IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


හඳහන් නොගැළපී විවාහ ​ෙවන දූ පුතුන්ට

විවාහ ජීවිතයට ඇතුළුවන ක්‍රම දෙකක් තිබේ. ඒ යෝජනාවකින් විවාහ වීම හා ප්‍රේම සම්බන්ධයකින් විවාහ වීමයි. මේ ක්‍රම දෙකේම පිරිස ආසන්න වශයෙන් සමානව සිටින බව පෙනේ. හඳහන් බලා විවාහ වන්නේ දෙදෙනා අතර ගැලපීම හරියාකාරව ඇති කර ගැනීමටය. බොහෝ තරුණ තරුණියන් දැකීමෙන් ඔවුනොවුන් හඳුනා ගෙන පසුව විවාහ වෙති. මෙසේ යහළු වූ විට තමාට තම පෙම්වතා හෝ පෙම්වතිය පෙනෙන්නේ ඉතා හොඳ ගතිගුණ ඇති, ඉතා හොඳ පෙනුමක් ඇති අයකු ලෙසටය.   

ප්‍රේම සම්බන්ධයකින් විවාහ වන දෙදෙනා අතරත් හඳහන් නොබැලුවත් කලාතුරකින් ගැළපෙන අවස්ථා තිබිය හැකිය. එහෙත් වැඩිපුරම ඇත්තේ නොගැළපීම්ය. යහලුවී සිටින කාලය තුළ නම් දෙදෙනා දෙදෙනාට ඉතා හොඳින් ගැලපෙන බව සිතති.එහෙත් යුද්ධය ආරම්භ වන්නේ විවාහ වී ටික කාලයක් ගිය පසුය. දෙදෙනා ගේ නොගැළපීම දෙදෙනාට ටික ටික තේරුම් යන විට ප්‍රමාද වූවා වැඩිය.   


එවිට පසුතැවීමෙන් ඇති වැඩක් නැත. එක්කෝ දික්කසාද වීමටත් නැත්නම් අසතුටින් කාලය ගත කිරීමටත් සිදුවේ. එහෙත් විවාහ වන්නේ ජීවිත කාලය පුරා සතුටින් ජීවත් වීමටය. විවාහ බැම්ම අවුරුද්දකට දෙකකට සීමා නොවිය යුතුය.   


ගැළපෙන දෙදෙනකු එකතු වුණොත් පමණක් සතුටින් ජීවත් විය හැකි බව බුද්ධිමත් දෙමවුපියොත්, තරුණ තරුණියෝත් තේරුම් ගනිති. දෙදෙනා ගැළපෙනවාදැයි බලාගත හැකි එකම ක්‍රමය හඳහන් පරීක්ෂා කිරීමය. දෙදෙනාගේ හඳහන්වල හත්වන කොටු ගැළපේ දැයි පළමුව සොයා බැලිය යුතුය. හතෙන් කියවෙන්නේ ලිංගික කරුණු හා විවාහය සම්බන්ධ අනෙකුත් දේවල්ය.   
දෙදෙනා ගැළපීමට නම් හත් වැන්න සමාන බලවත් කමකින් තිබිය යුතුය. එක් අයකුගේ හත් වැන්න බලවත් වී අනෙක් අය ගේ හත් වැන්න දුර්වල වුණොත් විවාහය දෙදරුම් කෑම වැළැක්විය නොහැකිය. අදහස් සමාන වීම හොඳය. ඊට වඩා ලිංගිකව ගැළපීම වැදගත්ය. විවාහ වන යුවල ලිංගික ජීවිත ගත කරන බව රහසක් නොවේ. ඒ නිසා එම ගැළපීම හරියාකාරව සිදු කළ යුතුය. සමහර අවස්ථාවලදී විවාහයට කෙනකුගේ ගතිගුණද තදින් බලපාන බව පෙනේ.   


විවාහයේදී හඳහනේ හතේ සිටින ග්‍රහයින් ගේ බලවත්කම අනුව කොටස් තුනකට බෙදිය හැකිය. රවි, කුජ, රාහු තිදෙනා විවාහයේදී බලවත් වන ග්‍රහයින් වශයෙන් නම් කෙරේ. බලවත්කමෙන් අඩුම ග්‍රහයින් වනුයේ ගුරු, ශනි හා කේතුය. ඉතිරි ග්‍රහයින් වන චන්ද්‍රයා, බුධ හා සිකුරු වඩා බලවත් හෝ වඩා දුර්වල නොවන මධ්‍යම ප්‍රමාණයේ බලවත් ග්‍රහයින්ය.   


