IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


අන්තවාදී කල්ලියකින් මුස්ලිම් දේශපාලකයන්ට තර්ජන

(ප්‍රේමකීර්ති රණතුංග)  
ආණ්ඩුවේ මුස්ලිම් දේශපාලකයන් ගණනාවකට අන්තවාදී සන්නද්ධ කල්ලියකින් තර්ජන එල්ලවී ඇතැයි වාර්තාවේ.   


මෙම තර්ජන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මුස්ලිම් ජාතික ඇමැතිවරුන් පිරිසක් සහ ආරක්ෂක ලේකම්වරයා අතර සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී ඉකුත් සතියේ පැවැත්විණි.

කබීර් හෂීම්, රාවුෆ් හකීම් සහ රිෂාද් බදුර්දීන් යන ඇමැතිවරු ද ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.   
ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති කබීර් හෂීම් මහතා ජනපතිට සහ අගමැතිට පවසා ඇැත්තේ මුස්ලිම් ප්‍රජාව එක්තරා ප්‍රශ්නයකින් පීඩා විඳින බවත් ඔබතුමන්ලා දෙපළ එකට හමුවීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් කැමැත්තෙන් සිටින බවත්ය.  


ඇමැති කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මොහොමඩ් නස්ලිම් මහතා මාවනැල්ලේ දනාගම පිහිටි ඒ මහතාගේ නිවසේදී ඉකුත් සතියේ නාඳුනන පුද්ගලයකුගේ වෙඩි තැබීමකින් තුවාල ලැබීය. මාවනැල්ලේ බුදු පිළිම කැඩූ මුස්ලිම් ආගමික කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා නස්ලිම් මහතා ආරක්ෂක අංශ වෙත උදව් කළ බවත් ඒ නිසා මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවත් දේශපාලකයන් අතර විශ්වාසයක් පවතී.  


බුදු පිළිම කැඩූ මෙම අන්තවාදී කල්ලියේ සාමාජිකයන් රැඳී සිටි පුත්තලමේ පොල්වත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද ඉකුත්දා සොයා ගැනුණි.  



අදහස් (0)

අන්තවාදී කල්ලියකින් මුස්ලිම් දේශපාලකයන්ට තර්ජන

ඔබේ අදහස් එවන්න

පුවත්

ජාතික ලැයිස්තුව පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 14 95 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


රාජ්‍ය සේවයේ පුරප්පාඩු නිසා සේවා ගැටලු
2024 ඔක්තෝබර් මස 14 56 0

රාජ්‍ය සේවයේ පුරප්පාඩු ප්‍රමාණය ඉහළ යමින් තිබෙන නිසා රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සොයා ගැනීමට හා අතිරේකව සිටින සේවකයන්ගේ ප්‍රමාණය සොයා ගැනීමට සමීක්


වැස්ස 15 දා දක්වා පුද්ගලයන් 31,000 ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 14 15 0

දැනට පවතින වැසි තත්ත්වයෙහි යම් අඩු වීමක් හෙට (12දා) සහ අනිද්දා (13දා) යන දින දෙකේදී අපේක්ෂා කළ හැකි වුවත් ලබන 15 වැනිදා දක්වා වැසි සහිත කාලගුණය පවතින බව කාලගු


නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේපයි පක්ෂ හා කණ්ඩායම් 616ක් ඡන්ද සටනට දිගාමඬුල්ලෙන් 64ක්
2024 ඔක්තෝබර් මස 14 21 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 74ක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බව මැතිවරණ කොමිෂන් සභ


ලොකු ලූනු ආනයනික බදු වැඩි කිරීමෙන් ගැටලු රැසක්
2024 ඔක්තෝබර් මස 14 42 0

දේශීය ලොකු ලූනු ගොවියා රැක ගැනීම සඳහා ආනයනික බද්ද රුපියල් 20 කින් ඉහළ දැමීමෙන් සිදු වූයේ පාරිභෝගික ජනතාවට වැඩි මිලට ලොකු ලූනු මිලදී ගැනීමට සිදුවීම පමණක


ලෙබනනයට දැඩි ප්‍රහාර ශ්‍රී ලාංකිකයන්ට ලෙබනන් තානාපති කාර්යාලයේ රැකවරණ
2024 ඔක්තෝබර් මස 07 141 0

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන දැඩි ගුවන් ප්‍රහාර හමුවේ ශ්‍රී ලාංකිකයන් 32 ක් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ පතා පැමිණ ඇති බවත් එම ශ්‍රී ලාංක


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site