(දයාසීලි ලියනගේ)
ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ බැස ඇති නිසා විදුලිය කපා හැරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හා විදුලිබල අමාත්‍යාංශය අතර උග්‍ර මත ගැටුමක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.
දිවා කාලයේ මෙ.ටො. 1950 ක් හා රාත්‍රී කාලයේ මෙ.ටො. 2300 ක විදුලි ධාරිතාවක් පවත්වා ගෙන යාම සඳහා විදුලිය කපා හැරීමේ කාල සටහනේ ඇතුළත් ක්‍රම වේදයක් ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඉදිරිපත් කර තිබෙන අතර අමාත්‍යාංශය එයට එකඟතාවය දක්වා නැතැයි කියති.
විදුලිය නිෂ්පාදනය සඳහා ජලය සීමා නොකළහොත් ලබන මස අග භාගය වනවිට කොළඹ නගරයට බීමට ජලය සැපයීම පවා සීමා කිරීමට සිදුවෙන බව ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලි අමාත්‍යාංශයට ලිඛිතව දන්වා යවා ඇත. ඉදිරි මෝසම් වැසි ලැබෙන තුරු අරපිරිමැස්මෙන් කටයුතු නොකළහොත් බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවෙන බව ද මණ්ඩලය පෙන්වා දී ඇත.
මේ වන විට කාසල්රී ජලාශයේ ජල මට්ටම සියයට 9 දක්වා ද, මාඋස්සාකැලේ ජල මට්ටම සියයට 26.4 දක්වා ද, කොත්මලේ ජල මට්ටම සියයට 34.1 දක්වා ද වික්ටෝරියා ජල මට්ටම 37.3 දක්වා ද, රන්දෙණිගල ජල මට්ටම 87.8 දක්වා ද, සමනලවැව ජල මට්ටම සියයට 18.5 දක්වා ප්‍රමාණයක පවතී.
මේ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් උෂාන්ත වර්ණකුමාර මහතා සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ අඛණ්ඩව විදුලිබල සැපයුමකට අභියෝගයක් ඇතත්, ඒ හමුවේ විදුලි කප්පාදුවකට යාමට කිසිදු තීරණයක් ගෙන නැති බවත්ය.
රතු සහල් හිඟය ඉදිරි සතිය ෙවන විට අවසන් ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත
රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විදුලිය කැපීම අමාත්‍යාංශය සහ මණ්ඩලය මත ගැටුමක