IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගායක වික්ටර්ගේ බිරිය අත්අඩංගුවට ගත්තේ ඇයි ?

 

සුවහසක් රසික රසිකාවියන්ගේ ජනාදරයට පත්ව සිටින ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතා හෂිණි අමේන්ද්‍රා සමග යුග දිවි ගමන් ඇරඹීම රටේ මහත් අන්දෝලනයක් ඇති කළ වඩාත් කතාබහට ලක් වූ සිදුවීමක් විය.   


වික්ටර් හා හෂිණි ගැන යළිත් වරක් සමාජයේ දැඩි කතා බහක් ඇති වූයේ හෂිණි අමේන්ද්‍රා රත්නායක මහත්මිය පොලිස් අත්අඩංගුවට පත්වීමත් එක්කමය.   


වංචා චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් හෂිණි අමේන්ද්‍රා දැන් සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවය.   


වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හෂිණිට රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමට සිදුවූයේ ඇයි?   


හෂිණි අමේන්ද්‍රා, වික්ටර් රත්නායක මහතා එක්ක විවාහවීමට කළින් වැඩ කළේ තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවකය.   


ඇය ඒ බැංකුවේ උකස් බඩු බාර ගන්නා අංශයේ නිලධාරිනියක ලෙස සේවය කළාය.   


පොලිස් අත්අඩංගුවට පත්ව අවසානයේ රිමාන්ඩ් බන්ධනාගාරයක තපින්නට හෂිණිට සිදුවූයේ 2012 සිට 2016 දක්වා තංගල්ලේ එම රාජ්‍ය බැංකුවේ උකස් අංශයේ නිලධාරිනියක ලෙස සේවය කරද්දී එම බැංකුවේ උකස් කර තිබු රුපියල් 12,80,000 පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් වංචා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.   


තංගල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වූ චන්ද්‍රාණි නමැත්තියක් ඇය සතු පවුම් ස්වර්ණාභරණ තංගල්ලේ රාජ්‍ය බැංකුවක උකස් කර රුපියල් 3,90,000ක පමණ මුදලක් ලබා ගත්තාය.   


රන් බඩුවල වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වන බව කියති.   


ඇය රන් බඩු උකස් කිරීමෙන් පසු කුවේට් රටේ ගෘහසේවිකා රැකියාවකට ගියාය.   


ඒ 2014 වසරේය.   


කුවේට් රටේ රැකියාවකට ගිය ඇය උකස් කළ රන් බඩුවලට නියමිත පොලිය නියමිත පරිදි ගෙවා දැමීමට ද අමතක කළේ නැත.   
කුවේට් රටේ ගෘහසේවිකා රැකියාවට ගිය ඇය 2016 වසරේ මෙරටට පැමිණියාය.   


ඇය බැංකුවට ගියේ රට යද්දී උකස් කර ගිය රන් භාණ්ඩ ටික බේරා ගැනීමටය.   


තමා උගස් කළ රන් භාණ්ඩවල කිසියම් වෙනසක් තිබෙන බව පෙනීගිය ඇය ඒ බව රාජ්‍ය බැංකුවේ කළමනාකරුට පැමිණිලි කර ඇත.   
ඒවා රන් ආලේප කරන ලද ඒවා බව බැංකු නිලධාරීන් සිදුකළ පරීක්ෂණයෙන් අනාවරණය වීමත් සමගම උකස් කර තිබෙන අනෙක් රන් භාණ්ඩ ද පරීක්ෂාවට ලක්කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන ඇත්තේ ඇති වූ සැක සංකා නිසාය.   


ඒ පරීක්ෂාවේදී තංගල්ල ප්‍රදේශයේ පදිංචි නිරෝෂන් නමැත්තෙක් උකස් කර තිබූ ස්වර්ණාභරණ වගයක් වෙනුවට ඇත්තේ රන් ආලේපිත ඒවා බවට හෙළි වී තිබේ.   


තංගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවකු වන ඔහු උකස් කර තිබුණේ රන් වළලු ජෝඩුවක්, මුද්දක් රන් මාලයක් හා රන් දම්වැලකි.   
හය ලක්ෂ අසූ දහසක් පමණ වූ මෙම රන් භාණ්ඩ උකස් කර ඔහු රුපියල් තුන් ලක්ෂ නව දහසක් පමණ මුදලක් ලබාගෙන තිබිණි.   
රාජ්‍ය බැංකුවේ කළමනාකාරවරයා මේ ගැන තංගල්ල පොලිසියට ගොස් පැමිණිලි කර ඇත්තේ බැංකුවේ සේවය කරන අයෙක් භාණ්ඩ සොරාගෙන ඒ වෙනුවට රන් ආලේපිත ඒවා තබා ඇති නිසාය.   


බැංකු බලධාරීන් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද පවත්වා ඇති බව දැන ගැනීමට ඇත.   


බැංකු කළමනාකාරවරයා කළ පැමිණිල්ලට අනුව පොලිසිය මේ ගැන පරීක්ෂණ ආරම්භ කළ අතර හෂිණිගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත්තේ ඇය එවකට බැංකුවේ උකස් බඩු ගන්නා අංශයේ සේවය කළ නිසාය.   


පොලිසිය මේ ගැන අධිකරණයට ද ඒ වකවානුවේ කරුණු වාර්තා කර සිටියේ මේ ගැන තවදුරටත් විමර්ශන සිදුකරන බව දැනුම් දෙමිනි.   
එහෙත් වසර දෙකක පමණ කාලයක් ඉක්ම ගියත් විමර්ශනයක් පවත්වා මේ වංචාව සිදු කළ කෙනා ගැන තොරතුරු හෙළිකර ගෙන ඒ කෙනා අත්අඩංගුවට ගැනීමක් කුමන හේතුවක් නිසා හෝ සිදුවූයේ නැත.   


එයට හේතුව තවම අබිරහසක්ව පවතී.   


කිසියම් අදෘෂ්‍යමාන හස්තයක් මේ සඳහා ක්‍රියාත්මක වූවාද කියන්නට තවම දන්නේ ද නැත.   


ඒ ගැන සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ද දැනටමත් පත්කර හමාරය.   


යටගැසී තිබුණ මේ වංචාව ගැන යළිත් අලුත් පරීක්ෂණයක් ආරම්භ කළේ වසර 1 1/2ක පමණ කාලයකට පස්සේය.  


තංගල්ල හා හම්බන්තොට දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ විශේෂ උපදෙස් මත තංගල්ල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරිණි.  


අලුතෙන් මේ ගැන පරීක්ෂණ පැවැත්වීමට බාර කෙරුණේ තංගල්ල කොට්ඨාස විශේෂ වංචා විමර්ශන අංශය වෙතය.  


මේ පිළිබඳව පොලිසියෙන් සිදුකළ පරීක්ෂණ වලට පොලිසිය බැංකුවේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවක දර්ශන ද උපයෝගී කර ගෙන තිබේ.  


සී.සී.ටී.වී. කැමරාවේ තිබූ ඒ දර්ශන ද මේ පරීක්ෂණවලට වැදගත් සාක්කි සපයා ඇත.  


හෂිණි අමේන්ද්‍රා රත්නායක මහත්මියට ප්‍රකාශයක් ලබාගැනීමට තංගල්ල කොට්ඨාස විශේෂ වංචා විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කරනු ලැබූවේ මේ හා සම්බන්ධව කෙරුණු පරීක්ෂණවලින් අනාවරණය වූ කරුණු කාරණා මතය.  


ඒ දැනුම්දීම මත ඇය පසුගිය අටවැනිදා උදේ තංගල්ල කොට්ඨාස වංචා විමර්ශන අංශය වෙත පැමිණියාය.  


ඇය පොලිසියට පැමිණියේ නීතිඥවරයකු ද කැටිවය.  


වික්ටර් රත්නායක මහතා ද සිය බිරිඳ සමග පොලිසියට පැමිණ තිබුණේ‍ ඇයට තිබූ ළෙන්ගතුකම නිසාමය.  


පොලිසිය ඇයගෙන් සිද්ධියට අදාළව දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.  
රාජ්‍ය සේවයේ නිරතව සිටිමින් වංචා කිරීම සාපරාධි විශ්වාසය කඩ කිරීම සහ සාවද්‍ය පරිහරණය හා පොදු දේපොළ ආඥා පනත යටතේ ද චෝදනා නගමින් හෂිණි අමේන්ද්‍රා මහත්මිය තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබ සිටියාය.  


