරක් වුව සිතිය යුතුය.  


ප්‍රථම පෙම්වතා අතින් අපිරිසිදුවූ ඇය නුවන් සමග ලහිලහියේ ශාරීරික සබඳකම් පැවැත්වූයේ එය සිදුවූයේ නුවන් අතින් බව හඟවනු පිණිසය. නමුත් දැන් දෙදෙනාම ඒඩ්ස් ආසාදිතයන් වී ඇත. මෙම රෝගය කිසිදිනක සුවකළ නොහැකි නමුත් යම් කාලයක් වනතුරු පාලනය කළ හැකිය.   


ඒඩ්ස් රෝගය වැළඳුණු මවක් හෝ පියකුට දාව උපදින දරුවන් ආසාදිතයන් නොවන ලෙස මව්කුසයේම ප්‍රතිකාර මගින් සිදුකළ හැකිය. එම නිසාම එවැනි දරුවන් හා කාලය ගත කිරීම ඔවුන්ව ස්පර්ෂ කිරීම හෝ ඔවුන් පාවිච්චි කරන පිඟන් කෝප්ප පාවිච්චි කිරීම මගින් ඒඩ්ස් බෝ නොවන බව මතක තබා ගන්න.   


ඒඩ්ස් යනු රුධිරයට රුධිරය මිශ්‍ර වීමෙන් පමණක් වැළඳෙන රෝගයකි. තවද ලංකාවේ බොහෝ තරුණයන් මේ වනවිට නිල් චිත්‍රපටවලට ඇබ්බැහි වීම සහ කාන්තා නිරුවතට දැඩි ලෙස ලොල් වීම නිසා තරුණියන්ගෙන් ලිංගික ඇරයුමක් ලැබුණු සැණින් තමා වාසනාවන්තයකු ජයග්‍රහකයෙකු ලෙස සලකා මිතුරන් ඉදිරියේ වීරයෙකු වෙමින් එවැනි සුන්දර රූමත් බාල හෝ වැඩිමහල් කාන්තාවන් සමග ලිංගික ඇසුරට යොමුවෙයි. නමුත් ඔවුන් ක්ෂණයෙන් ඒඩ්ස් රෝගීන් බවට පත්වීම අනිවාර්යයෙන් සිදුවන බවට උදාහරණ අැත.  


බොහෝ විට සමහර ඒඩ්ස් රෝගීන් ඔවුන්ට ඔවුන් සමග ඇති කෝපය නිසා එම රෝගය සමාජයේ බෝ කරවීමට උත්සාහ දරයි. මුහුණු පොත හරහා තරුණයින්ට හමුවන තරුණියන් සේම විවාහක කාන්තාවන් පවා මෙලෙස සමාජ රෝග පතුරවයි. බොහෝ තරුණයන් නොදැනුවත්වම ඇදෙන සම්භාහණ ආයතන යනු සමාජ රෝග බෙදන තවත් හොඳම ස්ථානයකි.   


විශේෂයෙන් එක් තෙරපිවරියක් දිනකට විවිධාකාර පුරුෂයන් හත් අටදෙනකු සමග සිදුකරන වින්දනය තුළ ඔවුන්ගේ අත්වල තැවරෙන ස්‍රාව තුළින් ඔවුන්ගේ ශරීර තුළට විෂබීජ ඇතුළු වී ඒවා නැවතත්  ඊළඟට පැමිණෙන කෙනාට නිතැතින්ම යන හෙයිනි. වර්තමානයේ බොහෝ ස්පා මධ්‍යස්ථාන තුළ ගණිකා වෘත්තිය සිදුකරන බැවින් ලිංගාශ්‍රිත රෝග සායනවලට පැමිණෙන තරුණයින්ගේ ගණන වැඩිය.   


අැතැම් සිනමා ශාලාවලට ගිය තරුණ තරුණියන්ගේ ඇ​ෙඟ් සිරින්ජරයක් ඇනී එමගින් ඒඩ්ස් බෝවන බවටද මතවාද තිබුණි. නමුත් විද්‍යාත්මක ලෙස බැලූ කල එලෙස සිදුවිය නොහැකිය. මන්ද රුධිරය/ වෛරසයට එලෙස බොහෝ වේලා පිටත සිටිය නොහැක. නමුත් නැවුම් රුධිරය එලෙස ශරීරයට ඇතුළු වුවහොත් ඒඩ්ස් බෝවිය හැක.   


