(දයාසීලි ලියනගේ)
සිංගප්පූරු ජාතිකයෙක් වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට පිටුවහල් කළ හැක්කේ ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් වශයෙන් ඇති බැඳීම හා දෙරටේ සුහදතාවය මත බව කොළඹ විශ්වවිද්‍යාලයේ පොදු අන්තර් ජාතික නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මේනක හරංකහව මහතා කීය.
උදර්පන නීතිය යටතේ ක්‍රියාත්මක විය හැක්ෙක් මෙරට රැඳී සිටින විදේශිකයකු සම්බන්ධයෙන් වන අතර එම නීතිය යටතේ විදේශයක සිටින පුද්ගලයකු සම්බන්ධයෙන් බලපෑමක් කළ නොහැකි බව ද ආචාර්ය හරංකහව මහතා ප්‍රකාශ කළේය. අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණයට අවශ්‍ය පුද්ගලයෙක් වශයෙන් මෙරටට ගෙන්වා ගත හැක්ෙක් පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටක් වශයෙන් අධිකරණ අමාත්‍යාංශය හරහා කරනු ලබන ඉල්ලීමකින් වන අතර ඒ සඳහා සිංගප්පූරු රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබිය යුතු බව ද ඔහු කීය.
මෙහිදී වැදගත් වන්නේ සිංගප්පූරු නීතියට අනුව යමෙකු රටෙන් පිටුවහල් කිරීමේදී එරටට ලබා දිය යුතු නීත්‍යානුකූල ලිපි ලේඛන කවරක් ද යන්න අප විසින් අධ්‍යයනය කිරීම මත අතර ඊට අනුකූලව අදාළ ලියකියවිලි විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කළ යුතු වේ.
එහෙත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් වශයෙන් පුද්ගලයකු තවත් රටකට බාර දීමට හෝ නොදීමට ද හැකියාවක් ඇති බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උදර්පණ නීතියෙන් මහේන්ද්‍රන් ගේන්න බෑ