(අජන්ත කුමාර අගලකඩ සහ දේශපාලන වාර්තාකරු විසිනි)
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරනු ලැබීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයට නැවත ආණ්ඩුව පිහිටුවීමට අවස්ථාව දීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව හෙට (17) දිනය වනවිට නව ආණ්ඩුව පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (14) රාත්‍රි රැස්වීමට නියමිතව සිටි අතර එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබූ බවද වාර්තා විය.
මේ අතර එජාපයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ නව අගමැතිවරයා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දිවුරුම් දෙනු ඇති බවය.
මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (18) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී ප්‍රකාශයක් කිරීමෙන් පසුව සන්ධාන මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයේ අසුන්ගනු ඇතැයි පැවසේ.
එ් අනුව නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නැවත දිවුරුම් දෙන ඇතැයිද වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින්, ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී සම්මතවූ යෝජනාව කතානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එදිනම පස්වරුවේ යවා තිබූ අතර ඊට එක්සත් ජාතික පක්ෂයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 117 දෙනකුගේ සහාය පළවී තිබිණි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුව කරගෙන යාමට ඉඩදිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ද ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශකර තිබිණි. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එකතුවෙන් ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අගමැති රනිල් දිවුරුම් දීම අද