ඒඩ්ස් ආසාදිතයකුගේ රුධිරය පාරවිලයන මගින් සේම ඕනෑම විටක ආසාදිත රුධිරය තමන්ගේ ශරීරයේ තුවාලයක තැවරුණහොත් එමගින් රෝගය බෝවිය හැක. නමුත් මුලින් සඳහන් කළ අනෙකුත් රෝග කොතරම් ආරක්‍ෂිත ක්‍රියා භාවිතා කළත් ශරීරයේ තුවාලයක් මත ස්‍රාව තැවරීමකින් හෝ සිපගැනීමකින් පවා බෝවිය හැකි බව මතක තබා ගන්න. ඒඩ්ස් යනු ප්‍රතිශක්තිකරණය විනාශ කරන රෝගයකි. මෙම කතිකා අතරතුර සම්බන්ධවූ වෛද්‍යතුමෙකු මෙලෙස පැවසුවේ ඒඩ්ස් හා දියවැඩියාව යන රෝගවලින් කුමන රෝගය දෙන්නේදැයි දෙවියො ප්‍රශ්නයක් ඇසුවොත් ලබාදෙන පිළිතුර ලෙසටයි. ‘‘මට දියවැඩියාවට වඩා ඒඩ්ස් හැදෙන එක හොඳයි’’ යනුවෙනි. එම වැකියේ​ ගැඹුරු අර්ථය වටහා ගැනීමට නම් ඔබට සමාජ රො​්ග පිළිබඳ පෘථුල දැනුමක් ලබා ගත යුතුවේ.  

 
තම ජීවිතය තුළ විශ්වාසවන්ත එක් සහකරුවෙකු හෝ සහකාරියක් සමග පමණක් තම ලිංගික ජිවිතය ගත කිරීමට වග බලා ගන්න. එලෙසම විවාහයට පෙර ලිංගිකත්ව ආරාධනා කරන සහකරු හෝ සහකාරිය නිතැතින්ම ඔබව විශ්වාස නොවන බවත් මතක තබා ගන්න. ඊට නිදසුන් ලක්‍ෂ ගණනක් ලංකාවෙන් සොයා ගත හැකි බවද මතක තබා ගන්න. ආදරය යනු ලිංගිකත්වය නොවන බැවින් මුහුණු පොත හෝ අන්තර්ජාලය හරහා තම ආශාවන් සපුරා ගැනීමට නොයන්න.   


සමස්තයක් ලෙස සමාජ රෝග බෙදන අසහනකාරයන් වනුයේ විටෙක ඇහැට කනට පේන ඉතාමත් සුන්දර යුවතියක් විය හැක. නැතහොත් ධනය වියදම් කරමින් ඔබට ලක්‍ෂ ගණන් වියදම් කරන කෝටිපති බිරින්දෑවරු විය හැක. අපේ රටෙන් ඒඩ්ස් තුරන් කිරීමට දායකවන්න. සමාජ රෝග පිළිබඳ දැනුම්වත්වන්න. ළඟම සායනයට යන්න. ඔබ සමාජ රෝගයකු වූවත් ​නොවූවත් ඒ පිළිබඳ විස්තර දැන ගැනීමට කිසිසේත්ම ලජ්ජා විය යුතු නැත. එලෙසම තවදුරටත් සමාජ රෝගීන් කොන් කළ යුතු නැත.  

 

 


(නම් ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න)  
විශේෂ ස්තූතිය- කළුබෝවිල මහ රෝහලේ 43 වාට්ටුවේ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ 
වෛද්‍යවරුන් හට   
සටහන  
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු   



අදහස් (0)

සමාජ රෝග බෙදන අසහනකාරයෝ

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 107 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


ඉදිරියෙදි මාව සිනමාව තුළින් දැකගන්න හැකිවේවි - පියුමාලි එදිරිසිංහ
2025 ජනවාරි මස 30 36 0

’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි


මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා - සුරාජ් මාපා
2025 ජනවාරි මස 30 80 0

දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත


මුලින්ම මම හිතුවෙ මල්ලි ක්‍රිකට් වලින් ඉදිරියට යාවි කියලයි - ජනිත් වික්‍රමගේ මල්ලි සංකේත ගැන කියූ කතාව
2025 ජනවාරි මස 30 63 0

මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල


Hiru Star කිරුළ දිනූ චමෝද් කවිශ්ක
2025 ජනවාරි මස 30 39 0

පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.


කාසි වාසි හරහා සැබෑ වුණේ අමන්ද්‍යාගේ ජීවිතේ තිබුණ ලොකුම හීනය ද ? - අමන්ද්‍යා උත්පලී
2025 ජනවාරි මස 30 47 0

ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site