(බිඟුන් මේනක ගමගේ)
කොළඹ වරායේ යාත්‍රා ඇදගෙන යාමේ සේවය සැපයීම සඳහා වූ ටග් යාත්‍රා ටෙන්ඩරයක් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් වැඩි මිලක් ඉදිපත් කළ ලංසුකරුට ලබා දීමට වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින්නේ යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
තුන් අවුරුදු කාලයකට අදාළ මෙම ටෙන්ඩරය සඳහා අවම මිලක් සහිතව ලංසුව ඉදිරිපත් කර ඇත්තේ ඉන්දියාවේ විශාලතම වරාය මෙහෙයුම් සහ නාවික සේවා සමාගමක් වන ඕෂන් ස්පාර්ක්ල් සමාගම වන අතර ඔවුන් 2010 සිට 2016 වසර දක්වා මෙම සේවා සැපයුම්කරු හැටියට කටයුතු කර ඇත.
සිය ලංසුව අසාධාරණ ලෙස ප්‍රතික්ෂේප කළ බව කියමින් ඕෂන් ස්පාර්කල් සමාගම ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයට අභියාචනයක් ද කර ඇති අතර ලංසුව ප්‍රතික්ෂේප කිරීමට අමාත්‍යාංශය යොදාගෙන ඇති නිර්ණායක ටෙන්ඩරය කැඳවන අවස්ථාවේ නිර්ණායක හැටියට සලකා තිබුණේ නැතැයි එම අභියාචනයේ සඳහන් වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලූ ප්‍රසම්පාදන අභියාචනා කමිටුව මෙම ලංසුව ප්‍රතික්ෂේප කිරීමට ගත් තීන්දුව වැරැදි බව නිගමනය කර ඒ බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම් එල්.පී. ජයම්පති මහතාට හා කැබිනට් මණ්ඩලයට දන්වා තිබේ.
එහෙත් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩල තීන්දුව ද නොසලකා හරිමින් කටයුතු කිරීමට වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මේ නිසා ඕෂන් ස්පාර්කල් සමාගම ජාතික ප්‍රසම්පාදන කොමිසමට ද මේ ගැන පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ජාතික ප්‍රසම්පාදන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ කොමිසමේ කාර්යාලය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේ සිට බත්තරමුල්ල දක්වා ගෙන ගිය බැවින් මෑත කාලයේ ලද අභියාචනා කීපයක් විමර්ශන කටයුතු තවම ආරම්භ කළේ නැති බවයි.
එම පැමිණිල්ල ගැන සොයා බලා දැනුම් දිය හැකි යැයි ද එම නිලධාරියා කීවේය.
ඕෂන් ස්පාර්කල් සමාගම මේ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ද ලිපියක් මගින් පැමිණිලි කර ඇත.
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පි
ජපාන රජය මෙරටට ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන ගිවිසුමට පසුගිය සිකුරාදා (07දා) ජපාන රජය සහ ශ්‍රී ලංකාව
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වරායේ ටග් යාත්‍රා ටෙන්ඩරය අත යටින් දෙන මගඩියක්