(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ ප්‍රධානීන් තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස හවුල් පක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට ආසන්නම හේතුව බව ද එම ආරංචිමාර්ගවලින් පැවසේ.
යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් හවුල් පක්ෂ ඉදිරිපත් කරන කරුණු සත්‍යයෙන් තොර බවත් දේශපාලන කාරණා සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෝ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ හැකි බවත් ජනාධිපතිවරයා හවුල් පක්ෂවල නායකයන්ට ඉකුත් සතියේ පිළිතුරු ලිපියකින් දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජනබල පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් මෙලෙස කලකිරීමකට පත්ව සිටින බව වාර්තා වේ.
මේ අතර ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේදී ඊයේ (23) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව සිටි බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.
ඇමැතිවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, අසංක නවරත්න, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ යන මහත්වරුන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ද එම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතව සිටි බව දැනගන්නට ඇත.
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පි
ජපාන රජය මෙරටට ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන ගිවිසුමට පසුගිය සිකුරාදා (07දා) ජපාන රජය සහ ශ්‍රී ලංකාව
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ජනපතිගේ පිළිතුරට කුඩා පක්ෂ කලකිරිලා