IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


මහනුවර තදබදය මකන අලුත් උමං මාර්ග මෙන්න

 

ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම නගරය මහනුවරය. ලෝකයේ මෙවන් කුඩා නගර පිහිටා ඇත්තේ අතළොස්සකි. එපමණක් ද නොව ලෝක උරුම නගරයකි. මෙම නගරය ගැන දැන් දැන් බොහෝ දෙනෙකු කතා බහ කරන්නේ අප්‍රසාදයෙනි. එයට හේතුව අධික වාහන තදබදයක් සහිත නගරයක් වන බැවිනි. එපමණක් නොව අධික වායු දූෂණයක් සහිත නගරයක් වශයෙන් ද නම් කර තිබේ.

එහෙත් පරසර අධිකාරිය පවසන්නේ ඔවුන්ගේ සීමා අගයන් ඉක්මවා ගොස් නොමැති බැවින් එය පිළිගැනීමට නොහැකි බවයි. 
මහනුවර යනු මෙරට ඓතිහාසිකමය වශයෙන් වැදගත් ස්ථානයකි. ලෝක උරුම නගරයක් ලෙසින් නම් කර තිබීමෙන්ම එය පැහැදිලි වේ. එපමණක් ද නොව ස්වාභාවික සෞන්දර්යයෙන් පොහොසත් පළාතකි. ප්‍රමාණයෙන් මහනුවර මහ නගර සීමාව වර්ග කිලෝමීටර් 28.5ක් වේ. මෙම නගරය තුළ උඩවත්ත කැළේ, වාකරවත්ත යන රක්ෂිත වනාන්තර දෙකක් පිහිටා තිබේ. නුවර වැව (කිරි මුහුද) දුනුමඩලාව වැව, රොස්නින් වැව ආදී වැව් තුනකි. ශ්‍රී දළදා මාලිගය, සතර මහා දේවාල ඇතුළු ඓතිහාසික ස්මාරක හාරසිය ගණනක් පිහිටා තිබේ. ජාතික පාසල් ඇතුළු පාසල් පනස් දෙකකි.  රෝහල් දෙකකි. නගරයේ නේවාසික නිවාස විසිහයදහස් හත්සිය හැත්තෑදෙකකි. නගර සීමාවේ නේවාසික ජනගහනය එක්ලක්ෂ විසි හය දහසක් පමණ වේ. 


සාමාන්‍ය දිනයක මහනුවර නගරයට ලක්ෂ හයකට  ආසන්න ජනතාවක් කටුගස්තොට, පේරාදෙණිය සහ තැන්නේකුඹුර යන ප්‍රදේශ හරහා පැමිණෙන අතර, පෙරහර සමයෙහිදි එය ලක්ෂ දහය දක්වා වැඩි වේ. මෙවන් පරිසරයක් පවතින මහනුවර නගරය ගැන වසර ගණනක සිටම බොහෝ දෙනෙකු කතා කරන්නේ අප්‍රසාදයෙනි. ඉහත සඳහන් කළ ආකාරයට එයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ වාහන තදබදය, වායු දුෂණය නිසා වේ. 


ඒ නිසා මෑතක සිට මෙම වාහන තදබදයට වගකිවයුත්තන් විසඳුම් සොයමින් වෙහෙස වන බව පෙනේ. ඒ සඳහා අලුතෙන්ම යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ මහනුවර, සුදුහුම්පොළ සිට තැන්නේකුඹුර දක්වා ද්විත්ව මංතීරු උමං මාර්ගයක් ඉදිකිරීමටය.  ඊට අමතරව මහයියාවේ පිහිටි උමඟට, සමාන්තරව තවත් උමගක් නුදුරේදීම ඉදි වනු ඇත. නගරය තුළ පදික උමං මාර්ග පහක්ද ඉදිකිරීමට නියමිතය. මේ වන විටත් මහනුවර විදුලි බලමණ්ඩලය අසලින් ඇති පදික උමං මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කර තිබේ. 
වර්තමානයේ කාර්යබහුල ජනාකීර්ණ නගරයක් වුවද, සෙංකඩගල කන්ද උඩරට මහනුවර බවට පත් කරනු ලබන්නේ සේනා සම්මත වික්‍රමබාහු රජු (ක්‍රි.ව. 1473-1511) විසිනි. ක්‍රි.ව 1800 ක තරම් වූ ඈත අතීතයේදී මහනුවර ජනගහනය දෙදහස් පන්සියක තරම් වූ සුළු පිරිසකි. 

