(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සීමා නිර්ණය කමිටු වාර්තාව ඉදිරිපත් කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මතය විමසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර ඇති අයැදුම්පත පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ඉදිරියේදී ජනාධිපති වෙත දන්වා යවන බව සිකුරාදා (23) නිවේදනය කළේය.
ජනාධිපතිවරයාගේ මෙම අයදුම්පත අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන්, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ අධිකරණය හමුවේ විභාගයට ගැණුනි. ජනාධිපතිවරයාගේ මෙම මත විමසුම පිළිබඳ විභාගයේ නීතිපතිගේ ස්ථාවරය වන්නේ සීමානිර්ණ වාර්තාවක් නොමැතිව පළාත් සභා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත්, පැරණි පනත අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවද නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය අධිකරණයට දැන්වූවාය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ නීතිපතිවරයා සහ අනෙකුත් පාර්ශවකරුවන් එකම ස්ථාවරයක සිට කරුණු දැක්වූ ප්‍රථම අවස්ථාව මෙය වන බවය.
ජනාධිපතිවරයාගේ මෙම අයැදුම්පතට අතරමැදි පෙත්සම් කිහිපයක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරු කරුණු දැක්වූ අතර ඔවුන් සියලු දෙනා සඳහන් කර සිටියේ පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මඟින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවය.
නමුත් අතරමැදි පෙත්සම්කාර නීතිඥ දසුන් නාගසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ සීමා නිර්ණය වාර්තාව නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි වුවත්, එය පැරණි ක්‍රමය යටතේ පැවැත්වීමේ නීතිමය ප්‍රතිපාදන පවතින බවය.
අතරමැදි පෙත්සම්කාර පාර්ශ්වවල කරුණු දැක්වීමෙන් අනතුරුව නීතිපති වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ මත විමසුම පිළිබඳ ප්‍රශ්න තුන සම්බන්ධයෙන් නීතිපතිගේ පිළිතුර වන්නේ සීමා නිර්ණය වාර්තා නොමැතිව පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකි බවත්, මීට අමතරව පැරණි පනත අනුවද මැතිවරණය පැවැත්විය නොහැකි බවත්ය.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පළාත් සභා මැතිවරණය ගැන ශේෂ්ඨාධිකරණ රහසිගත නිගමනය ජනපතිට දැනුම් දෙයි