හතේ බලවත්ම ග්‍රහයින් සිටින අය අතර විවාහ ඇති වීම හොඳය. එහෙත් හතේ රාහු සිටින අයකුට හතේ රාහු සිටින අයකු විනා හතේ කුජ, රවි, සිටින අයකු නොගැළපිය යුතුය.  එවිට හතේ රාහු ගෙන් ඇතිවන දෝෂ භංගවේ. නැත්නම් හතේ රාහු විවාහය අවුල් කරයි.   


එසේම මධ්‍යම ප්‍රමාණයේ බලවත් ග්‍රහයින් සිටින අය අතරද බලවත් කමින් අඩු ග්‍රහයින් හතේ සිටින අය අතරද විවාහ සිදුවීම ශුභය. මෙම කණ්ඩායම් අතර විවාහ සිදුවීම ශුභ නැත.   
සිකුරු නීච වීම, කුජ කේතු සංයෝගය ආදී කරුණු නිසා දුර්වලත්වයට පත් වීමද කුජ සිකුරු, රවි සිකුරු, රාහු සිකුරු වැනි සංයෝග නිසා බලවත් වීමද සිදුවන විශේෂ අවස්ථා ඇත. කුමන ග්‍රහයකු හතේ සිටියත් එහි වරදක් හෝ අඩු පාඩුවක් නැත. කළ යුත්තේ හරියාකාරව ගැළපීමය.   


හඳහනේ හත් වැන්න සමාන බලවත් කම් ඇති අය පමණක් එක්විය යුතුය යන මතයට එකඟ නොවී හතේ කුජ සිටින අයකුට හතේ ගුරු වැනි සෞම්‍ය ග්‍රහයකු සිටින අයකු ගැළපෙතැයි කියන ජ්‍යොතිෂවේදීන් ද සිටින බව ජන මාධ්‍යවලින් දැක ගන්නට ලැබේ. එකතු විය යුත්තේ සමාන බලවත්කම් ඇති අය ද එසේ නැත්නම් බලවත් හා දුර්වල අයදැයි තීරණය කිරීමට ජ්‍යොතිෂ දැනුමක් අවශ්‍ය නැතැයි සිතමි.   


හඳහන් නොබලා විවාහ වීම නිසා හෝ හඳහන් බැලීමේ දෝෂයක් නිසා හෝ බලවත් ග්‍රහයකු හතේ සිටින අයකු හා දුර්වල ග්‍රහයකු හතේ සිටින අයකු විවාහ වුණොත් ටිකෙන් ටික ඇති වන නොරිස්සීම ඔඩු දුවා දෙදෙනාට දෙදෙනා එපා වන අවස්ථා සමාජයෙන් පෙ​ෙන්. මෙවැනි අවස්ථාවලදී ගැරහීම්, බැණ වැදීම් නවතා ආගම දහම අනුව කටයුතු කිරීම මැනවි. ඉවසීම, සංයමයෙන් කටයුතු කිරීම, සහකරු හෝ සහකාරිය තේරුම් ගෙන ඔහුගේ හෝ ඇයගේ සිත නොරිදෙන අයුරින් කටයුතු කිරීම ප්‍රශ්න අඩු වීමට හේතු වේ.   


දෙදෙනාගේම රවි උච්ච වීම ගැටුම් ඇති වීමට හේතුවකි. මේ කලින් සඳහන් කළ පරිදි හත්වන කොටුව ගැන නොවේ. හඳහනේ ඕනෑම තැනක් ගැනය. රවි උච්චව සිටින අය කිසිවකුටත් හිස නැමීමට, දෙවැනි වීමට කැමැති නැත. දෙදෙනාගේම රවි උච්ච නම් ඔබ මෙය තේරුම් ගත යුතුය.   


භාර්යාව සැමියාට යටහත්පහත් බව දැක්වීම පෙර දිග ක්‍රමයයි. කෙසේ වෙතත් දෙදෙනාම මෙය තේරුම් ගෙන ඉවසීමෙන් කටයුතු කළ යුතුය. භාර්යාව ගේ පමණක් රවි උච්ච වීම නිසා සැමියා ඇයගේ ​අදහස් පිළිගෙන යහපත් ජීවිත ගත කරන අවස්ථා ඇත.   


හඳහනේ ඕනෑම තැනක පිහිටා ඇති කුජ ශනි යෝගයද විවාහයට තදින් බලපායි. විශේෂයෙන් හතට තදින් බලපායි. කුජ ශනි යෝගය ඇති අය තද නීතිකාරයින්ය. සියල්ල පිළිවෙළට අවශ්‍ය වේ. කිසිවකු විසින් තම පිළිවෙළ කැඩුවොත් වහා කිපෙන ගතියක් ඇතිවේ. මුහුණට කඩා පනී. කුජ ශනි යෝගය තිබෙන්නේ ඔබට නම් සහකරු හෝ සහකාරිය සෑම දිනකම මෙය ඉවසන්නේ නැති විය හැකිය.   


