IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඉන්දියාවෙන් රූප රාජිණියන් බ්හිවෙන රහස?

 

2021 විශ්ව රූ රැජින තරගාවලිය පසුගිය 13 වැනිදා අති උත්කර්ශවත් අන්දමින් ඊශ්‍ර්‍රායලයේ ඒලාත් නුවර, ‘යුනිවර්ස් එරීනා’ රඟහලේ පැවැත්විණි. මෙය 70 වැනි විශ්ව රූ රැජින තරගාවලියයි. මෙවර රටවල් 80 ක සුරූපිනියෝ විශ්ව රූ රැජින කිරුළ සඳහා ඉදිරිපත්ව සිටියහ. මෙවර ලොවට හිසරදයක් වුණු ‘කොවිඩ් 19’ වසංගතය ද හරස් විය. ඇතැම් රටවලින් සුරූපිනියන් සහභාගි නොවුණේ ඒ නිසාය. ඊට අමතරව, තවත් රටවල් කීපයක් තරගාවලිය වර්ජනය කිරීමට ද කටයුතු කර තිබුණි. ඒ, තරගාවලිය ඊශ්‍රායලයේ පැවැත්වූ බැවිණි. ඊශ්‍රායල පලස්තීන අර්බුදය ඊට හේතු විය. පලස්තීන මුස්ලිම් වැසියන්ට ඊශ්‍රායල යුදෙව් රජයෙන් එල්ල වන කෙණෙහිලිකම්වලට විරෝධය පෑමක් ලෙස රූ රැජින තරගාවලිය වර්ජනය කෙරුණි.   


බාධා මැද වුවත්, 2021 විශ්ව රූ රැජින තරගාවලිය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. 2021 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට, ඉන්දියාව නියෝජනය කළ 21 හැවිරිදි පන්ජාබ් සුරූපිනිය හර්නාස් සන්දු සමත් වූවාය. සුපුරුදු පරිදි තරගාවලිය මෙහෙය වීම කළේ ස්ටීව් හාර්වි ය. තරගාවලිය අවසන් වෙද්දී ඔහු හර්නාස්ගෙන් අමුතු විදියේ ප්‍රශ්නයක් පළමුවෙන් ඇසුවේය. ‘ඔයාට සතුන්ගේ හඬ අනුකරණය කරන්න පුළුවන් කියලා මා දැනගත්තා. ආසයි ඒක බලන්න‘ යැයි ඔහු කියයි. හර්නාස් පුදුමයට පත් වී කියා සිටියේ ජාත්‍යන්තර වේදිකාවක එවැනි ප්‍රශ්නයක් තමා බලාපොරොත්තු නොවූ බවය. කෙසේ නමුත් ඇය ඊට පිළිතුරු දෙමින් පූසකු මෙන් ඤාව් කීවාය. හාස්‍යජනක සිදුවීමක් වුවත්, මේ සම්බන්ධයෙන් ස්ටීව් හාර්වි ට විවේචන එල්ල වී ඇත. හාර්වි විනිසුරුවරුන් වෙනුවෙන් හර්නාස්ගෙන් යොවුන් පරපුර මුහුණ දෙන අභියෝග කුමක්දැයි විමසා සිටියේ ඉන් අනතුරුවය.

   
‘යොවුන් පරපුර වර්තමානයේ මුහුණදෙන විශාලම පීඩනය තමයි තමා ගැන විශ්වාස කිරීම. තමා සුවිශේෂයි කියන දේ තේරුම් ගැනීම. එවිට සියලු‍දෙනා ලස්සනයි. ඔබව අනෙකා සමග සමාන කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට ලොව සිදුවන වඩා වැදගත් දේ ගැන කතා කරමු. එයයි ඔබ වටහාගත යුත්තේ. ඔබ වෙනුවෙන් ඔබම කතා කරන්න. ඒ මන්දයත් ඔබගේ ජීවිතයේ නායකයා ඔබයි. ඔබ වෙනුවෙන් ඔබ හඬ නැගිය යුතුයි. එම නිසා තමයි මම මෙතැන අද ඉන්නේ.”‍ යැයි හර්නාස් පිළිතුරු දුන්නාය. විනිසුරුවරුන්ගේ ප්‍රසාදය දිනා ගැනීමටත් අවසන් සුරූපිනියන් තිදෙනා අතරින් කිරුළ දිනා ගැනීමටත් එම පිළිතුර හේතුවක් විය. වාර්ෂිකව පැවැත්වෙන විශ්ව රූ රැජින තරගාවලියේ දී රූපය පමණක් නොව බුද්ධිය ද අභියෝගයට ලක් කිරීම සිදුවෙයි.   
විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පැරගුවේ රාජ්‍යය නියෝජනය කළ සුරූපිනී නාඩියා ෆෙරෙයිරාටත් තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාව නියෝජනය කළ සුරූපිනී ලලිලා ස්වනේටත් හිමිවිය. විශ්ව රූ රැජින කිරුල ඉන්දීය සුරූපිනියකට හිමිවුණු තෙවැනි අවස්ථාව මෙය විය. හර්නාස්ට පෙර විශ්ව රූ රැජින කිරුල දිනූ ඉන්දීය සුරූපිනියන් වන්නේ, සුෂ්මිතා සෙන් සහ ලාරා දත්තා ය. සුෂ්මිතා සෙන් විශ්ව රූ රැජින බවට පත් වූයේ 1994 දීය. ලාරා දත්තා විශ්ව රූ රැජින ලෙස කිරුලු පැළඳියේ 2000 දීය. ඒ අනුව හර්නාස් මෙසේ විශ්ව රූ රැජින ලෙස කිරුලු පැළඳියේ වසර 21කට පසුවය.   


