දුම්රිය - බස්රිය සේවා
කලින් නම්දී වෙන්කළ කාර්යාල සේවකයන්ට පමණයි
(දයාසීලි ලියනගේ)
11 වැනි සඳුදා සිට සති දෙකක කාලයක් බස්නාහිර පළාතේ ධාවනයවෙන බස් රථවල හා දුම්රියේ ගමන් කළ හැකි වෙන්නේ රජයේ හා පෞද්ගලික අංශවල අත්‍යවශ්‍ය සේවා සඳහා යොදවා ගනු ලබන අයට පමණි.
රජයේ හා පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවා තබන බවට දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති, වාර ප්‍රවේශපත්‍ර හිමි අයට පමණක් දුම්රියෙන් සේවයට පැමිණීමට අවස්ථාව සලසා ඇති බව ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ගමනාගමන මණ්ඩලයේ බස් රථවලින් සේවයට වාර්තා කිරීමට පැමිණිය හැක්කේ ඒ ඒ ඩිපෝවලට නම් ලබාදී අනුමැතිය ලබාගත් අයට පමණි.
විශේෂයෙන් පෞද්ගලික අංශයේ සේවකයන් සේවයට වාර්තා කළ යුත්තේ පෙ.ව. 10.00ට වන අතර ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීමට මෙම පියවර ගනු ලැබූ බව ද ඔහු කීය.
පළමු සතියේ ජනතාව ගමනා ගමන කටයුතුවල යෙදෙන ආකාරය සමාලෝචනය කරනු ලබන බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රවාහන ඇමැතිවරයාට දන්වා ඇත.
බස් රථය හෝ දුම්රිය අතරමගදී නතර කිරීමක් සිදුනොවන අතර සියළුම මගීන් සඳහා දුරස්ථ භාවය, මුඛ ආවරණය අනිවාර්ය වී ඇත. මගීන් ගමන් ගන්නා සියලු බස් රථ හා දුම්රිය මැදිරි විෂබීජහරණය කිරීමට ද සැලසුම් කර ඇති බව ද ඇමැතිවරයා කීය.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තව සති දෙකක් යනතුරු බස්නාහිර පොදු ප්‍රවාහනය සාමාන්‍ය ජනයාට නෑ