තංගල්ල මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා ඇය මේ මාසයේ 17 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළේය.  


තංගල්ල සහ හම්බන්තොට දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධීකාරී ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීම යටතේ තංගල්ල කොට්ඨාස විශේෂ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත, පොලිස් පරීක්ෂක පියසිරි සහ උප පොලිස් පරීක්ෂක ධර්මසිරි යන මහත්වරුන් විසින් පරීක්ෂණ පවත්වා සැකකාර හෂිණි අමේන්ද්‍රා මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.  


මේ අතර මෙම වංචාවට අදාළ පැමිණිලි 2016 වසරේ පොලිසියට ලැබී තිබියදීත් ඒ ගැන විධිමත් පරීක්ෂණයක් නොකර පැමිණිල්ල යට ගැසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට තංගල්ල සහකාර පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා පත්කර ඇත.  


පැමිණිල්ල ලැබුණු වකවානුවේ පරීක්ෂණයක් පවත්වා සැකකාරිය අත්අඩංගුවට නොගත්තේ මන්ද යන්න ගැන කරුණු අනාවරණය කර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.  


ඒ කාලයේ මේ ගැන විමර්ශන කටයුතු සිදුකළ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දැනගැනීමට තිබේ.  


ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ මෙම පරීක්ෂණවලදී යම් වරදක් මෙහිදී සිදුවී ඇත්නම් වගකිවයුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව තදබල විනය ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් පසුබට නොවන බවය.  


බඩ ගින්න ඉවසා ගැනීමට නොහැකිව කෙසෙල් කැණක් කැපු අයකුට හෝ පොල් ගෙඩියක් දෙකක් විකුණාගන්න කඩාගත් අයකුට යම් සමාවක් දීමට ඉඩකඩක් තිබුණත්, මෙවැනි සාපරාධි ක්‍රියා කරන අයට නීතියෙන් කිසිම බුරුලක් නොදිය යුතු බව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසයි.  


රාජ්‍ය බැංකුවකට කෙනෙක් රන් භාණ්ඩ උකස් කරන්නේ ලොකු විශ්වාසයක් තිබෙන නිසයි. මෙවැනි ක්‍රියා කිරීම තුළින් ගනුදෙනුකරුවන්ගේ ඒ විශ්වාසය බිඳි යෑමට බෙහෝදුරට ඉඩ තිබෙනවා. ඒ පදනමේ සිට බලනකොට මෙය බරපතළ වරදක් බව අවධාරණය කළ යුතුව තිබෙනවා යැයි නියෝජ්‍ය පොලිස්පති ජයලත් මහතා වැඩිදුරටත් පැවැසීය.  


මේ සිද්ධිය ​ෙවන කාලයේ හෂිණි වික්ටර් රත්නායක මහතා සමග විවාහ වී සිටියේ නැත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

ගායක වික්ටර්ගේ බිරිය අත්අඩංගුවට ගත්තේ ඇයි ?

ඔබේ අදහස් එවන්න

 

 

පුවත්

ඉදිරි සතිය වෙන විට රතු සහල් හිගය අවසන් - ඇමති වසන්ත සමරසිංහ කියයි
2025 පෙබරවාරි මස 02 21 0

රතු සහල් හිඟය ඉදිරි සතිය ​ෙවන විට අවසන් ​ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ​ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය


මහපොළ‌ සහ ශිෂ්‍යාධාර මාස හතරකින් ලැබී නැහැ
2025 පෙබරවාරි මස 02 19 0

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.


අ​ෙප්‍ර්ල් මසදී පොල් මිල පහළට
2025 පෙබරවාරි මස 02 15 0

ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ


මැතිසබේ ලිංගික හිංසන සිද්ධියේ පරීක්ෂණයට බාධා
2025 පෙබරවාරි මස 02 26 0

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත


ආනයනික ඖෂධ තත්ත්ව පරීක්ෂාවට ලක් නොවීමේ අවදානමක් තිබෙන පරීක්ෂණාගාරය අවුරුදු 35 ක් පරණයි
2025 පෙබරවාරි මස 02 24 0

රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව


නිල වශයෙන් කියන්න මම යනවා - මහින්ද රාජපක්ෂ
2025 ජනවාරි මස 27 172 0

හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site