(දයාසීලි ලියනගේ)
පළාත් පාලන ආයතන මට්ටමේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා බරපතළ තාර හිඟයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උසස් නිලධාරීන් පත් නොකිරීම නිසා තාර ඇනවුම් කිරීමේ ටෙන්ඩර් පත්‍රිකා විවෘත කිරීමට නොහැකි වීම හා ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තාර මිල ඉහළයාම මේ තත්ත්වයට හේතු වී ඇතැයි සඳහන් වේ.
පළාත් පාලන ආයතනවල මාර්ග සංවර්ධනය සඳහා අවශ්‍ය 80x100 වර්ගයේ තාර පෞද්ගලික අංශයෙන්ද ගෙන්වනු ලබන නමුත් ජාත්‍යන්තර මිල ඉහළ යාම නිසා ඔවුන් ද බහුතරය තාර ගෙන්වීම තාවකාලිකව කල් දමා තිබෙන බව ද සඳහන් වේ.
තාර ගෙන්වීමේ බලය සංස්ථාවට පමණක් පවරා තිබූ අතර පසුගිය කාලයේ දී ඒ සඳහා පෞද්ගලික අංශයට ද අනුමැතිය ලබා දී තිබුණි.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තාර හිඟයෙන් පළාත්බද මාර්ග නඩත්තුව නැවතිලා