(දයාසීලී ලියනගේ)
මේ රටේ දුගී දුප්පත් ජනතාව රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණයවලින් නිදහස් වීමට සහන සැලසීමට හා ගම් මට්ටමින් සීග්‍රයෙන් පැතිරී යන මයික්‍රෝ ණය ක්‍රමය අත්හිටුවීමට වහාම පියවර නොගතහොත් රජයට එරෙහිව ජනතාව පෙළගැස්වීමට පියවර ගන්නා බව අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ජනපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා කීය.
මේ සඳහා වැඩපිළිවෙළක් ජනාධිපති, අගමැති හා විපක්ෂනායකවරයා එක්ව සැකසිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.
බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිව මේ රටේ බහුතරයක් දුගී දුප්පත් ජනතාව දැඩි අසීරුවකට පත්වී සිටින නිසා ඔවුන්ට වහාම සහනයක් සැලසිය යුතු බව ද ඩඩ්ලි සිරිසේන මහතා කීය.
දැන් ගම් මට්ටමින් සීග්‍රයෙන් පැතිරී යන ණය කාඩ් වැඩ පිළිවෙළ මගින් දුගී දුප්පත් ජනතාවට උපයා ගන්නා සෑම සතයක්ම ණය කාඩ්වලට ගෙවීමට සිදුවී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
ගම් මට්ටමේ ජනතාවට ඉතා තදබල ලෙසින් බලපාන මෙම කරුණු දෙකට වහාම සහනයක් අවශ්‍ය වෙන අතර එසේ නොකරන්නේ නම් රටේ ජනතාව සමඟ තමන් රජයට විරුද්ධව පියවර ගන්නා බව ද ඔහු කීය.
දුගී දුප්පත් ජනතාවට සහනයක් සැලසීම සඳහා ඔවුන් ණය බරින් නිදහස් විය යුතු බව ද ඔහු වැඩිදුරටත් කීය.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ලිමේන්තු නිලධා
වර්තමාන සිංහල අක්ෂර මාලාවෙහි (හෝඩියෙහි) “ඥ” අක්ෂරය නොමැති වුව එය සුලභව භාවිත වෙන හෙයින් එම අක්ෂරය හෝඩියට ඇතුළත් කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිංහ
මෙරට යාචකයන් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත්වන පුද්ගලයන් පිළිබඳ සංගණනයක් සිදුකළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජන හා නිවාස සංගණනයේ ක
වගාවන්ට හානි කරන අලි ඇතුන්ට එරෙහිව විවිධ විරෝධතා රට පුරා ඇති වී තිබුණත් අලිඇතුන් ගමන් කරන අලිමංකඩවල් 12ක් මිනිසුන් අත්පත් කරගෙන තිබීම වරදක් බව පරිසර යු
හිටපු ඇමැතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගු
වසර 2019 පසු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සිදු වී ඇති වැඩිම වර්ධන වේගය 2024 වසරේ තෙවැනි කාර්තුවේදී සිදු වී ඇති බවත් එය සංඛ්‍යාත්මකව සියයට 5.5ක ධනාත්මක අග
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
දුප්පතාට ණය සහන නොදුන්නොත් රජයට එරෙහිව ජනතාව පෙළගස්වනවා