ශ්රීලනිප මහ ලේකම් චෝදනා කරයි
(දයාසීලි ලියනගේ)
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදු ජන පෙරමුණ අතර මතභේදකාරී තත්ත්වයක් උග්රවී තිබෙන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්රකාශ කළේ පොදුවේ රජයට සම්බන්ධ කිසිම කටයුත්තකට ශ්රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ග්රාමීය මට්ටමේ ක්රියාකාරීන් සහභාගි කරවා නොගන්නා නිසා මේ තත්ත්වය උදාවෙමින් පවතින බවයි.
ප්රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ප්රාදේශීය සභා මන්ත්රීවරුන්ට ශත පහක මුදලක්වත් ලබා නොදීම නිසා ඔවුන් දැඩි අසීරු තත්ත්වයකට මුහුණ පා සිටින බව ද දයාසිරි ජයසේකර මහතා ප්රකාශ කළේය.
මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් ශ්රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ප්රාදේශීය ක්රියාකාරීන් වෙනත් බලවේගයකට එකතු වීමට බොහෝදුරට ඉඩ තිබෙන බව ද ඔහු ප්රකාශ කළේය.
ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී රජයට විශාල සහායක් දැක්වූ මෙම ප්රාදේශීය සභා මන්ත්රීවරුන් සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා ලෙසට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බලධාරින්ගෙන් ඉල්ලා ඇති බව ද දයාසිරි ජයසේකර රාජ්ය ඇමැතිවරයා කීවේය.
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය ලබා ගැනීමට දැඩි පරිශ්රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්ර වී ඇ
රාජ්ය සේවයේ පුරප්පාඩු ප්රමාණය ඉහළ යමින් තිබෙන නිසා රාජ්ය සේවයේ පවතින පුරප්පාඩු සොයා ගැනීමට හා අතිරේකව සිටින සේවකයන්ගේ ප්රමාණය සොයා ගැනීමට සමීක්
දැනට පවතින වැසි තත්ත්වයෙහි යම් අඩු වීමක් හෙට (12දා) සහ අනිද්දා (13දා) යන දින දෙකේදී අපේක්ෂා කළ හැකි වුවත් ලබන 15 වැනිදා දක්වා වැසි සහිත කාලගුණය පවතින බව කාලගු
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 74ක නාමයෝජනා පත්ර ප්රතික්ෂේප වූ බව මැතිවරණ කොමිෂන් සභ
දේශීය ලොකු ලූනු ගොවියා රැක ගැනීම සඳහා ආනයනික බද්ද රුපියල් 20 කින් ඉහළ දැමීමෙන් සිදු වූයේ පාරිභෝගික ජනතාවට වැඩි මිලට ලොකු ලූනු මිලදී ගැනීමට සිදුවීම පමණක
ඊශ්රායලය ලෙබනනයට එල්ල කරන දැඩි ගුවන් ප්රහාර හමුවේ ශ්රී ලාංකිකයන් 32 ක් ලෙබනනයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ පතා පැමිණ ඇති බවත් එම ශ්රී ලාංක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගම්මට්ටමේ දී ආණ්ඩුවෙන් ශ්රීලනිපයට කෙණෙහිලි