IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ශ්‍රී ලංකන්-මිහින් ලංකා දූෂණ සොයන කොමිසමක්

 

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල වසර 12ක අක්‍රමිකතා සොයා බැලීම සඳහා පංච පුද්ගල කමිටුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ. 


ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාර අනිල් ගුණරත්න, අභියාචනාධිකරණයේ විනිශ්චයකාර ගාමිණී රොහාන් අමරසේකර, මහාධිකරණයේ විශ්‍රාමලත් විනිශ්චයකාර පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති මල්ලවආරච්චිගේ දොන් ඇන්තනි හැරල්ඩ්, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා ජයසීලි කපුගම යන මහත්ම මහත්මීන් මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ ඇත. 


මූලික කරුණු 10ක් යටතේ අදාළ සමාගම්වල සිදුවූ අක්‍රමිකතා පිළිබඳව මෙම කොමිසම මගින් සොයා බලනු ලබයි. 


ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ එමිරේට්ස් එයාර්ලයින් සමාගම අතර එළඹී තිබූ ගිවිසුම අවලංගු කිරීම, ගුවන් යානා හා වෙනත් වත්කම් මිලදී ගැනීම, විකිණීම, බදුදීම, සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම්, ස්ථානමාරුව, විශ්‍රාම ගැන්වීම්, මිහින් ලංකා සමාගම ස්ථාපිත කිරීම හා නිමා කරලීම, මානව සම්පත් කළමනාකරණය ආදී කරුණු පිළිබඳව මෙම කොමිසම මගින් සොයා බලනු ඇත. 


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉතිහාසය දෙස බැලීමේදී 2008දී ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් සමාගම් කළමනාකාරිත්වය යටතේ පැවැත්වුණි. එමිරේට්ස් ගිවිසුම අවලංගු කිරීමට එවකට සිටි ප්‍රධාන දේශපාලනඥයෙක් හා එහි ප්‍රධාන විධායක නිලධාරි පීටර් හිල් මහතා අතර ගැටුමක් හේතු වූ බව කියති. 2008දී එමිරේට්ස් යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් කෝටි 440ක් වූ බව වාර්තා වේ. 


එමිරේට්ස් ආයතනයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉවත් වීමෙන් පසු 2009 වර්ෂයේදී පාඩුව රුපියල් කෝටි 930ක් වී ඇත. 2014 වර්ෂයේ පාඩුව රුපියල් කෝටි 400කට ආසන්නවී තිබිණි. මේ රජය බලයට පත්වීමෙන් පසු 2015, 2016 වසරවල පාඩුව රුපියල් කෝටි 160 දක්වා අඩු කර ගෙන ඇති බව වාර්තා වේ. 


මීට අමතරව වසර 2008දී එමිරේට්ස් ආයතනයට කොටස් තිබියදී ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් කෝටි 1500ක් වී තිබූ අතර, එමිරේට්ස්වලින් ඉවත් වීමෙන් පසු 2015 වෙන විට ශුද්ධ වත්කම ඍණ රුපියල් කෝටි 7500ක් වී තිබිණි. ඒ අනුව වත්කමට වඩා බැරකම ඉහළ ගොස් තිබූ බව වාර්තා වේ. 


මෙම ආයතනය ලබා ඇති ණය මුදල්වලින් තවත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට හැකියාව තිබූ බව කියති. නැතහොත් පාසල් 150ක් හෝ ඇඳවල් 300ක් බැගින් වූ අංගසම්පූර්ණ රෝහල් 10ක් ඉදිකිරීමට හැකියාව තිබූ බව කියති. 


භාණ්ඩාගාර ඇප මත බැංකු හා වෙනත් ආයතනවලින් ලබා ගත් ණය මුදල 2016 වෙන විට රුපියල් කෝටි 1000කට අධික බව වාර්තා වේ. 


 ශ්‍රී ලංකන් ගුවන් සේවය කිසිදු පැත්තකින් ලාභයක් උපයා නැති බවක් පෙන්නුම් කරයි. ගුවන් යානා නඩත්තුව හා කල් බදු සඳහා වැය වන මුදල ඉහළ යාම නිසා මෙහෙයුම් වියදම වර්ෂ 2015දී රුපියල් බිලියන 4.9ක් වී තිබූ අතර, එය 2016 වෙන විට රුපියල් බිලියන 14.1ක් දක්වා ඉහළ ගොස් තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 


වර්ෂ 2015දී ලබා ගත් ගුවන් යානාවලට අදාළ නඩත්තු හා කල් බදු වියදම 2016දී සම්පූර්ණයෙන් දැරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුවී තිබූ අතර, 2015 වසරට සාපේක්ෂව 2016 වසර තුළදී ඉහළ මෙහෙයුම් වියදමක් හා සැලකිය යුතු මෙහෙයුම් අලාභයක් ලැබීමට හේතු වූ බව ද වාර්තා වේ. දැවැන්ත අලාභ ලබන ගුවන් සේවයක් රජයේ මුදල් ප්‍රවාහනය මගින් අරමුදල් සපයමින් පවත්වාගෙන යාම රජයේ අයවැය මත විශාල පීඩනයක් ඇති කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව වැඩිදුරටත් සඳහන් කර තිබිණි. 


