දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
දැනට දේශපාලන සිරකරුවන් ලෙස රඳවා සිටින දෙමළ තරුණයන් නිදහස් කිරීම පිළිබඳව අගමැතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවෙයි.
අග්‍රාමාත්‍යවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පසුගියදා ඇතිවූ සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු කළ බව දෙමළ සන්ධාන යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය. ඒ අනුව ඔවුන් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළ බවද සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.
අදාළ විස්තර පසුගියදා අග්‍රාමාත්‍යවරයා වෙත බාරදී තිබේ. ඒ අනුව ඔවුන් පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය කටයුතු අග්‍රාමාත්‍යවරයා විසින් ඉටු කරනු ඇතැයි විශ්වාස කෙරෙන බව ඔහු පැවසීය. මෙසේ අත්අඩංගුවට පත්වූ එල්.ටී.ටී.ඊ ක්‍රියාධරයන් යයි සැක කෙරෙන දමිළ තරුණයන් වසර ගණනාවක් පුරා බන්ධනාගාර ගත කර සිටිති.
ඔවුන්ට චෝදනා ඇතිනම් කඩිනමින් නඩු කටයුතු ගොනු කොට, නඩු පවරන ලෙසත්, එසේ චෝදනා නැති අය නිදහස් කරන ලෙසත් දෙමළ සන්ධානය දීර්ඝ කාලයක සිට ඉල්ලීම් කරමින් සිටී.
පාසල් ගුරුවරුන් තම පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට මුදල් අය කෙරෙන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාතට අදාළව යැවූ චක්‍රලේඛය අත්හිටුවීම අධ්
මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි න්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රය
ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලුම පාර්ලිමේන්තු මන්ත
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතර ඇති වුණු මතභේදය තවදුරටත් උත්සන්නවී ගැටුමකට මුල ප
ලබන වසරේ (2025) මාර්තු ෙවනතුරු පොල් මිල පහළ බැසීමක් සිදු නොෙවන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග ඉරිදා ලංකාදීපයට පැවසීය. මාර්තු ෙවනතුරු පව
රථවාහන පොලිස් නිලධාරීන්ට ජැකට් සහ රතු පැහැති විදුලිපන්දම් ලබාදෙන තුරු රාත්‍රී කාලයේ දී පොලිස් නිල ඇඳුමෙන් සැරසී සාමාන්‍ය විදුලි පන්දම් භාවිත කර වාහන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳ වාර්තාවක් අගමැති ඉල්ලුවා
ajith Tuesday, 26 May 2020 06:54 AM
එක හොදයි. මොකද බොරුවට දේශපාලන සිරකරුවෝ කීවට එල්.ටී.ටී.ඊ කාරයොත් නිදහස් කරන්න හදනවනේ. රජය සතුව ඒ අයගේ ලැයිස්තුවක් තියනවනේ. බලමුකෝ මෙයාලගේ ලැයිස්තුව....