(මහින්ද නිශ්ශංක)
මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් 14 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධව ඒ ඒ පළාත් පාලන බලප්‍රදේශවල දී අත්අඩංගුවට ගනු ලැබූ මෙම ඡන්ද අපේක්ෂකයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙම අපේක්ෂකයන් අතර ප්‍රධාන පක්ෂවලින් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් ද වෙතැයි ද එම ප්‍රකාශකයා කීය.
පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ මෙම ඡන්ද අපේක්ෂකයන් 14 දෙනාගෙන් 8 දෙනකු, පහරදීම්, තර්ජනය කිරීම් හා බැණවැදීම් සම්බන්ධව ලැබුණු පැමිණිලි මත අත්අඩංගුවට ගෙන ඇති අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව අපේක්ෂකයන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධි පෝස්ටර් ඇලවීම, කටවුට් ප්‍රදර්ශනය කිරීම, අත්පත්‍රිකා බෙදාහැරීම්, ශබ්ද විකාශන යන්ත්‍ර සවිකළ වාහන පැදවීම යනාදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ වනවිට ඡන්ද අපේක්ෂකයන් ඇතුළු පුද්ගලයන් 92 දෙනෙකු ද මැතිවරණ පැමිණිලි පිළිබඳව අපේක්ෂකයන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 96 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මැතිවරණ නීති කැඩූ අපේක්ෂක 14ක් මාට්ටු