IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවලට බුදුගුණ එකතු කරගන්න

මෙවර 2019 අප්‍රේල් මස 14 වන ඉරිදා ප.ව. 02.09ට සිංහල අළුත් අවුරුද්ද උදාවෙයි.   


බුදුගුණ සිහිකිරීම   


සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර වෙනුවෙන් පෙළගස්වා ඇති නැකැත් වේලාවන් උදාවන විට තෙරුවනට පහනක් දල්වා එම කටයුතු ආරම්භ කිරීමෙන් මහත්පල ලැබේ.   


පුණ්‍ය කාලය   


2019 අප්‍රේල් මස 14 වන ඉරිදා පෙ.ව. 07.45 සිට එදින ප.ව. 08.33 දක්වා පුණ්‍ය කාලය උදාව පවතියි.   


ආහාර පිසීම   


2019 අප්‍රේල් මස 14 වන ඉරිදා ප.ව. 02.42 රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා තෙරුවනට පහනක් දල්වා පහත සඳහන් ගාථාව තුන්වරක් කියා නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක් සහ ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි මිශ්‍ර අග්ගලා සහ කැවුම් පිළියෙල කර ගැනීමට ඉතා ශුභය.   


ගාථාව   


නමෝතස්ස..   
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා   
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තුමේ   
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා   
සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තුමේ   
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා   
සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තුමේ   


බුද්ධ පූජාව   


නව වසරේ කිරිබත පිස ගැනීමෙන් පසුව දහවල් 12 න් පසු නිසා ගිලන්පස බුද්ධ පූජාවක් තබා කරණීය මෙත්ත සූත්‍රය කියා දෙවියන්ට සහ මිය පරලොව ගිය ඥාති හිතමිත්‍රාදීන්ට පිං දෙන්න.   


සූර්ය නමස්කාරය 

 
ඉන්පසු අලුත් ගොක් අත්තකින් රවුම් මල් පැලක් සාදා නැගෙනහිර දිසාව බලා නැගෙනහිර දිසාවේ සිටqවන්න.   


එම මල් අතු පැලේ උස අඩි 4 1/2 ක් විය යුතුය.   


කොළ පාට ගොක් අතු වලින් මල්පැල සාදන්න එපා.   


ඉන්පසු අලුත් ගොක්අතු මල් පැලේ රවුම් පිත්තල තැටියක් තබා රවුමට කැපූ කෙසෙල් කොළයක් එලා එලඟි තෙල් පහනක් රතු මල් සුවඳ දුම් සහිතව කිරිබත් කෙසෙල් ගෙඩි පලතුරු පූජාවක් තබා පහත සඳහන් දැහැන කියා සූර්ය නමස්කාරය කළ හැකිය.   


එසේ කිරීමෙන් මුළු නවග්‍රහ මණ්ඩලයෙන්ම එන ග්‍රහ අපල අඩුවන බවට භාරතයේ විශ්වාසයක් පවතියි.   


සූර්ය දැහැන   


සූර්ය දේවතාවා නමඃ   
සූර්ය ​දේවතාවා නමඃ   
සූර්ය දේවතාවා නමඃ   


3 න් වරක් 07 වරක් හෝ 21 වරක් කීම ශුභයි' ඉන්පසු සූර්ය තන්ත්‍ර මන්ත්‍රය   


ඕම් හ්රාම්, හරීම්, හ්රවුම් සාහ් සූර්යයං නමඃ   
(මෙය 21 වරක් කියන්න) 

 
ආහාර අනුභවය

   
2019 අප්‍රේල් 14 වන ඉරිදා ප.ව. 03.54 ට රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පහත සඳහන් ගාථාව කියා තෙරුවනට පහනක් දල්වා නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවයට ඉතා ශුභය.   