ප්‍රාග්ධනය සැපයීම, ණය සහ රජයේ අයවැය මත ඇති පීඩනය ඉවත් කිරීමටත්, උපායමාර්ගික හවුල්කරුවකු එක්කර ගැනීමේ යෝජනාවක් ද ඉදිරිපත්වී තිබූ බව කියති. 


 ශ්‍රී ලංකන් ගුවන් සමාගම බරපතළ අර්බුදයකට මුහුණ පෑ විශේෂ කරුණක් වශයෙන් සඳහන් වෙන්නේ කිසිදු ව්‍යාපාර සැලැස්මක් නොමැතිව  A-350ය වර්ගය ඇතුළු ගුවන් යානා 8ක් පසුගිය රජය මගින් ඇණවුම් කර තිබීමයි. 


මෙම රජය බලයට පත්වීමෙන් පසු එම ගුවන් යානා ඇණවුම් කර තිබූ ‘‘එයාර් කැප්’’ ආයතනයට රුපියල් බිලියන 14.7ක දඩ මුදලක් ගෙවා ලීසිං ගනුදෙනුවෙන් නිදහස් වී ඇති බව කියති. 


එම දඩ මුදල නොගෙව්වා නම් සිදු වෙන්නේ එක් ගුවන් යානයක් වෙනුවෙන් ඩොලර් මිලියන 1.4 බැගින් ගුවන් යානා 4ටම මාසිකව කල් බදු ගෙවීමට සිදුවීම බව සඳහන් කරයි. 


ඒ අනුව වසර 12කට ගෙවීමට සිදුවෙන කල් බදු ප්‍රමාණය ඩොලර් බිලියන 806ක් බව ද සඳහන් වේ. 


 ශ්‍රී ලංකන් ගුවන් ​ෙස්වය සුදු අලියකු බවට පත්වීමට තවත් ප්‍රධාන හේතුවක් ලෙසට අයථා මුදල් පරිපාලනය සඳහන් කළ හැකිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිහීමට හේතුවක් වූ බව කියති. ඒ වෙනවිට වයස අවුරුදු 70ට ආසන්න වෙමින් සිටි වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය කෙළිලොල් තරුණයකුට සමාන වූ බව සේවක පිරිස් සඳහන් කරති. අවම අධ්‍යාපන සුදුසුකමක්වත් නොතිබූ බව කියන ඔහු, සිය කායික හා මානසික සුවය සඳහා ගුවන් සේවා මුදල් වියදම් කර ඇත්තේ කිසිදු ලෝභකමක් නොමැතිව බව සඳහන් වේ. 


හිටපු සභාපතිවරයා ඇතූළු නිලධාරීන් තම බලතල අවභාවිත කිරීම හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ80කට වැඩි අලාභයක් සිදුවී ඇති බව බරපතළ වංචා හා දූෂණ චෝදනා විමර්ශන ජනාධිපති කොමිසම සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළිදරව්වී තිබූ බව වාර්තා වේ. 
වර්ෂ 2010 සිට 2015 දක්වා එක් ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර සිට ඇත. ගුවන් යානාවල සේවය කරනු ලබන අයට ගෙවනු ලබන කාර්යක්ෂම දීමනාව ලෙස රුපියල් ලක්ෂ 14 1/2ක මුදලක් මාසිකව ඇයට ගෙවා තිබුණ බව ද සඳහන් වේ. 


ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් හා සමීප හිතවත්කමක් පවත්වා ඇති මෙම කාන්තාවට එම හිතවත්කම් මත මෙලෙස ගෙවීම් කර ඇති බව අනාවරණය වේ. 


මීට අමතරව හිටපු සභාපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් සපයා තිබූ මර්සිඩිස් බෙන්ස් රථයක් හා සුපිරි ප්‍රාඩෝ රථයක් පාවිච්චි කරමින් සිටින අතරතුර ගුවන් සමාගමේ මුදලින් තවත් කෝටි 1 1/2ක් වැය කර නවීන මෝටර් රථයක් මිලදී ගෙන ඇතැයි ද වාර්තා වේ. 


මේ රජයේ දින සීයේ වැඩපිළිවෙළ පැවති කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නාස්තිය පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද වැලිඅමුණ කමිටුව මගින්ද හිටපු සභාපතිවරයාගේ ක්‍රියා කලාපය විමර්ශනයට ලක්කර තිබිණි.


වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය නිසා ආයතනය අතිවිශාල මුදලක් විනාශයට පත්කර තිබූ ආකාරය එහි සඳහන් කර තිබිණි. 


ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, නිලධාරීන්, දේශපාලනඥයන් හා විශේෂිත වූ සේවක, සේවිකාවන් නිතර විදේශ සංචාරවල යෙදී ඇති අතර, ඒ සඳහා ගුවන් සේවයේ මුදල් වැය කර තිබූ බව ද දැනගන්නට ඇත. 


උදාහරණයක් වශයෙන් දේශපාලනඥයෙක් ඇතුළු කීප දෙනෙක් එතෙර ගුවන් කරණම් සංදර්ශනයක් නැරඹීමට යාම සඳහා ලක්ෂ 20කට අධික මුදලක් වැය කර තිබූ බව සඳහන් වේ. 


රජයට තවත් විශාල බරක් ගෙන දෙන ආයතනයක් වූයේ මිහින් ලංකාය. ‘‘අහස අපට’’ තේමාව යටතේ ආරම්භ කරන ලද මිහින් ලංකා ආයතනයේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කර තිබූ අතර, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවෙන් ද රුපියල් මිලියන 300ක ණය මුදලක් ලබාගෙන තිබිණි. 


පළමු වසරේදීම රුපියල් මිලියන 195ක පාඩුවක් ලැබූ මිහින් ලංකා ආයතනයට නඩත්තුව සඳහා රජයෙන් මිලියන 500ක මුදලක් ලබාදී තිබිණි. ඒ වසරේද පාඩුව රුපියල් මිලියන 3161ක් විය. 2009 වසරේ මිහින් ලංකා පාඩුව රුපියල් මිලියන 1300කි. 


පාඩු පිට පාඩු ලබමින් සිටි මිහින් ලංකා ආයතනයට 2010දී නැවතත් රජයෙන් රුපියල් මිලියන 2574ක් ලබාදී තිබිණි. 


විගණකාධිපති වාර්තාව පෙන්වා දෙන ආකාරයට 2012දී මුළු පාඩුව රුපියල් බිලියන 8.5ක් බව වාර්තා වේ. 


පාඩු පිට පවත්වාගෙන ගිය මිහින් ලංකා ආයතය ජනතාවට සහනයක් ලෙස පවත්වාගෙන යනු ලැබුවේ දඹදිව චාරිකා වැඩසටහනයි. 
මිහින් ලංකා ආයතනය වසා දමන විට එහි දේශීය හා විදේශීය ගුවන් නියමුවන් 24ක්, ගවන් සේවිකාවන් 106ක්, වෙනත් අංශවල ස්ථිර සේවකයන් 40ක් ඇතුළු 300ක පමණ කාර්ය මණ්ඩලයක් සිටියහ. 


මේ ආයතන දෙකේම අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබිණි. 


මෙම කමිටුව මගින් තවත් තොරතුරු අනාවරණය කරනු ඇතැයි විශ්වාස කෙරේ. රාජ්‍ය ආයතනයක වත්කම් විනාශ කළ නිලධාරීන් පිළිබඳ තොරතුරු අනාවරණය වනු ඇතැයි විශ්වාස කෙරේ. ආයතනයයක් විනාශ කිරීමට මූලික වූවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇත. 

දයාසීලි ලියනගේ

 



අදහස් (0)

ශ්‍රී ලංකන්-මිහින් ලංකා දූෂණ සොයන කොමිසමක්

ඔබේ අදහස් එවන්න

 

 

පුවත්

ඉදිරි සතිය වෙන විට රතු සහල් හිගය අවසන් - ඇමති වසන්ත සමරසිංහ කියයි
2025 පෙබරවාරි මස 02 21 0

රතු සහල් හිඟය ඉදිරි සතිය ​ෙවන විට අවසන් ​ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ​ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය


මහපොළ‌ සහ ශිෂ්‍යාධාර මාස හතරකින් ලැබී නැහැ
2025 පෙබරවාරි මස 02 20 0

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.


අ​ෙප්‍ර්ල් මසදී පොල් මිල පහළට
2025 පෙබරවාරි මස 02 15 0

ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ


මැතිසබේ ලිංගික හිංසන සිද්ධියේ පරීක්ෂණයට බාධා
2025 පෙබරවාරි මස 02 27 0

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත


ආනයනික ඖෂධ තත්ත්ව පරීක්ෂාවට ලක් නොවීමේ අවදානමක් තිබෙන පරීක්ෂණාගාරය අවුරුදු 35 ක් පරණයි
2025 පෙබරවාරි මස 02 26 0

රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව


නිල වශයෙන් කියන්න මම යනවා - මහින්ද රාජපක්ෂ
2025 ජනවාරි මස 27 174 0

හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site