IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


හින්දු වැසියන්ට අගයක් නැති කිරිගරුඬ සොහොන් ගැබ ටජ්මහල

ලෝකයාට පුදුමයක් වුණු ලෝකයේ පුදුම 7

ලෝක පුදුම යනුවෙන් හැඳින්වෙන්නේ, මිනිසා විසින් නිර්මාණය සිත් අදහා ගත නොහැකි, ඉතා අපූරු ඉදිකිරීම් සහ නිර්මාණය. ගොඩනැගිලි, ප්‍රතිමා, ස්මාරක ආදිය මෙම පුදුම අතරට ඇතුළත්ය. ලෝකයේ ඉපැරණි පුදුම 7 සහ නූතන පුදුම 7 යනුවෙන් ලැයිස්තු දෙකකි. නූතන පුදුම 7 නම් කිරීම සිදුවූයේ 2007 වසරේ දීය. ඒ, ‘ද නිව් සෙවන් වොන්ඩර්ස් ෆවුන්ඩේෂන්’ (නව පුදුම 7 පදනම) නමැති ස්විස්ටර්ලන්තය කේන්ද්‍ර කර කොටගත් ආයතනයයි. නූතන යුගයේ ලොව පුරා දකින්න ලැබෙන සුවිශේෂී ඉදිකිරීම්, ස්මාරක, ප්‍රතිමා ආදී 200ක් (සීගිරිය පවා මීට ඇතුළත් වුවත් නව පුදුම හතට එය ඇතුළත් නොවිණි.) අතරින්, හතක් තෝරා ගෙන ඒවා නවීන ලෝකයේ පුදුම හත එසේත් නැතිනම් ‘නව පුදුම හත’ යනුවෙන් නම් කිරීම සිදුවිය. එය සිදුවූයේ අන්තර්ජාලය සහ දුරකතන මාර්ග ඔස්සේ, 2001 වසරේ සිට 2007 වසර තෙක් සිදුකළ ජනමත විමසුමකිනි. ලොව සෑම කෙනකුම පාහේ මෙම ජනමත විමසුමට එක් වූහ. අන්තර්ජාලය ඔස්සේ එක් අයකුට එක් ඡන්ද අවස්ථාවක් පමණක් ලැබුණ අතර, දුරකතන ඔස්සේ කෙනකුට කැමති ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලබා දී තිබුණි. ලොව පුරා මිලියන 100ක පිරිසක් මීට දායක වූහ. ඒ අනුව, තෝරා ගත් ‘පුදුම 7’ 2007 වසරේ ජූලි මස හත් වැනිදා (2007/07/07) පෘතුගාලයේ ලිස්බන් නුවරදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. 

 

ටජ්මහල ආදරයේ සංකේතයයි. යුනෙස්කෝ ලෝක උරුමයක් ද වන ටජ්මහල පිහිටා ඇත්තේ අසල්වැසි ඉන්දියාවේය. නූතන පුදුම හතට අයත් අපට ආසන්නයෙන්ම ඇති ‘පුදුමය’ වන්නේ ද ටජ්මහලය. මෙය කිරිගරුඬ සොහොන් ගැබකි. ටජ්මහල සම්බන්ධයෙන් කනගාටුදායක පුවත් මේ වනවිට අසන්න ලැබෙයි. ඒ, එහි ඇති කිරිගරුඬ පැහැය කෙමෙන් කෙමෙන් වෙනස් වෙමින් පවතින බවත්, එය අවර්ණ කොළ පැහැයක් ගන්නා බවත්ය. ටජ්මහල පිහිටා ඇත්තේ යමුනා නදිය අසබඩය. යමුනා නදිය මේ වනවිට දූෂණය වී ඇත. ඒ, ඊට එක් කරන අපද්‍රව්‍ය හේතුවෙනි. නදිය මෙසේ දූෂණය වීම, ටජ්මහලට අනතුරකි. ටජ්මහල අව පැහැ ගැන් වී ඇත්තේ මේ නිසාය. එපමණක් නොව, අපවිත්‍ර නදිය ආශ්‍රිතව කෘමි සතුන් බෝ වී ඇති අතර උන් ටජ්මහලේ බිත්තිවල වැසීම හේතුවෙන් ද ටජ්මහල අව පැහැ ගැන්වෙන බව පැවැසෙයි. ටජ්මහලේ පැහැය වෙනස්වීම් සම්බන්ධයෙන් ඉන්දියානුවන් බොහෝ දෙනා ඉන්දීය මධ්‍යම රජයට පමණක් නොව, ටජ්මහල පිහිටි අග්‍රා අයත් නවදිල්ලි බලධාරීන්ට කනස්සල්ල පළ කර ඇත. කෙසේ නමුත් එයින් ඵලක් නොවිණි. ඒ අනුව, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊට මැදිහත් විය. ටජ්මහලේ පැහැය වෙනස් වීම සම්බන්ධයෙන් වහා සොයා බලා, එය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය රජයට නියෝග කළේය. ඉන්දීය විශේෂඥයන්ට ටජ්මහල ආරක්ෂා කරගැනීමට නොහැකි නම්, විදෙස් විශේෂඥයන් ගෙන්වා හෝ එය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය. ටජ්මහල මුස්ලිම් අධිරාජ්‍යයකු විසින් ඉදිකළ සොහොන් ගැබකි. ඉන්දියාවේ හින්දු බහුතරය ටජ්මහල ආරක්ෂා කරගැනීමට තැකීමක් නොකරන්නේ එහෙයිනි. එපමණක් නොව, ටජ්මහල පිළිබඳ ඉතිහාසය, පාසල් ඉතිහාස පොත්වලින් ඉවත් කිරීමට ද හින්දු ජාතිකවාදීන් කටයුතු කර ඇති බව පැවැසෙයි. 


