IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


සීතාවක රාජසිංහ මියගිය තැන හමුවෙයි

කැලණි මිටියාවතේ සටන්කාරයන් සොයා... 

 

 

සීතාවක රාජධානිය හා එහි සටන්කාමින් පිලිබඳව අපි පසුගිය සතියේ කතා කළෙමු. ශ්‍රී ලංකාවේ රාජධානී අතර නොමැකෙන සටහනක් සීතාවක රාජධානියට හිමිවෙයි. සීතාවක රාජධානියේ ප්‍රධාන ස්මාරකය සීතාවක බළකොටුවයි. මෙය අවිස්සාවේල්ල නගරයේ සිට කිලෝමීටර් 2ක් පමණ ගිය තැන තල්දූව පනාවල පාරේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටා තිබේ. බටහිරින් හා නැගෙනහිරින් සීතාවක නදියටද, නිරිත දිගින් ගැටහැති ඔයට ද මායිම් වී ඇත. ජල දුර්ග හා ගිරි දුර්ග වලින් සුරක්ෂිත උස් බිම් කඩක පිහිටි මෙම කොටුව ප්‍රසිද්ධ වී තිබුණේ ඕලන්ද බළකොටුවක් ලෙසිනි. පසුව කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී පැරණි සීතාවක රාජමාලිගය පිහිටි තැන මෙම බළකොටුව ඉදිකළ බවට හෙළිවී තිබේ.  

සීතාවක රාජධානිය ගැන කතා කරන විට මායාදුන්න රාජ සමයේ (ගුරු බැවිල) හෙවත් හංවැල්ල ප්‍රදේශයට හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයකි. සීතාවක රාජසමයේ මායාදුන්න රජතුමන් විසින් සිය වැඩිමහල් සොහොයුරා වන බුවනෙකබාහු රජතුමා පලවා හැරීම සඳහා සුවිශේෂ සටහනක් හංවැල්ල මූලිකව කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි.  


කොළඹ සිට කිලෝමීටර් 52ක් පමණ දුරින් කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ ගමන් කළ විට අවිස්සාවේල්ලට නුදුරු සීතාවක රාජධානිය හමුවෙයි. අදින් සියවස් හතරහමාරකට පෙර ප්‍රබල රාජධානියක්ව පැවති මෙම රාජධානිය බිහිවෙන්නේ 1521දී කෝට්ටේ සිදුවූ විජයබා කොල්ලයෙන් පසුවයි. මායාදුන්නේ කුමරු 1521-1581 අතර කාලය තුළ සීතාවක රාජධානිය කර ගත් අතර ඊට පසු ඔහුගේ පුත් සීතාවක රාජසිංහ කුමරු 1581-1593 දක්වා අතර කාලය තුළ කිරුළ දැරීය.  


සීතාවක රාජධානියේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානය ලෙස හැඳින්වී ඇත්තේ හංවැල්ල ප්‍රදේශයයි. අද වෙන විට හංවැල්ල තානායම පිහිටි තැන එකල රාජ්‍යයන් කිහිපයකට බළකොටුවක්ව පැවතුණි. සීතාවක මායාදුන්නේ රජු විසින් හංවැල්ල දැනට තානායම පිහිටි ප්‍රදේශයේ ආරක්ෂිත කොටුවක් ඉදිකර තිබේ. එහි සිට කෝට්ටේ බුවනෙක බාහු රජු සමග සටන් කිහිපයක්ම මෙහෙය වූ ස්ථානයක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙයි. මෙය පසුව පෘතුගීසින් විසින් අත්පත් කරගෙන යුරෝපා ආකෘතියට අනුව බළකොටුවක් ඉදිකර ඇත. ඕලන්ද ජාතිකයන් විසින් මෙය පසුකාලයේ කබොක් ගල් යොදා ශක්තිමත් තිරසාර බළකොටුවක් ලෙස සකස් කර ඇත. බ්‍රිතාන්‍ය යුගයේදී ද සංග්‍රාම කිහිපයක්ම මෙම ස්ථානය කේන්ද්‍ර කොට සිදුවී ඇත. මෙම බළකොටුව විටින් විට පෘතුගීසින්, ලන්දේසින් මෙන්ම ඉංග්‍රිසින් ද සිය ආරක්ෂාව සඳහාත් සටන් සංග්‍රාම සඳහාත් යොදා ගෙන තිබේ. මුලින්ම මායාදුන්න රජු විසින් සටන් මෙහෙයවීම සඳහා සුදුසුම ස්ථානයක් ලෙසයි. මෙය තෝරා ගෙන ඇත්තේ.  

