(අජන්ත කුමාර අගලකඩ)
මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් සිදුවූ ඛේදවාචකයේ වගකීම ප්‍රධාන ආයතන 4 කට පැවරෙන බව ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
කොළඹ මහ නගර සභාව, කොළොන්නාව නගර සභාව, බස්නාහිර පළාත් අප ද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවලට මෙම වගකිම පැවරෙන බව වාර්තාවේ සඳහන් වන්නේ යැයි දැන ගන්නට තිබේ.
කසළ ඉවත් කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය නොකිරීම සහ මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ කටයුතු සඳහා බාහිර ආයතන වෙත ගෙවා ඇති මුදල් අසාමාන්‍ය අයුරින් වර්ධනය වී තිබීම පිළිබඳව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාටද වාර්තාවෙන් චෝදනා එල්ලවී ඇතැයි වාර්තාවේ.
මීතොටමුල්ල කසළ කන්ද 2017 වසරේ අප්‍රේල් 14 වැනි දින නායයාම හේතුවෙන් ඇතිවූ ඛේදවාචකයෙන් පුද්ගලයෝ 32 දෙනෙක් මිය ගියහ.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ආචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ අතර එම කොමිෂන් සභාව සිය වාර්තාව ඉකුත් 6 වැනිදා ජනාධිපතිවරයාට බාර දුන්නේය.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කුණු කන්ද නාය ගියේ රාජ්‍ය ආයතන 4ක වරදින්