නූතන පුදුම 7ට අයත් ටජ්මහල ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටි සොහොන් ගැබකි. මෙය කිරිගරුඬ මන්දිරයකි. ටජ්මහල ඉදිකර ඇත්තේ ෂා ජහාන් මෞගල් අධිරාජ්‍යයාය. ඒ, ඔහු බෙහෙවින් ආදරය කළ ඔහුගේ දේවිය මුම්ටාස් මහාල්ගේ දේහය තැන්පත් කිරීම සහ ඇය සිහිවීම සඳහාය. ඉන්දියාවේ, ඉස්ලාමීය ගෘහ නිර්මාණ කලාවේ මහිමය ලොවට කියාපාන සංකේතය ටජ්මහලය. ටජ්මහල ඉදිකර ඇත්තේ පර්සියානු (වර්තමානයේ ඉරානය), තුර්කිය සහ ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පීන්ගේ එකමුතුවෙනි. 

 


1983 වසරේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ටජ්මහල නම් කෙරුණි. ටජ්මහල ගොඩනැගිලි සංකීර්ණයකි. කිරිගරුඬ බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය ලෙස සැලකෙයි. ටජ්මහලේ ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන් දහස් ගණනකගේ දායකත්වයෙන් 1653 දී පමණ ඉදිකිරීම් අවසන් වූ බව පැවැසෙයි. ෂා ජහාන් අධිරාජ්‍යයාගේ මඟපෙන්වීම යටතේ, ඉදිකිරීම්වලට දායක වුණු ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පීන් ලෙස සැලකෙන්නේ අබ් උල් කරීම්, මාමුර් ඛාන්, මක්‍රමත් ඛාන් යැයි ද පැවැසෙයි. ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස සැලකෙන්නේ උස්ටාඩ් අහමඩ්ල හාවුරිය. ෂා ජහාන් මෞගල් අධිරාජ්‍යයාගේ එකම බිරිඳ මුම්ටාස් දේවිය නොවීය. කෙසේ නමුත් ඔහු වැඩියෙන්ම ආදරය කළ දේවිය ඇයයි. ටජ්මහල ප්‍රේමයේ සංකේතයක් ලෙස ද සැලකෙන්නේ එහෙයිනි. මුම්ටාස් දේවිය, ෂා ජහාන් අධිරාජ්‍යයාගේ තෙවැනි බිරිඳ ය. ඇය 1631 වසරේ දී මියගියේ දරු උපතේදී ය. ඇගේ වියෝව ෂා ජහාන් අධිරාජ්‍යයාට මහත් කම්පනයක් ගෙන දුන්නේ යැයි ඉන්දීය ඉතිහාස කතාවල සඳහන් වෙයි. 


ටජ්මහල් ගොඩනැඟිලි සංකිර්ණයේ ප්‍රධාන අංගය ලෙස සැලකෙන සොහොන් ගැබ සුදු පැහැති විශාල චතුරස්‍රාකාර පාදමක් මත ඉදිකර තිබේ. මෙය බොහෝ මෞගල් ගොඩනැඟිලි මෙන්ම ඉවාන් හෙවත් ආරුක්කු හැඩැති දොරටුවකින්, විශාල බුබ්බුලාකාර කොතකින් සහ කොත් කැරැල්ලකින් සමන්විතය. පාදමේ සැකිල්ල ඉතා විශාල වූත් කුටීර සහිත අසමමිතික අෂ්ටාස්‍ර හැඩයක් ගනී. මෙහි එක පැත්තක් මීටර් 55 (අඩි 180) පමණය. මෙම සෑම පෙදෙසකින්ම විශාල ආරුක්කු මාර්ග තනා ඇති අතර ආරුක්කු හැඩැති සඳළුතල නිමවා ඇත්තේ ගොඩනැඟිල්ලේ සෑම පැත්තක්ම සමමිතික වන අයුරිනි. ප්‍රාසාද හතරක් ගොඩනැගිල්ලේ පාදමේ කොන් හතරේ පිහිටයි. ප්‍රධාන කුටීරයේ මුම්ටාස් දේවිය පමණක් නොව, ෂා ජහාන් රජුගේ ‘බොරු’ සොහොන් ගැබ ඉදිකර ඇත. සැබෑ සොහොන් ගැබ ඇත්තේ ඊට පහළිනි. 