ඔබේ ගැළපීම ඔහුට හෝ ඇයට නොගැළපෙනවා විය හැකිය. ඔබේ පිළිවෙළ ඔහුට හෝ ඇයට කරදරයක් විය හැකිය. ඒ නිසා අනෙකාගේ අදහසට ගරු කිරීමට ඔබ පුරුදු විය යුතුය. තම පිළිවෙළ බලෙන් පුරුදු කිරීමට නොයා යුතුය. පිළිවෙල කැඩෙන අවස්ථාවලදී ඉවසීමෙන් කටයුතු කළ යුතුය. ඔහුගේ හෝ ඇයගේ සිත රිදෙන අයුරින් කතා නොකළ යුතුය. ඔබේ පිළිවෙළ ඔහුගේ හෝ ඇයගේ පිළිවෙළ නොවිය හැකිය. දෙදෙනාගෙන් එක් අයකුට පමණක් කුජ ශනි යෝගය තිබී විවාහය කඩාකප්පල් කර ගත් අය බොහෝය.   


සිකුරු උච්චවීම කෙනකුට ඉතා හොඳ පිහිටීමකි. සිකුරු මීන රාශියේදී උච්ච වේ. මෙම පිහිටීම රූප සම්පත්තිය ලබා දෙන අතර ඉතා හොඳ ගතිගුණ ද ඇති කරයි. සිකුරු උච්ච වූ අයකු දෙස අවධානයෙන් බලන අය වැඩිය. විශේෂයෙන් විරුද්ධ ලිංගිකයන් ගේ ඇසට නිරායාසයෙන් ලක්වේ. ඔබ මේ බැල්මට රැවටුණොත් ජීවිතයම අඳුරු විය හැකිය. ඕනෑ කෙනකු ඕනෑ තරම් බැලුවාට කමක් නැත. ඔබ එය ගණන් නොගෙන ඉන්න. ඔබ ස්ථිර ප්‍රතිපත්තියක දැඩිව ඉන්න. බලන බලන අයට ප්‍රතිචාර දැක්වීමට නොයන්න.   


සිකුරු නීච වන්නේ කන්‍යා රාශියේදීය. නීච වීම යනු බලය හොඳටම අඩු වීමයි. එවැනි අයකු නොගැළපෙන අයකු හා විවාහ වුණොත් මහත් අකරතැබ්බයකට පත් වේ. බොහෝ අවස්ථාවලදී දෙදෙනාගේ වෙන්වීම් සිදුවිය හැකිය. සිකුරු නීච වූ අයකු ගේ රාගික හැඟීම් අඩුය.   


ඒ නිසා විවාහ විය යුත්තේ එවැනිම අයකු සමඟය. එවිට ශාරීරිකව හා මානසිකව සමාන වීමෙන් යහපත් විවාහ ජීවිතයක් ගත කළ හැකි වේ. සිකුරු නීචවීම හෝ වෙනත් ග්‍රහ පිහිටීමක් විවාහයට නරක වනුයේ නොගැළපෙන අයකු හා විවාහ වුණොත්ය.   


කුමන තත්ත්වයක ග්‍රහයින් ඔබේ හඳහනේ සිටියත් විවාහයට කලින් උගත් ජ්‍යොතිසවේදියකුගේ පිහිට ලබා ගැනීම හොඳය. පොරොන්දම් පමණක් බලා විවාහ ගළපන ජ්‍යොතිෂවේදීන්ගේ තීරණ ප්‍රතික්ෂේප කරන්න. පළමුවෙන් දෙදෙනාගේ හඳහන්වල විවාහය ගැන කියවෙන හත්වන කොටු ගැළපේදැයි බැලිය යුතුය. ඊට පසු කුජ ශනි, කුජ සිකුරු වැනි යෝග ඇද්දයි බැලිය යුතුය. ග්‍රහයින් ගේ බලපෑම් ගැන තවත් සොයා බලා අවසානයේදී පොරොන්දම් බැලිය යුතුය.   

 

 

 

 

 

 

 

 


විශ්‍රාමලත් විදුහල්පති,   
ජ්‍යොතිෂවේදී,   
එඩී කරුණාතිලක   
32, ගල්වැටි මෝදර පාර,   
නල්ලූරුව,  පානදුර  



අදහස් (1)

හඳහන් නොගැළපී විවාහ ​ෙවන දූ පුතුන්ට

අයි. විජේසිංහ Sunday, 28 April 2019 12:04 AM

ස්තුතියි. බොහොම වැදගත්. මට මගෙ දුවගේ හඳහන බලව ගන්න පුළුවන් වෙයිද ? ඇයට දැන් අවුරුදු 20 යි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 26 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 18 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 97 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 111 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 81 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 56 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 508 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site