(මහින්ද නිශ්ශංක)
එළැඹෙන මැයි මාසයේ දී පමණ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 ත් 200 ත් අතර මිලකින් වැඩිවීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් අනාවරණය වේ.
ලිට්‍රෝ සමාගම කි. ග්‍රෑ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින්ද ලාෆ් සමාගම රුපියල් 655 කින්ද මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි එම සමාගම් පවසයි.
විශේෂයෙන් ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල වාර්තා ගත ලෙස ඉහළයාමත් ඩොලරයේ අගය වැඩිවීමත් හේතුවෙන් තම සමාගම්වලට විශාල පාඩුවක් සිදුවී ඇතැයි ද එම නිසා දැනට පවතින මිල යටතේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් තවදුරටත් ලබා දීමට නොහැකි වී ඇතැයි එම සමාගම් රජයට දැනුම්දී තිබෙන බව ද වාර්තා වේ.
මේ සම්බන්ධව කළ විමසීමක දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ ගෑස් මිල වැඩි කිරීම සඳහා සමාගම් අවසර ඉල්ලා ඇතත් මිල වැඩිකිරීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැති බවය.
මෙම සමාගම් දෙක වසරක පමණ කාලයක සිට මිල වැඩි කිරීමට අවසර ඉල්ලා තිබූ බව ද වාර්තා වේ. වර්තමානයේ කි.ග්‍රෑ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1493 කි.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මැයි මාසයේ ගෑස් මිල නගියි