කිරිගරුඬ බුබ්බුලාකාරය මෙම මන්දිරයේ විශේෂම අංගය වේ. එය මීටර් 35 (අඩි 155) පමණ උසය. මෙය සිලින්ඩරාකාර හැඩැති මීටර් 7 (අඩි 23) පමණ උස සිංගාරමක් මත පිහිටයි. මෙහි හැඩය නිසාම ලූනු ගෙඩියේ හැඩය ගත් බුබ්බුලාකාරය ලෙස හදුන්වයි. එහි මුදුන නෙළුම් මල් මෝස්තරයෙන් නිමකර ඇත. මෙම බුබ්බුලාකාරයෙහි හැඩය ඉස්මතුවීම සඳහා තවත් කුඩා බුබ්බුලාකාර සතරක් කොන් සතරෙහි නිමකර ඇත. එහි වහලය ස්ථම්භවලින් ඔසවාගෙන ඇති අතර එමඟින් ආලෝකය ගොඩනැඟිල්ල තුලට ගමන් කරයි. ප්‍රධාන බිත්ති අග උල් වූ තුඩුවලින් අලංකාර කර ඇති අතර එමඟින් ගොඩනැඟිල්ලට උස් බවක් එක්වී ඇත. බුබ්බුලාකාරය මත සාම්ප්‍රදායික හින්දු සහ පර්සියන් මෝස්තරයෙන් හැඩ ගැන්වූ කොත් කැරැල්ලකි. මෙම කොත් කැරැල්ල මුලින් රත්‍රන්වලින් නිමවා ඇති අතර 19 සියවස මුල් භාගයේදී එය තඹවලින් නිමවූ කොත් කැරැල්ලකට ප්‍රතිස්ථාපනය කර ඇත. මෙයට හින්දු හා පර්සියන් නිර්මාණ ශෛලියන් මුසු වී ඇති අතර මෙහි මුදුනේ හඳක හා ඉස්ලාමීය නිර්මාණයකින් යුක්ත වේ. මෙම නිර්මාණයේ හදේ තුඩු හා කොතෙ තුඩු එක්වූ කල ශිව දෙවියන්ගේ සලකුණක් වන ත්‍රිශූලය සිහි කරවනු ලබයි. බුබ්බුලාකාරය හා තැන්පත් ගර්භය තුළ වැලිගල් සහිත මතුපිටෙහි විශිෂ්ට ජ්‍යාමිතික චිත්‍ර, කතිර රටා හා කැටයම්වලින් සමන්විතය. සුදු පැහැති ඔබ්බවන ලද කැටයම් වැලිගල් මතද කළු පැහැති ඔබ්බවන ලද කැටයම් කිරිගරුඬ මත ද නිමකර තිබේ. හුණු බදාමයෙන් කළ කොටස් විචිත්‍ර ලෙස වර්ණ ගන්වා ඇති අතර පොළොව සඳහා එකින් එකට වෙනස් වූ පිඟන් ගඩොල් රටා යොදාගෙන ඇත. පහළ මට්ටමේ ඇති බිත්ති පේකඩ නම් මුර්ති නිර්මාණ ශිල්පයෙන් අලංකාර කර ඇත. මෙහි කිරිගරුඬ පසුබිම ඔප දමා ඇති අතර එමඟින් කැටයම් වඩාත් විස්තර සහිතව දිස්වෙයි. පහළ බිත්ති කොටස්, ආරුක්කු දෙපස කොටස් ජ්‍යාමිතික හැඩ, මල් හා පලතුරු වැල්වලින් අලංකාර කර ඇති අතර මේ සඳහා සුර්යකාන්ත පාෂාණය, හරිතමණි පාෂාණය හා කහ ගරුඬ යොදාගෙන ඇත. 

 

 

 

 


ලුසිත ජයමාන්න 
විකිපීඩියා ඇසුරිනි 



අදහස් (0)

හින්දු වැසියන්ට අගයක් නැති කිරිගරුඬ සොහොන් ගැබ ටජ්මහල

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 22 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 16 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 96 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 110 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 80 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 56 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 199 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 460 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site