 

සීතාවක රාජධානියේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානය ලෙස හැඳින්වී ඇත්තේ හංවැල්ල ප්‍රදේශයයි. අද වෙන විට හංවැල්ල තානායම පිහිටි තැන එකල රාජ්‍යයන් කිහිපයකට බළකොටුවක්ව පැවතුණි. සීතාවක මායාදුන්නේ රජු විසින් හංවැල්ල දැනට තානායම පිහිටි ප්‍රදේශයේ ආරක්ෂිත කොටුවක් ඉදිකර තිබේ. එහි සිට කෝට්ටේ බුවනෙක බාහු රජු සමග සටන් කිහිපයක්ම මෙහෙය වූ ස්ථානයක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙයි. මෙය පසුව පෘතුගීසින් විසින් අත්පත් කරගෙන යුරෝපා ආකෘතියට අනුව බළකොටුවක් ඉදිකර ඇත.


පෘතුගීසින්ගේ ගමනා ගමන කටයුතු වලට පහසුවෙන පරිදි ඔවුන්ගේ බළකොටුවක් ලෙස මෙය යොදා ගෙන ඇත. බළකොටුවේ ආරක්ෂාව සඳහා ඒ වටේට දිය අගලක් කපා ආරක්ෂාව තර කර ගෙන ඇත. පසු කාලයේ ඔවුන් සිය ප්‍රවාහන කටයුතු සිදු කර ඇත්තේ ඒ ආශ්‍රිතව ගලා බසින කැලණි ගඟ භාවිත කරමිනි. කැලණි ගඟේ දකුණු ඉවුරේ ඇළක් කපා ඔවුන්ගේ ගමනාගමන කටයුතු සිදු කර ගෙන ඇත. කැලණි ගඟට මුහුණලා පසුව මෙහි ආලින්දයක් ඉදිකර ඇත. බළකොටුව අශ්ව ලාඩමක හැඩයක් ගෙන ඇත. බළකොටුවේ ආරක්ෂාව සඳහා මුර අට්ටාල 4ක් ද හේවා ශාලා 3ක් ද, ගබඩා කාමර දෙකක්ද ඉදිකර ඇත. බළකොටුව මධ්‍ය​ෙය් දාරමය ඝංටාර කුලුනක් ද ජලය ලබා ගැනීම පිණිස ළිඳක් ද ඉදිකර තිබේ. ආරක්ෂාව සඳහා නිර්මාණය කළ දිය අඟලකට බැසීම සඳහා කබොක් ගලින් නිර්මාණය වූ ගල් පඩිපෙළක් අදටත් දැකිය හැක.  


ඉංග්‍රීසින් විසින් මෙහි පාලන බලය අත්පත් කරගැනීමෙන් පසුව 1875 වසරේදී ලංකාවට පැමිණි 7 වැනි එඩ්වඩ් රජු හෙවත් වේල්සයේ කුමාරයා හංවැල්ල තානායමටද පැමිණ ඇත. ඔහුගේ එම ගමනේ සිහිවටනයක් ලෙස රෝපණය කළ කොස් ගසක් ද අදටත් දැකිය හැක. එය මේ වන විට පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇත. එම පැරණි කොස් ගස ආසන්නයේ අවට සිරි නැරඹීමට රාජකීයයන් සඳහා ඉදිකළ ගල් පුටු දෙකක් ද ඇත.  

 


දැනට පැරණි ස්මාරකයක් ලෙස එම ස්ථානය ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස දැනට ගැසට් කර ඇත. එම පෞරාණික ස්ථාන මෙන්ම භූමිය ද ඒ අවට ඇති දිය අගල අද පාලනය වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. දැනට ඇත්තේ නවීකරණය කරන ලද ගොඩනැගිලි තානායමක් ලෙස සංචාරක මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබයි.  


