IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


කොල්ලුපිටියේදී දුම්රියේ වැදී මියගිය අයියා-මලෝ

සුසාන භූමියට දේහයන් රැගෙන යන අයුරු

 

වසර තුනක කාලයක් සිංගප්පූරුවේ පාඨමාලාවක් හදාරා සැතපුම් දහස් ගණනක දුරක් ගෙවා මව්පියන් හා බාල සහෝදරයන් දෙදෙනා සමඟ කාලය ගතකිරීමේ අරමුණින් මෙරටට පැමිණි අනුරාධපුර පදිංචි 24 හැවිරිදි අවිවාහක තරුණයෙක් මෙරටට පැමිණ හෝරා කීපයක් යන්නට මත්තෙන් දොළොස් හැවිරිදි සිය බාwල සහෝදරයා ද සමඟ කොල්ලුපිටියේදී දුම්රියකට බිලි වී මරුවා වැළඳ ගත් ශෝචනීය පුවතකින් පසුගිය සතිය ආරම්භයේදී රටම කම්පාවට පත්විය.   


ශ‍්‍රී ලංකා යුද හමුදා සේවයේ රාජකාරී කර විශ‍්‍රාම ලැබූ කෝප‍්‍රල්වරයෙකු වන ප‍්‍රසන්න ප‍්‍රියංකර රණවීර (49) හා යුද හමුදා කාන්තා බලකායේ විශ‍්‍රාමික සෙබළියක වූ ආර්.ඒ. බණ්ඩාර මැණිකේ (47) යන දෙපළගේ පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා හා බාල දරුවා වූ ශෂී මධුශාන් රණවීර (24) හා තීක්ෂණ ශක්ෂාන් රණවීර (12) යන දෙදෙනා මෙසේ අවාසනාවත්න ලෙස මරණයට පත්වූහ.   


පසුගිය 11 වැනි දින කොල්ලුපිටිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේදී අලුත්ගම සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය වෙමින් තිබූ ශීඝ‍්‍රගාමී දුම්රියක ගැටී මෙම අනතුර සිදුව තිබුණි. අනතුර සිදුවීමෙන් පසු ශෂී මධුශාන් වන වැඩිමහල් සොයුරාගේ සිරුර දුම්රිය මාර්ගයේ වැටී තිබී සොයාගත් අතර බාල සොයුරු තීක්ෂණගේ සිරුරේ හිස කොටස පසුදා (12 දා) අළුයම දුම්රිය මැදිරි දෙකක් අතර සිරවී තිබියදී දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් මගියෙක් කළ දැනුම්දීමකදී ගම්පහ දුම්රිය ස්ථානයේදී සොයාගෙන තිබුණි.  


මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබූ ශෂී මධුශාන් හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හැදෑරීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් වසර 03කට පසුව පසුගිය 11 වැනිදා ප.ව. 4.30 ට පමණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණ තිබේ. සිය දරුවා සිංගප්පූරුවේ පාඨමාලාවක් හදාරා සහතික පත් ලබාගෙන වසර 03කට පසුව මෙරටට පැමිණීමේ ප‍්‍රීතිය නිමිත්තෙන් ඔහු ගුවන්තොටුපළට ගොස් පිළිගෙන කැඳවාගෙන ඒම සඳහා මව, පියා, සහෝදරයින් දෙදෙනා, මිත්තණිය ඇතුළු පවුලේ ඥාතින් පිරිසක් ගුවන්තොටුපළට පිටත්ව ගොස් තිබේ.   