විශ්ව රූ රැජින කිරුල දිනා ගැනීමත් සමඟ සුෂ්මිතා සෙන් මෙන්ම ලාරා දත්තා ද ජනප්‍රිය බොලිවුඩ් තරු බවට පත් විය. ඔවුන් දෙදෙනාම හර්නාස්ට සුබ පැතුම් එක් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දියාවට අභිමානයක් වූ හර්නාස්ට සුබ පැතීමට අමතක නොකළේය.   


හර්නාස් සන්දු උපත ලැබුවේත් හැදී වැඩුණේත් පන්ජාබයේය. ඇය චන්දිගාර් නගරයේ, ශිවාලීක් විදුහලෙන් සහ පශ්චාත් උපාධි රජයේ බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ තැනැත්තියකි. ඇය රූ රැජින කිරුලට ඉදිරිපත් වෙද්දී රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරමින් සිටි බව ද පැවැසෙයි. සන්දු, රූ රැජින තරගාවලි සඳහා ඉදිරිපත් වන්නේ අවුරුදු 17 දී පටන්ය. 2017 දී ඇය ‘චන්දිගාර් රූ රැජින’ ලෙස කිරුලු පැළඳියාය. 2018 දී නැගී එන සුරූපිනිය ලෙස ‘මිස් මැක්ස් ඉමර්ජින් ස්ටාර් ඉන්දියා’ රූ රැජින කිරුල දිනුවාය. 2019 දී ‘ෆෙමිනා මිස් පන්ජාබ්’ කිරුල හිමිකර ගනිමින් ඉන්දියාවේ ‘ෆෙමිනා මිස් ඉන්දියා’ සුරූපිනියන් 12 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වූවාය. 2021 විශ්ව රූ රැජින ලෙස කිරුලු පැළඳි හර්නාස් සන්දුගේ නව නවාතැන වනු ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ය. ඇය ලබන 2022 වසරේ විශ්ව රූ රැජින තෝරා ගන්නා තුරු, 2021 විශ්ව රූ රැජින ලෙස සමාජ සේවා රැසකට දායක වනු ඇත.   


ලස්සන වීමේ රහස   


ලොව ලස්සනම එසේත් නැතිනම් සුන්දරම කාන්තාවන් සිටින රටවල් අතරින් ඉන්දියාව කැපී පෙනෙයි. බොලිවුඩ් සිනමා නිර්මාණ වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ද ඒ නිසාය. ඉන්දියාවේ එක් එක් ප්‍රාන්තවල දේශගුණය, ආහාර රටාව එකිනෙකට වෙනස් වුවත්, තරුණියන් එක වගේ සුන්දරය. සුන්දරත්වයේ රහස ඔවුන්ගේ ආහාර රටාවය. යෝග ව්‍යායාම ජීවිතයේ කොටසක් වීමය. ඉන්දීය තරුණියන්, කිරිවලින් සකසන ආහාර සහ කිරි වැඩිපුර ආහාරයට එක් කර ගන්නා බව පැවැසෙයි. වැඩිපුර කිරි බීම සුන්දරවීමට බලපාන විශේෂ කාරණයක් ලෙස සැලකෙයි. කිරිවලින් සම පැහැපත් වෙයි. එමෙන්ම මුදවපු කිරිත් ඔවුන්ගේ ආහාරයට නැතුවම බැරි දෙයකි. මෙහි සින්ක් ඇති බැවින් සම පිරිසුදු වීමක් ද සිදුවෙයි. සම මෘදු වෙයි. හිරු එළිය නිසා සමේ ඇතිවන පිළිස්සීම් මකා දමයි. මුදවපු කිරි වයසට යෑම ප්‍රමාද කරන ඖෂධයකි. ඉන්දියානු ආහාරයට ගිතෙල් එකතු කිරීම ඔබ අප දන්නා කරුණකි. ආහාරයට පමණක් සීමා නොවී ඔවුන් සමහර රසකැවිලිවලටත් ගිතෙල් දැමීම සිදු කරයි. ගිතෙල් ශරීරය පැහැපත් කරයි. පෘෂ්ටිමත් කරයි. ඉතා මෘදු, මොළොක් සමකට ගිතෙල් හේතු වෙනවා සේම සමේ ලප, කැළැල් ඇතිවීම වළකයි. මෙසේ ලස්සන වීමට අවශ්‍ය පෙනුම ලබා දීමට ගිතෙල්වලින් හැකියාවක් ලැබේ.   


