IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


සැමියා සිහිවෙන්න ලංකාවේ රෝහල් වාට්ටුවක් ඉදිකළ එළිසා බේකර් හෙබර්ඩන්

ඉතිහාසයෙන් පිටුවක්

තම ආදරණීය සමීපතයන් මියගිය විට ආගමික වත්පිළිවෙත් ඉටුකර දානමාන පුදකර පිං අනුමෝදන් කිරීම ශ්‍රී ලංකාවාසීන්ගේ සම්ප්‍රදායක සිරිතකි.   


ඇතැම් අය විශාල මුදලක් වියදම් කර දර්ශනීය වූ සිහිවටන ස්මාරක ඉදිකරති. ඒ අතර ලෝක ප්‍රසිද්ධ ටජ්මහල් වැනි ස්මාරකයන් ද වේ. ඒ ඔවුනොවුන්ගේ සිතුම්පැතුම්වල පරිමාව නිසා වන්නට පුලුවන. 

  
ඉංග්‍රීසින් මෙරට පාලනය කළ සමයේ තම ආදරණීය ස්වාමියාගේ වියෝවෙන් කම්පනයට ලක්වූ ඉංග්‍රීසි ජාතික කාන්තාවක් ඔහු සිහිවීම පිණිස අංගසම්පූර්ණ රෝහල් වාට්ටුවක් ඉදිකර රෝහල වෙත ප්‍රදානය කළාය. ඇය ඉංග්‍රීසි ජාතික එළිසා බේකර් හෙබර්ඩන් මහත්මියයි. 


පුංචි එංගලන්තය නැතහොත් නුවරඑළිය රෝහල් සංකීර්ණය තුළින්ද දැකගත හැක්කේ බේකර් වාට්ටුව එළිසා බේකර් මහත්මිය විසින් ඉදිකර පරිත්‍යාග කළ එම වාට්ටුවයි.   


ඉංග්‍රීසි පාලන සමයේ නුවරඑළිය ගොඩනැංවු පුද්ගලයින් අතර සර් සැමුවෙල් බේකර් මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 1848 වසරේදී සර් සැමුවෙල් බේකර් නුවරඑළිය නගරයේ මහගස්තොට කේන්ද්‍රිය කරගෙන අක්කර 1000 කින් යුතු ගොවිපොළක් ආරම්භ කිරීම නුවරඑළිය නගරය ඉංග්‍රීසින්ට අවැසි ලෙස නිර්මාණය කරන්න මහත් රුකුලක් විය. සර් සැමුවෙල් බේකර් තම බේකර් ගොවිපොළට අවශ්‍ය කාර්ය මණ්ඩලය ද සේවකයින් ද ගවයින් ඌරන් ඇතුළු විවිධ සතුන් ද එංගලන්තයේ සිට මෙරට රැගෙන ආවේය.   


ගොවිපොළ පාලනය කිරීම සඳහා ඔහු තම සහෝදරයන් දෙදෙනෙකු වූ ජෝන් ගාලන් බේකර් හා වැල්ටයින් බේකර් ද මෙරට කැඳවාගත්තේය.   


ජෝන් ගාලන් බේකර් සමග ඔහුගේ බිරිඳ වු එලිසා බේකර් මහත්මිය ද සැමියා තම ස්වාමියාගේ කටයුතු සහාය දක්වා ඇත. යෞවනයේ විසූ ජෝන් ගාලන් බේකර් හා එළිසා බේකර් සර් සැමුවෙල් බේකර් මහතාගේ ගොවිපළේ කළමනාකරණයට දායකත්වය දැරීම නිසාම ගොවිපොළ ඉතා සාර්ථක ගොවිබිමක් වී ඇත. අද අප උඩරට එළවළු ලෙස භාවිත කරන කැරට් ලීක්ස් බීට් අර්තාපල් ඇතුළු ඉංග්‍රීසි එළවළු අප රටට ආදේශ කර ඇත්තේ මෙම ගොවිපොළ තුළිනි.   


