(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ලක්ෂ 50 ක මුදලක් ලබා දෙන බව පසුගිය අප්‍රේල් මාසයේදී පොෙරාන්දු වී ඇතත් මෙතෙක් එය ඉටුවී නැති බව වාර්තා වේ.
මෙම මුදල් ලබාදීම පිළිබඳව පසුගිය සතියේත් විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එහිදී ද මෙම මුදල් ගැන සාකච්ඡා වූ බව බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී බුවනෙක නානායක්කාර මහතා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ හා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වී ඇත. එහිදී ප්‍රදේශයේ සංවර්ධන වැඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හරහා සිදුවෙන බවටත් සංවර්ධන කටයුතු සඳහා ලක්ෂ 50 ක මුදලක් දෙන බවටත් ප්‍රකාශ වී ඇත.
මෙහිදී පසුගිය අප්‍රේල් මාසයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ලක්ෂ 50 ක මුදලක් දෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනු ලැබුවත් එම මුදලවත් මෙතෙක් ලැබී නැති බව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පෙන්වා දුන් බව ද බුවනෙක නානායක්කාර මහතා කීය.
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පි
ජපාන රජය මෙරටට ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන ගිවිසුමට පසුගිය සිකුරාදා (07දා) ජපාන රජය සහ ශ්‍රී ලංකාව
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ප්‍රාදේශීය සංවර්ධනයට දෙනවා කී ලක්ෂ 50 ශ්‍ර්‍රීලනිපයට තවම ලැබී නෑ