(දයාසීලි ලියනගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශකවරයකු වශයෙන් සිටින නිසා, මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ඔහුගේ රුව යොදා ගැනීමට රජයේ ඇතැම් මැති ඇමැතිවරුන් අදහස් දැක්වීම පිළිබඳව පක්ෂයේ දෙපාර්ශ්වයම අතර පුළුල් මතභේදයක් හට ගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයේ පාර්ශ්වයේ ඇතැම් මැති ඇමැතිවරු ඉදිරිපත් කර ඇති මෙම මතයට, දැඩි විරෝධය දක්වන බව ඒකාබද්ධ විපක්ෂයේ සම සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ උපදේශක වූවත්, ඔහුගේ ඡායාරූපය යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම කිසිසේත්ම ඒකාබද්ධ විපක්ෂය අනුමත නොකරන බවද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්වී තීන්දුවක් ගන්නා බවද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම හා ඡායාරූපය යොදා ගනිමින් ප්‍රචාරක කටයුතු නොකළ යුතු බවයි. රජයේ පාර්ශ්වයේ ජයග්‍රහණය පිළිබඳ සැකයක් නොමැති නිසා, මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය හෝ නම ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම නොකළ යුතු බවද ඔහු කීය.
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පි
ජපාන රජය මෙරටට ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන ගිවිසුමට පසුගිය සිකුරාදා (07දා) ජපාන රජය සහ ශ්‍රී ලංකාව
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ශ්‍රීලනිපය ඡන්දෙට හිටපු ජනපති රුව යෙදීම ගැන ඒකාබද්ධයේ විරෝධය