පුරාණයේ සිට ඉන්දීය කතුන්, රූපය සුන්දර කරන ද්‍රව්‍යයක් ලෙසට භාවිත කර ඇත. තරුණියක මනාලියක වන විට දින කිහිපයක සිටම කහකුඩු ජලයේ මිශ්‍රකර ශරීරයේ ආලේප කරයි. එවිට සම රන්වන් පාට කර සමේ කුරුලෑ බිබිලි ආදිය සුව වෙයි. විෂබීජ නැසෙයි. වියළි කහ කුඩු එළකිරි සමඟ මිශ්‍රකර ඇස් වටේ ගෑමෙන් සම රැලිවැටීම වැළකී සම පැහැපත් වෙයි. කහකුඩු, පොල්තෙල් සමඟ මිශ්‍රකර මඳක් රත්කර ගෑමෙන් යටිපතුල් පැළීම ද ඉක්මනින් සුව වෙයි. ඉන්දියානු කාන්තාවන්ට දිගු දැකුම්කලු‍ කෙස් කළඹක් හිමිය. ඔවුන් පොල්තෙල්වලට පොකුරු වදමල් සහ කරපිංචා කොළ දමා සිඳුවා ගන්නා තෙල් දිනපතා හිස ගල්වන බව පැවැසෙයි. දිලිසෙන, තද කළු පැහැති දිගු කෙස් කළඹක් හිමි ඒ නිසාය. ඔවුන් සවසට මඳක් උණුසුම් කළ පොල්තෙල් ඇඟිලි තුඩුවලින් හිසේ, සමේ ගා පිරිමැදීම ද සිදුකරයි. ඉන්පසු පසුදා උදේ හොඳින් හිස සෝදා ස්නානය කරයි.   


මුං ඇට පිටි සම පිරිසුදු කාරකයකි. මුං ඇට පිටි ජලය සමඟ මිශ්‍රකර මුහුණේ ආලේප කිරීමෙන් සමේ ඇති දුර්වර්ණ බව නැතිවෙයි. තරුණියන් විසින් මුං ඇට පිටි කිරි, මුදවපු කිරි, කහ කුඩු සහ මී පැණි සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ සම පැහැපත් වෙයි. කොහොඹ තෙල්, තුල්සි පත්‍ර යන ආදිය ද ගැමි යුවතියන් සමේ පැහැය ඇති කරගැනීම සඳහා භාවිත කරන බව පැවැසෙයි. කොහොඹ තෙල් ආලේප කිරීමෙන් ද සම වියළීම වැළැකී යයි. මදුරුතලා (තුල්සි) කොළ එළ කිරිවලින් අඹරා ගෑමෙන් කුරුලෑ සුව වන බව පැවැසෙයි. ආහාරයක් වශයෙන් මෙන්ම සම පිරිසුදු කිරීමට ද භාවිත කරනවා. මුදවපු කිරිවලට දෙහි ඇඹුල් බින්දු කීපයක් මිශ්‍රකර ශරීරයේ ආලේප කිරීමෙන් සමේ තෙතමනය ද ආරක්ෂා වී සම පිරිසුදු වෙයි. මෙය මුළු ශරීරයේම වුවද ආලේප කර විනාඩි 15 කට පමණ පසු සෝදා හැරේ. මුදවපු කිරිවලට බාර්ලි පිටි මිශ්‍රකර සමේ ආලේපකර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර පසුව සිසිල් ජලයෙන් සෝදා හැරීමෙන් සම පැහැපත් වෙයි.   
ඉන්දීය යුවතියන් සම පැහැපත් කරගැනීමට එඬරු තෙල් ද භාවිත කරයි. මෙම තෙල් උකුය, එමෙන්ම ඇලෙනසුලු‍ය. ඇස්වටා සහ අතුල් පතුල්වල ආලේප කිරීමෙන් ශරීරය සිසිල් වේ. පිරිසුදු එඬරු තෙල් තේ හැඳි 1ක් උණුසුම් ජලය සමඟ මසකට වරක් පානය කිරීමෙන් මලබද්ධය වළක්වා ගත හැකිය. ආහාර මාර්ගය හොඳින් පිරිසුදු වෙයි. මෙය සුන්දරත්වය වැඩිවීමටත් හේතුවකි. දිනපතා ස්නානයට පෙර ඇඟේ එඬරු තෙල් ස්වල්පයක් ආලේප කර පිරිමැදීමෙන් සම නිරෝගී වෙයි. සම පැහැපත් වෙයි. මීපැණි ආලේප කිරීමෙන් ද සම වියළීම වළක්වා ගනී. මීපැණිවලට එළකිරි මිශ්‍රකර එයටම කුංකුමප්පු ස්වල්පයක් එකතු කර මුහුණේ ආලේප කිරීමෙන් සම පැහැපත් වෙයි. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක මඟින් සම වයසට යෑම ප්‍රමාද කරයි.   
කෙසේ නමුත් කෘත්‍රිම ආලේපන සහ ඖෂධ වර්ග ද අද ඉන්දීය යුවතියන් අතරේ ප්‍රකටය. ඉන්දියානු යුවතියන් අතරේ සමේ පැහැය සම්බන්ධයෙන් පවතින විවිධත්වය, ඒ නිසා නැති වී යමින් පවතින අතර, ‘සුදු පැහැති‘ සමක් ලබා ගැනීමට ඇති දැඩි උනන්දුව මෙයින් පෙනී යන බව බොහෝ දෙනාගේ අදහසය. ඉන්දියාවේ පැවැත්වෙන රූප සුන්දරියන් තේරීමේ තරගාවලි සඳහා සහභාගි වන යුවතියන් බැලූ බැල්මට එකම පෙනුමක් ගන්නේ මෙවැනි ආලේපන නිසාය. එවැනි රූ රැජිනියන් තේරීමේ තරග නිරන්තරයෙන් දැඩි ලෙස කතාබහට ලක් වෙයි.   