අවුරුදු 24 ක වයසැති දේශ ගවේෂකයෙකු ලෙස නම් දරා සිටි සර් සැමුවෙල් බේකර් අවුරුදු 18 ක් මෙරට තම ගොවිපොළේ කටයුතු කර 1866 දී යළි ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත. ඉන්පසු නුවරඑළියේ පිහිටි බේකර් ගොවිපොළේ කටයුතු ඔහුගේ සොහොයුරන් දෙදෙනා වූ ගාලන් බේකර් හා වැල්ටයින් බේකර් යන දෙදෙනා කරගෙන ගියහ.   


මේ කාලය තුළ මෙරට විවිධ ප්‍රදේශවල රාජකාරිවල නියුක්ත වූ ඉංග්‍රීසිහු නුවරඑළියේ ඉඩම් මිලිදීගෙන තම ස්ථීර නිවාස ඉදිකරගැනුමට කටයුතු කර ඇති බව අනාවරණය වේ.   


නුවරඑළිය නගරය තුළ පදිංචි වූවන් පිළිබඳව 1881 වසරේදී කරන ලද ජන සංගණනයේදී නගරයේ නිවාස 262 ක් වශයෙන්ද පවුල් 270 ක් ලෙස ද පදිංචි ජනගහනය 1791 වූ බවට ඉතිහාස තොරතුරු කියැවේ. මෙම ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු සඳහාත් සොල්දාදුවන්ගේ අවශ්‍යතා සඳහා නගරයේ කුඩා රෝහල් පවත්වාගෙන ගොස් ඇති අතර දැනට නුවරඑළිය රෝහල් සංකීර්ණය 1880 දශකයේදී පමණ ආරම්භ වූවක් බව පෙනේ.   


මෙම වකවානුව තුළ වාර්තාවන අයුරින් ජෝන්ගාලන් බේකර් මහතා 1883 පෙබරවාරි මස 23 දින වයස අවුරුදු 61 ආයුවිද මිය ගොස් ඇත. සම වයසේම වූ එළිසා බේකර් හෙබර්ඩන් මහත්මිය තම ස්වාමියාගේ හදිසි වියෝවෙන් කම්පනයට පත්ව තම ආදරණීය ස්වාමියා වෙනුවෙන් 1895 වසරේදී සියලු පහසුකම් සහිත රෝහල් වාට්ටුවක් ඉදිකර රෝහල ප්‍රදානය කර ඇත.   

 

එම රෝහල් වාට්ටුව තුළ රෝගීන් කීපදෙනකුට නිවසක ගත කරන අයුරින් තම රෝගයන් සඳහා ප්‍රතිකාර ලබාගැනුමට පහසුකම් සකසා තිබිණ. මෙම බේකර් වාට්ටුව තුළ අංග සම්පූර්ණ පුස්තකාලයක්ද පවත්වාගෙන ගොස් තිබුණි. මෙම ලියුම්කරු කුඩා අවදියේ මෙම බේකර් වාට්ටු සංකීර්ණය අංගසම්පූර්ණ පැවති අයුරු දැකගැනුමට වාසනාව ලැබු අයෙකි.   


කෙසේ වුවත් තම ස්වාමියාගේ අභාවයෙන් කම්පනයට හා තනිකම උරුම එළිසා බේකර් මහත්මිය 1896 නොවැම්බර් 01 දා අවුරුදු 75 ක් ආයු විඳ දෙවියන් තුරුලට එක්වූවාය.   

 

 

අවුරුදු 123 ක් වූ බේකර් වාට්ටුව අද නුවරඑළිය මහරෝහල කාර්ය මණ්ඩලයේ දූ දරුවන්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන යයි.   


ජෝන් ගාලන් බේකර් හා එළිසා බේකර් හෙබර්ඩි යන යුවලගේ සොහොන නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව දේවස්ථානයට අයත් සුසානයේදී අප කාටත් දැකගත හැක.   


තම ස්වාමියා වෙනුවෙන් අර්ථවත් වූ සිහිවටනයක් නිර්මාණ කළ එළිසා බේකර් මහත්මිය අද දවසේ අපට පාඩමක් කියා දෙන්නීය.  

 

 

 


ඡායාරූප හා සටහන   
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි   

 



අදහස් (0)

සැමියා සිහිවෙන්න ලංකාවේ රෝහල් වාට්ටුවක් ඉදිකළ එළිසා බේකර් හෙබර්ඩන්

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 21 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 16 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 95 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 109 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 80 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 56 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site