මහනුවර විදුලිබල මණ්ඩලය අසලින් දිවෙන පදික උමං මාර්ගය සකසමින්

 


මහනුවර සුදුහුම්පොල සිට තැන්නේකුඹුර දක්වා උමං මාර්ගය..  


ඒ ආකාරයෙන් පැවත ගෙන එන, මහනුවර නගරයේ වාහන තදබදය අඩුකිරීමේ අරමුණින් සුදුහුම්පොළ සිට තැන්නේකුඹුර දක්වා ද්විත්ව මංතීරු උමං මාර්ගයක් කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදලේ :ෑෘක්‍ත්‍* අරමුදල් යටතේ ඉදිකිරීමට නියමිතය. මහනුවර නගරයට තරමක් ඈතින් පොළොව යටින් දිවෙන මෙම මාර්ගය කිලෝ මීටර් පහ හමාරක දුරකින් යුක්තය. එයට නුවරවෙල හංදිය (අම්පිටිය) අසලින් සහ බෝගම්බරින් අන්තර් හුවමාරු ස්ථාන දෙකක් ද ඇතුළත් වේ.  


මෙම උමං මාර්ගය ආරක්ෂිත නැවතුම් පහසුකම්, ආරක්ෂිත පිටවීමේ පහසුකම් ඇතුළත්ව අන්තර් ජාතික තත්ත්වයෙන් යුතු නවීන උමං මාර්ගයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙය මෙරට ඉදිවන ප්‍රථම ද්විත්ව මංතීරු උමං මාර්ගයද වේ.  සැබවින්ම ශ්‍රී ලාංකීය ජනතාවට නැවුම් අත්දැකීමක් එක් කරමින් ඉදිකිරීමට නියමිත මෙම උමං මාර්ගය නිසා, මහනුවර නගරය, විලියම් ගොපල්ලව මාවත, මහනුවර වැව රවුම මාර්ගය, දළදා මාලිගය පෙදෙසේ සිට තැන්නේකුඹුර දක්වා මාර්ගයෙහි තදබදය අවසන් වනු ඇත.   


පදික උමං මාර්ග පහක් අලුතින් ඉදි කරයි 
මේ වන විට මහනුවර නගරයේ ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය අසලින් පදික උමං මාර්ගයක් ඉදිකර තිබේ. ඊට අමතරව විදුලිබල මණ්ඩලය, මධ්‍යම වෙළෙඳපොළ, ඩී.එස්. සේනානායක විදුහල, පේරාදෙණිය රෝහල, ඔරලෝසු කණුව       අසල බර්ඞ්පාර්ක් ආසන්නයෙන්ද පදික උමං මාර්ග ඉදිකරනු ඇත. 

මහනුවර සුදුහුම්පොළ සිට තැන්නේකුඹුර දක්වා ද්විත්ව උමං මාර්ගය යන ආකාරය දැක්වෙන ගුවන් සිතියම

 


