දැනට විසිදෙනෙක් ඇප තැන්පත් කරලා
(අජන්ත කුමාර අගලකඩ)
ලබන මස 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 32 දෙනෙකු පමණ ඉදිරිපත් වීමට නියමිතව ඇත. එය ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන වැඩිම අපේක්ෂකයන් ගණන ලෙස සැලකේ.
ඉන් අපේක්ෂකයන් 30 දෙනෙකුම ඉකුත් සිකුරාදා වෙන විට ඇපමුදල් ද තැන්පත් කර තිබිණි.
ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයන් 20 දෙනාගෙන් දසදෙනකුම පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අය වෙන අතර එක් අපේක්ෂකයෙක් පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන වෙනත් දේශපාලන පක්ෂයකින් තරග කරයි. ඉතිරි අපේක්ෂකයෝ නවදෙනා ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටිති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස, අපේ ජනබල පක්ෂයේ සමන් ප්‍රසන්න පෙරේරා, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ අජන්තා පෙරේරා, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ආරියවංශ දිසානායක, එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය, නව සම සමාජ පක්ෂයේ බැද්දගමගේ නන්දිමිත්‍ර, සමාජවාදී සමානතා පක්ෂයේ පල්ලියගුරුගේ වජිරපානි විජේසිරිවර්ධන, නව සිහළ උරුමයේ සරත් මනමේන්ද්‍ර, ජාතික සංවර්ධන පෙරමුණේ රොහාන් පල්ලෙවත්ත, ජාතික ජනබල ව්‍යාපාරයේ අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ ඒ.එස්.පී. ලියනගේ, සිහළ දීප ජාතික පෙරමුණේ ජයන්ත ලියනගේ, ජාතික ජනතා ව්‍යාපාරයේ ජෙනරාල් මහේෂ් සේනානායක, පෙරටුගාමී පක්ෂයේ දමින්ද නාගමුව සහ ජනසෙත පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන හිමි ද දේශපාලන පක්ෂවලින් ඇප මුදල් තැන්පත් කර ඇත.
මීට අමතරව චමල් රාජපක්ෂ, බසිරි සේගු දාවුද්, පියසිරි විජේනායක, රජිව් විජේසිංහ, ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, මිල්රෝයි ප්‍රනාන්දු, සමන්සිරි හේරත්, සරත් විජිතකුමාර කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොළ, සමරවීර වීරවන්නි, අශෝක වඩිගමංගාව සහ අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජනපතිවරණයට අපේක්ෂකයන් 32 ක්?