මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන
(උපුල් වික්‍රමසිංහ)
වසර 2025 පමණ වනවිට ශ්‍රී ලංකාවට ඇඟලුම් කර්මාන්තය මුළුමනින්ම අහිමිවීමේ අනතුරක් නිර්මාණය වී තිබෙන බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි. ඉරිදා ලංකාදීපය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමට පෙර පටන්ම මෙරට ඇඟලුම් කර්මාන්තය දැඩි අසීරුතා රැසක් මධ්‍යයේ ක්‍රියාත්මක වූ බව පවසන ඒ මහතා වෛරසයේ බලපෑමත් සමග එම අසීරුතා වඩාත් තීව්‍ර වී මේ ආකාරයේ අනතුරක් නිර්මාණය විය හැකි බව පෙන්වා දෙයි.
පසුගිය කාලයේදී ඇඟලුම් කර්මාන්තශාලා සේවක වැටුප් ඉහළ ගොස් ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව වැනි රටවලින් අඩු වැටුප් සහිත ශ්‍රමය ලබාගත නොහැකි නිසා මෙරටේ පැවති බොහෝමයක් ඇඟලුම් කර්මාන්තශාලා අඩු වැටුප් සහිත ශ්‍රමය ලබාගත හැකි බංග්ලාදේශය, වියට්නාමය හා අප්‍රිකානු කලාපයේ රටවලට ගෙනයෑමට ආයෝජකයන් මේ වන විටත් කටයුතු කර ඇති නිසාත් අමෙරිකාව හා ඇතැම් යුරෝපා රටවල් සිය රටවල්වල මෙන්ම ආසන්නයේ පිහිටි රටවල ද ඉහළ වැටුප් සහිත මිනිස් ශ්‍රමය වෙනුවට ස්වයංක්‍රීය රොබෝ තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන ඇඟලුම් කර්මාන්තශාලා ඉදිකිරීමට පියවර ගෙන තිබීම නිසාත් මෙවැනි අවදානමක් නිර්මාණය වී ඇති බව ඒ මහතා තොරතුරු හෙළිකරයි.
මේ අනතුරට මුහුණ දීම සඳහා ඇඟලුම් කර්මාන්තයෙන් මිදී තොරතුරු හා සන්නිවේදන උසස් තාක්ෂණය මත පදනම්වන අපනයන කරා මාරුවීම අතිශය වැදගත් බවත් ආර්ථිකයේ දරුණු පසුබෑමක් ඇතිව තිබෙන මෙවැනි තත්ත්වයක් ඒ ආකාරයේ ප්‍රතිපත්තිමය නැඹුරුවක් සඳහා හොඳ අවස්ථාවක් කරගත හැකි බවත් විජේවර්ධන මහතා පවසයි.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අපේ ඇඟලුම් කර්මාන්තය තව වසර පහක් තුළ මුළුමනින්ම අහිමිවීමේ අවදානමක්