විදුලිබල මණ්ඩලය අසලින් ඉදිකරන පදික උමං මාර්ගය අවසන් වන්නේ ඉදිරියෙන් ඇති මධ්‍යම වෙළඳපොළ පිහිටි බැම්ම ඇතුළිනි. මීටර් හතළිහක් පමණ දිගය. කෙසේ වෙතත් එම බැම්ම ඉවත්කර එහි වෙළෙඳාම් කරන විසි දෙනෙක් පමණ වන වෙළෙඳ සල් හිමියන්ට අලුතින් වෙළඳසල්වල මුහුණත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සාදා දෙනු ඇත. ඊට අවශ්‍ය සැළසුම් සඳහා අනුමැතිය, මහනුවර නගරික කොමසාරිස් මේ වන විටත් ලබාදී අවසන්ය. මධ්‍යම වෙළෙඳපොළ දෙසට යාමට අවශ්‍ය නැති, ගුඞ්ෂෙඞ් බස් නැවතුම්පොළ, දුම්රියපොළ දෙසට යන ජනතාවට විදුලිබල මණ්ඩලය දෙසින් මීටර් දෙකක පමණ පදික වේදිකාවක් සාදාදීමට නියමිතය. මෙම උමං මාර්ගය ද ඉතාමත් විසිතුරු අන්දමින් සාදා දෙනු ඇත. මේ සඳහා මිලියන හැටකට ආසන්න මුදලක් වැය වන බවට ගණන් බලා ඇත. මේ වන විටත් ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම උමං මාර්ගය අගෝස්තු මාසයේ අවසන් වීමට පෙර සාදා අවසන් කිරීමට බලාපොරොත්තු වේ. මහනුවර නගරයේ වාහන තදබදයට මෙය විශාල සහනයකි. 


මහනුවර මහා මායා බාලිකා විදුහල අසලින් ඇති ප්‍රධාන මාර්ගයට පහළින් පොකුණක් (කිරි මුහුදේ කොටසක්) පිහිටා තිබේ. ඒ මැදින් කුඩා පාලමකි. එය ප්‍රධාන මාර්ගය තෙක් උස්සා අලුතින් පාලමක් සාදා ඒ දෙසින් වාහන ධාවනය කිරීමට අවස්ථාව ලබාදෙනු ඇත. එපමණක්ද නොව මහනුවර වැව කෙළවර (මායිම) දෙසින් ප්‍රධන මාර්ගයට පිවිසීමට ඇති මං තිරුව ප්‍රධාන මාර්ගයක් ලෙස සාදා ඒ දෙසින් වාහන ධාවනය කිරීමටද නියමිතය. පාසල් ආරම්භ වෙන සහ අවසන් වෙන කාලයේදී සිදුවන වාහන තදබදයට එය කදිම විසඳුමකි. මේ සඳහා මිලියන අනූහතරක මුදලක් වැය කිරීමට නියමිතය. ලුවි පිරීස් මාවතද පළල් කරනු ඇත.


 ස්තුතිය - තොරතුරු ලබා ගැනීමට සහය දැක්වූ උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය ලේකම් රාජිත සමරසූරිය, මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු මහේන්ද්‍ර විජේපාල, ප්‍රධාන ඉංජිනේරු (ව්‍යාපෘති) තිලක් සිරිවර්ධන යන මහත්වරුන්ට.  


සටහන සහ ජායාරූප  
සිසිර කුමාර බණ්ඩාර



අදහස් (0)

මහනුවර තදබදය මකන අලුත් උමං මාර්ග මෙන්න

ඔබේ අදහස් එවන්න

 

පුවත්

ඉමියුනොග්ලොබියුලීන් ඖෂධවල තිබුණේ වතුර - වාර්තාවකින් තහවුරුවෙයි
2025 මාර්තු මස 10 41 0

පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පි


ඩොලර් බිලියන 2.5 ක ජපන් ණය ප්‍රතිව්‍යුහගත කෙරේ
2025 මාර්තු මස 10 28 0

ජපාන රජය මෙරටට ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන ගිවිසුමට පසුගිය සිකුරාදා (07දා) ජපාන රජය සහ ශ්‍රී ලංකාව


අප්‍රේල් සිට ඇමෙරිකාව දුන් ආධාර 90% කින් කැපේ
2025 මාර්තු මස 03 124 0

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ​ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක


ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ විශේෂ පරීක්ෂණයක්
2025 මාර්තු මස 03 38 0

පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.


දුම්රියෙහි ගැටී අලින් මියයෑම වැලක්වීමට අධිකරණ ක්‍රියාමාර්ග - පරිසර යුක්ති කේන්ද්‍රය මේ වසරේ දැනට අලි මරණ 8 ක් - වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව
2025 පෙබරවාරි මස 24 117 0

දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ


මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පියවර ගන්න - කථානායක පොලිස්පතිට දැනුම් දෙයි
2025 පෙබරවාරි මස 24 46 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 219 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site