(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව බලය පිහිටුවා ගෙන තිබෙන පළාත් පාලන ආයතන 21ක බලය ශ්‍රීලනිපයත්, පොදුජන පෙරමුණත් එක්ව යළි ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රීලනිපයත්, පොදුජන පෙරමුණත් එක්ව පිහිටුවීමට යෝජිත පුළුල් දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් පක්ෂ දෙකේ ගම් මට්ටමේ සාමාජිකයින් අතර විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පළාත් පාලන ආයතන 21 බලය එම පක්ෂ දෙකට ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
ශ්‍රීලනිපයෙ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර ඉකුත් බ්‍රහස්පතින්දා පක්ෂ නායක කාර්යාලයෙ පැවැති සාකච්ඡාවේදී පොදුජන පෙරමුණ පාර්ශ්වයෙ නියෝජිතයින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින්ගේද එකඟතාව පළවී අැතැයි වාර්තාවේ.
ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණත් එක්ව පුළුල් සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉහළ මට්ටමින් කොතරම් සාකච්ඡා පැවැත්වුවද පහළ තලයේ විශ්වාසය තහවුරු කර ගැනීමට නොහැකි වුවහොත් එය සාර්ථක නොවන බවත් එබැවින් විශ්වාසය ගොඩනැගීමේ පියවරක් ලෙස මෙම පළාත් පාලන ආයතන 21ක බලය ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණත් එක්ව ලබාගත යුතු බවට එහිදී අදහස් හුවමාරු වී ඇත.
ඉකුත් 2017 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන අති බහුරයක බලය පොදුජන පෙරමුණට හිමිවිය.
බහුතර බලයක් හිමි නොවූ පළාත් පාලන ආයතන ගණනාවක බලය ශ්‍රීලනිපයත්, එක්සත් ජාතික පක්ෂයත් එක්ව පිහිටුවා ගනු ලැබූ අතර ඉන් ආයතන 21 ක බලය ශ්‍රීලනිපය හා පොහොට්ටුව එකතු වුවහොත් යළි ලබා ගත හැකි බව බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවට සහභාගි වූ දෙපාර්ශ්වයේම නියෝජිතයින් පෙන්වා දී ඇත. ශ්‍රීලනිපය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල සහ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුද පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම සහ ආචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුද එම සාකච්ඡාවට සහභාගි වූහ.
මාතලේ, පොලොන්නරුව යන මහනගර සභා දෙකෙන් හලාවත සහ බලංගොඩ යන නගර සභා දෙකේත් උඩුදුම්බර අඹන්ගඟ කෝරළේ උකුවෙල, හොරොව්පොතාන, වැලිකන්ද, මහියංගනය, කොරණාතොට කන්දකැටිය, ඇල්ල, වැලිමඩ, අරණායක, මාංතෙයි නැගෙනහිර, දිඹුලාගල, හිඟුරක්ගොඩ, තිරප්පනේ, පුත්තලම සහ මාවනැල්ල යන ප්‍රාදේශීය සභා 17 ක් බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව දැනට පිහිටුවනු ලැබ ඇත.
එම සභා 21 න් සභා 13 ක සභාපතිධුර එක්සත් ජාතික පක්ෂයටද උපසභාපතිධුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද හිමිව ඇති අතර ඉතිරි සභා අටේ සභාපති ධුර ශිලනිපයටත් උපසභාපතිධුර එජාපයටත් හිමිව ඇත.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මෙම පළාත් පාලන ආයතන 21 න් බහුතරයක් ජයග්‍රහණ්‍ය කරනු ලැබුවේද පොදුජන පෙරමුණ විසිනි.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
එජාප සභා 21ක බලය ගන්න පොහොට්ටු-ශ්‍රීලනිප මෙහෙයුමක්