ගාථාව   


නමෝතස්ස   
යං කිංචි විත්තං ඉධවාහුරංවා   
සග්ගේසු වායං රතනං පණීතං   
නනෝ සමං අත්ථි තථාගතේන   
ඉදම්පි බුද්ධේ රතනං පණීතං   
ඒතේන සච්චේන සුවත්ථි හෝතු   
03 වරක් කියන්න.   
හිස තෙල් ගෑම   


2019 අප්‍රේල් මස 17 වන බදාදා පෙ.ව. 07.40 ට නැගෙනහිර දිශාව බලා තෙරුවනට පහනක් දල්වා පහත සඳහන් ගාථාව කියා නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොළොන් පත්ද තබා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කො​හොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද හා ස්නානය කිරීමට ඉතා ශුභය.   


නමෝතස්ස   
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ   
අහෝසි මාරස්ස පරාජ යෝහි   
උග්ඝෝසයුං දේව ගණා පස්සනා   
ඒතේන සච්චේන ජයස්සු මය්හං   


07 වරක් කියන්න   


රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම   


2019 අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා නැගෙනහිර දිසාව බලා පළාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා තෙරුවනට පහනක් දල්වා පහත සඳහන් ගාථාව කියා හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරිබතක් අනුභව කර පෙ.ව. 04.52 ට නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම ඉතා ශුභය.   


ගාථාව   


නමෝතස්ස   
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා   
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තුමේ   
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා   
සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තුමේ   
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා   
සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තුමේ   


(03 වරක් කියන්න)   


බුදුගුණ   


ඉහත සඳහන් සේ සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර වලට බුදුගුණ මුසුකර ගැනීමෙන් ගත සිත දෙකම ප්‍රබෝධමත් වී අපල උපද්‍රව දුරු වේ. අත් දැක ඇත.   

 


ඔබට සුභ නව වසරක් වේවා!   

 

 


ජ්‍යොතිර්වේදී   
වසන්ත කුරුප්පු   
රම්මුතුගල, කඩවත   

 



අදහස් (0)

සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවලට බුදුගුණ එකතු කරගන්න

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
2024 සැප්තැම්බර් මස 05 22 0

විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.


’’ලියෝ ’’ එක්ක ගත කරන කාලය හිතට සැනසීමක් - යශ් වීරසිංහ
2024 සැප්තැම්බර් මස 05 21 0

යෂ් කියන විදියට සුරතල් සතෙක් ඇතිකරනවා කියන්නේ, ලොකු වගකීමක්. එයා වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන්නවීමයි ඊට හේතුව. ඒ සතාට අවශ්‍ය ආදරය ලබා දෙන්න පුළුවන් න


වන වදුලට වසන්තය උදා කළ පොරමොලා - පාලිත සිල්වා
2024 අගෝස්තු මස 23 105 0

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එක ලෙසම ජය ගත් නළුවන් සිටින්නේ අතළොස්සකි. පාලිත සිල්වා ඒ අතළොස්සේ ඉදිරියෙන්ම හිඳින විශිෂ්ටයෙකි.


මම පුතාට හොඳ යාළුවෙක් - තුමිඳු දොඩන්තැන්න
2024 අගෝස්තු මස 23 194 0

ඔබ බෙහෙවින් ආදරය කරන අමෙ ආදරණීය රංග ශිල්පියා වසර දෙකකට විතර ආසන්න කාලයක් ලංකාවේ හිටියේ නැහැ.


හැඩට දුවන DINARA
2024 අගෝස්තු මස 23 76 0

සමාජ මාධ්‍යයේ වගේම මලල ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් ඇති බොහෝ දෙනා අතර මේ තුරුණු ක්‍රීඩිකාව ජනප්‍රියව සිටින්නේ මෙරට මලල ක්‍රීඩා පිටියේ සිටින ලස්සනම ක්‍ර


වඩාත් වැදගත් වන්නේ සවිඥානිකව වැඩ කිරීමයි - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු විශ්‍රාමික නාවික රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා
2024 අගෝස්තු මස 07 81 0

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආරක්ෂක සේවා අංශයේ හිටපු ක්‍රිකට් සභාපති සහ විශ්‍රාමික හමුදා නිලධාරියකු වන නාවික රියර් අද්මිරාල


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site