සීතාවක රාජසිංහ රජු පසුව සීතාවක රාජධානියට අයත් පෙතන්ගොඩ ප්‍රදේශයේදී විෂ කටුවක් ඇනී මිය ගොස් ඇත. රුවන්වැල්ලට ගොස් එතනින් අඟුරුවැල්ලෙන් ගලපිටමඩ පාරේ ටික දුරක් යන විට පෙතන්ගොඩ උයන හමුවෙයි. එම උයනේ විශේෂිත කටු සහිත උණ පඳුරක් තිබී ඇත. පෙතන්ගොඩ ප්‍රදේශය කැලණි ගඟට මායිම්ව ඇති ප්‍රදේශයකි. මේ වකවානුව වෙනවිට සිතාවක රාජසිංහ රජතුමා ප්‍රධාන ගමන් මාර්ගය ලෙස යොදා ගෙන ඇත්තේ කැලණි ගඟයි. එම ගඟ ඔස්සේ ගමන් කළ රජතුමා මෙම පෙතන්ගොඩ උයනේ ඇති උණ පඳුරේ තිබූ කටුවක් ඇනී අසාධ්‍යව නැවත කැලණි ගඟ ඔස්සේ හංවැල්ල බළකොටුව කරා ගමන් කරමින් සිටින අතරතුර දැනට කරවනැල්ල ලෙස භාවිතා වන ප්‍රදේශ​ෙය්දී රජතුමාගේ රෝගී තත්ත්වය උත්සන්න වී කකුල කොර ගැසී ඇත. එම කොර ගැසු ස්ථානය ‘‘කොරවුනැල්ල’’ පසුව ‘‘කරවනැල්ල’’ ලෙස ව්‍යවහාර වූ බව ජනප්‍රවාදයේ පවතියි.  


රජතුමා මියගිය බවට නිශ්චිත ස්ථානයක් නොමැති වුවත් කලදුව ප්‍රදේශයේ ගල්පතුරු යොදා තිබූ ස්ථානයක් පසු කාලයේ හමුවී ඇත. බොහෝ දුරට එම ස්ථානයේදී සීතාවක රාජසිංහ රජතුමා මියයන්නට ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් සනාථ කළ හැකි පුරාවිද්‍යා සාධක හමුවී නැත.  


අදටත් හංවැල්ල තානායමට ගොස් මේ ​ඓතිහාසික පුරාවස්තූන් නැරඹීමට පිළිවන.  

 

 


සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර  
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය



අදහස් (0)

සීතාවක රාජසිංහ මියගිය තැන හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි
2025 පෙබරවාරි මස 06 35 0

“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා.


තක්සලාවට දුෂ්ටකම් කළ ලූකස් මුදලාලි - ගිරිරාජ් කෞෂල්‍ය
2025 පෙබරවාරි මස 06 19 0

ක්ෂේත්‍රයේ හැම දෙනාටම ගිරා වන ගිරිරාජ් කෞශල්‍ය ආගමට දහමට ලොකු ළැදියාවක් දක්වන අයෙකි.


පිය සුවඳින් රසිකයන් පිනවන - තරංග නෙල්සන්
2025 පෙබරවාරි මස 06 17 0

මේ අමරණීය ගායන ශිල්පියා නිහාල් නෙල්සන් අපෙන් සමු අරගෙන දැනට අවුරුදු දෙකයි. ඔහුගේ පිය සටහන් ඔස්සේ යමින් රසික ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වූ ඔහුගේ එ


මාස්ටර් සර් වුණු විශ්ව
2025 පෙබරවාරි මස 06 18 0

වසර 17ක් පුරාවට කලාව හා සම්බන්ධ වෙමින් පුංචි තිරයේ අහිංසක ප්‍රේමවන්තයා ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔහු නමින් විශ්ව කොඩිකාරයි.


“ විසේකාරි ” හි වාසු මට ගොඩක්ම සමීප චරිතයක් - Ruvi Lakmali
2025 පෙබරවාරි මස 06 19 0

වෙළෙඳ දැන්වීම් ඔස්සේ ප්‍රේක්ෂක ආදරයක්, ආකර්ෂණයක් දිනාගත් ඇය ටෙලි නිර්මාණයකින් සිනමා තිරයෙන් හමු​ෙවන්නේ ඉඳහිට වුවත් - ඒ බොහෝ නිර්මාණ චරිතයන් ප්‍රේක්


කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 148 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 101 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 813 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 757 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site