පසුව ඔවුන් කටුනායක සිට කොළඹ දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කොළඹට පැමිණ ගෝල්ෆේස් පිටියේ විනෝදවීමෙන් අනතුරුව කඳාන ප‍්‍රදේශයේ පදිංචිව සිටින පුංචි අම්මාගේ නිවසට යාම සඳහා පිටත්ව තිබේ. එම ගමන අතරතුරේදී දුම්රිය මාර්ගය මුහුදු වෙරළ සමීපයෙන් ගමන් ගන්නා ස්ථානයකදී, දුම්රියක් ගමන් කරන අවස්ථාවේ වෙරළේ සිට ඡායාරූප ගැනීම සඳහා වෑන් රථය මදක් නතර කරන ලෙස කුඩා පුතු වන 12 හැවිරිදි තීක්ෂණ පියා ඇතුළු පිරිසට ඇවිටිලි කළ බව පවුලේ ඥාතීහු පැවසූහ.   
මෙම ගමනට සහභාගි වෙමින් අනතුර සිදු​ෙවන අවස්ථාවේ එම දරුවන් ළඟ සිටිමින් මෙම අවාසනාවන්ත සිදුවීම දැක කම්පනයට පත්ව සිටින මියගිය දරු දෙදෙනාගේ මිත්තණිය වන ඩබ්. පේ‍්‍රමා ගුණවර්ධන (68) මහත්මිය හඬා වැළපෙමින් සිද්ධිය පිළිබඳව මෙසේ පැවසුවාය.  

හඬා වැළපෙන පිලිපීන ජාතික තරුණියන් දෙදෙනා  

 

 


“පොඩි පුතාගේ බලපෑමට තමයි ඡායාරූප ගන්න කියලා වාහනය නතර කළේ. ඒත් අපි කැමති වුණේ නැහැ. පසුව මල්ලි සහ අයියලා දෙදෙනා වාහනයෙන් බැසගොස් මුහුදු වෙරළ ආසන්නයේ ඡායාරූප ගසා විනෝද වී නැවත වාහනයට පැමිණෙන විට වෙරළ ආසන්නයේ දුම්රිය මාර්ගය අසල මමත් හිටියා. එවිට වේලාව 5.45 ට පමණ ඇති. එක්වරම මා දුටුවා විදුලි ලාම්පු දල්වාගෙන දුම්රියක් පැමිණෙනවා. මාර්ගයේ වාහනවල නළා ශබ්දයත්, මුහුදේ ඝෝෂාව නිසාත් දුම්රියක් ළඟට එන තෙක් අප කිසිවෙකුටත් ඇසුණේ නෑ. එක්වරම මා දුම්රිය මාර්ගයේ සිටි චූටි පුතාට ‘කෝච්චියක් එනවා’ යැයි කියා කෑ ගැසුවා. ඉන්පසු බිය වූ චූටි පුතා එක්වරම රේල් පාරෙන් පිටතට පැන නැවතත් අයියා සිටින පැත්තට පනින්න හැදුවා. එන්න එපා යැයි කියමින් මල්ලි බේරා ගැනීමට ලොකු පුතා ශෂී පනිනවාත් සමඟම දෙදෙනාම වේගයෙන් පැමිණි කෝච්චියට හැපුණා.   


කෝච්චිය ගිය පසු බලන විට දරු දෙදෙනා මාර්ගය අසල බිම වැටී සිටියා. ලොකු පුතාගේ කකුලක් සිරුරෙන් වෙන් වී තිබුණා. ටික වේලාවක් යනකල් එයාලා රෝහල්ගත කරන්න කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නෑ. වැටී සිටි චූටි පුතා දෙස බලන විට ඔහුගේ හිස කොටස තිබුණේ නෑ. පසුව මා එම ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථයක ලොකු පුතාගේ කකුල උස්සා දැමුවා. ආච්චි කෙනෙකුට මේවා දරාගන්න පුළුවන්ද. අම්මයි තාත්තයි දරුවන් දෙදෙනා දිහා බලමින් සිප ගනිමින් විළාප තියනවා. අනේ මගේ දරු පැටව් දෙන්නා. මම මුලින් හිතුවේ කම්පනයට වැටී සිටිනවා කියා. සහතික අරන් ආපු මගේ සුදු පුතා ඒවා මට පෙන්නන්නේ නැතිවම අපිව දාලා ගියා” යැයි හඬා වැළපෙමින් ඇය සිහිසුන් වූවාය.​  


එම ළමුන් දෙදෙනා පදිංචිව සිටි අනුරාධපුර විජයපුර ප‍්‍රදේශයේ පිහිටි නිවස අවට ජනතාව පාසල් ළමුන් ඇතුළු පිරිස් වැළ නොකැඩී ඇදී ආහ.   


