මහ බැංකු අධිපති
(ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)
බාහිර සාධක රැසක බලපෑම මත ශ්‍රී ලංකා රුපියල දැඩි පීඩනයකට ලක්වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගියදා පැවැති සයිබර් ආරක්ෂාව පිළිබඳ 6 වැනි සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
වත්මන් තත්ත්වය එසේ පැවතියද නොබෝ දිනකින් එය පාලනය කරගත හැකි බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
රුපියලේ අගය පහත වැටීම සඳහා ප්‍රධාන වශයෙන් බාහිර සාධක තුනක් බලපෑ අතර ඇමෙරිකා එක්සත් ජනපදය තම පොලී අනුපාත ස්ථාවර මට්ටමක තබා ගැනීම ඉන් ප්‍රධාන සාධකයකි. පොලී අනුපාතික අවම වීම මත ඇමෙරිකාවෙන් බැහැර විදේශ වෙළෙඳපොළේ ආයෝජනය කළ ව්‍යාපාරිකයෝ යළි ඇමෙරිකාවේ ආයෝජනය කිරීමට පෙළඹී සිටිති.
දෙවැනි සාධකය ඇමෙරිකා එක්සත් ජනපදය හා චීනය පවතින වෙළෙඳ යුද්ධයයි. තෙවැනි සාධකය ඇමෙරිකාව හා ඉරානය අතරත්, මැපෙරදිග අතරත් පවතින ආතතියයි. මෙම තත්ත්වය හමුවේ තෙල් මිල ඉහළ ගිය අතර එය ශ්‍රී ලංකාවට විශාල වශයෙන් බලපා තිබේ.
2011/2012 සමයේ ශ්‍රී ලංකා මහ බැංකුව රුපියලේ අගය පහත වැටීම වළක්වා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 වැය කළද එහි අගය 13.5%දක්වා පහත වැටිණි. 2015දී ඩොලර් බිලියන 1.2ක් වැය කළද රුපියලේ අගය 9% දක්වා පහත වැටීම වළක්වා ගත නොහැකි විය. විනිමය අනුපාතික ස්ථාවරව තබා ගැනීම සඳහා යළි ඒ අයුරින් විශාල මුදලක් වැය කිරීම සුදුසු නැතැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව රුපියලේ අගය ස්ථාවරව තබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රුපියලේ අගය පහත වැටීමට බාහිර සාධක බලපෑවා