අනතුර සිදු වී දිනකට පසු මරණ පරීක්ෂණ කටයුතු නිමවීමෙන් අනතුරුව 12 දා පස්වරුවේ දේහයන් අනුරාධපුර පිහිටි නිවසට රැගෙන ආ අතර ඉන් ටික වේලාවකට පසු පිලිපීන ජාතික තරුණියෝ දෙදෙනෙක් මෙම නිවසට පැමිණියහ. මෙම තරුණියන් දෙදෙනා කවුරුන්ද යන්න සොයා බැලීමේදී, මියගිය ශෂී මධුශාන් සමඟ සිංගප්පූරුවේ එම පාඨමාලා හැදෑරූ පිලිපීන ජාතික තරුණියන් දෙදෙනෙකු බව අනාවරණය විය. ඥාතීන්, අසල්වැසියන් සමඟ එක්ව මෙම තරුණියන් දෙදෙනා හඬා වැළපෙන දර්ශනය දුටු සැමගේ දෙනෙත්වලින් කඳුළු කඩා හැලෙන්නට විය.  


කල්පනාකාරීව ජීවත් විය යුතු යැයි සියලුම දෙනාට අවවාදයක් ලබාදෙමින් දහස් ගණනකගේ සෝසුසුම් මධ්‍යයේ පසුගිය 13 දා සන්ධ්‍යාවේ අනුරාධපුර, නිසල නිම්න පොදු සුසාන භූමියේදී මෙම දරු දෙදෙනාගේ සිරුරු මිහිදන් කෙරිණි.   

 

සටහන ඡායාරූප අනුරාධපුර - චතුරංග, සඳරැස්ගම  

 



අදහස් (0)

කොල්ලුපිටියේදී දුම්රියේ වැදී මියගිය අයියා-මලෝ

ඔබේ අදහස් එවන්න

පුවත්

අවුරුදු හයකදී කෝටි දාහත්දාහක් මාළු පිටරටින් ගෙනැල්ලා 2019–2023 කාලයේ මත්ස්‍ය නි‌ෂ්පාදනය මෙට්‍රික් ටොන් 121,545කින් පහතට
2024 දෙසැම්බර් මස 16 63 0

ශ්‍රී ලංකාව අවට සශ්‍රීක මත්ස්‍ය සම්පතක් සහිත මුහුදු කලාපයක් තිබුණ ද 2019 සිට 2024 සැප්තැම්බර් දක්වා ගත වූ අවුරුදු හයක කාලයේ දී මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන


ලංකාවේ හෝලි
2024 දෙසැම්බර් මස 16 73 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට අයත් සංචාරක අධ්‍යයන අංශය මගින් සංවිධානය කළ H E T Colors 2024 නම් වූ හෝලි උත්සවය විශ්වවිද්‍යාලයේ උපකුපති කෝලිත බණ්ඩ



ආණ්ඩුව පුංචි ඡන්දයට වැඩ අරඹයි අලු‍ත් ලක්ෂ දහයකට ඡන්ද වරම
2024 දෙසැම්බර් මස 16 21 0

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලු‍ත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේ දී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හ


ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ට වත්මන් රජයෙන් සාධාරණය ඉෂ්ට විය යුතුයි
2024 දෙසැම්බර් මස 16 60 0

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිසෙන් අති බහුතරයක් මේ ​ෙවන විට ණය වින්දිතයන් බවට පත් වී තිබෙන නිසා සාධාරණ විසඳුමක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ද මුදල


වැස්සෙන් කෘෂිකර්මයට කෝටි 8500 ක පාඩුවක්
2024 දෙසැම්බර් මස 08 74 0

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ ගොවි බිම් ජලයෙන් යටවීම නිසා සිදු වූ සමස්ත පාඩුව රුපියල් කෝටි 8,500 කට ආසන්න බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 25 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site