1990 වර්ෂයේ මැද භාගයේ සිට, රූ රැජින තරග ඉන්දියාව තුළ විශාල ව්‍යාපාරයක් ලෙස ප්‍රචාරය විය. ඒ, ප්‍රියංකා චොප්රා, අයිශ්වර්යා රායි සහ සුශ්මිතා සෙන් වැනි කිරුලු දිනූ රූ රැජිනියන් කීපදෙනෙකු ඉන්දියාවෙන් බිහිවීමත් සමඟය. ලෝක රූ රැජිනන් ලෙස සහ විශ්ව රූ රැජිනියන් ලෙස කිරුලු පැළඳි මෙම සුරූපිනියන් බොලිවුඩ් සිනමාව තුළ අති සාර්ථක ගමනක් ආරම්භ කළ බව රහසක් නොවෙයි. ඉන්දියාව පුරා රූ රැජින තරගාවලි සඳහා යෞවනියන් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ඉන්දියාව පුරා හතු පිපෙනවා මෙන් බිහි වී ඇත. එවැනි බොහෝ මධ්‍යස්ථානවල සාර්ථකත්වය රඳා පවතින්නේ “සුදු පැහැති”‍ සමක් ඇති කාන්තාවන් මෙම තරග සඳහා යොමු කිරීමෙන් පමණය.   


“සුදු පැහැති”‍ සමකට උරුමකම් කීම ඉන්දියානු කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය අතර, එවැනි සමක් ඇති තැනැත්තියක් අඳුරු පැහැති සමක් ඇති කෙනෙකුට වඩා උසස් යැයි සමාජ මතයක් පවතී. මෙම තත්ත්වය බොහෝදෙනෙකු අනුමත කරන අතර, සමේ වර්ණය “සුදු වීම”‍ විවාහ වීම සඳහා සුදුසුකමක් ලෙස ද සලකයි. 1970 වසරේ දී හඳුන්වා දුන් ‘ෆෙයා ඇන්ඩ් ලව්ලි‘ ඉන්දියාවේ ප්‍රථම “සුදු වීමේ”‍ ක්‍රීම් වර්ගයයි. එතැන් පටන් මෙවැනි රූපලාවන්‍ය නිෂ්පාදනවලට ඉන්දියාව තුළ අති විශාල වෙළෙඳපොළක් නිර්මාණය විය. අති ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පීන් ද “සුදු වීමේ”‍ නිෂ්පාදන ප්‍රවර්ධන දැන්වීම්වලට පෙනී සිටීම මෙයට එක් හේතුවක් විය.   


මෙවැනි ක්‍රීම් සහ ජෙල් වර්ග භාවිතය “සුදු පැහැති”‍ සමක් පමණක් නොව වැදගත් රැකියාවක් සොයා ගැනීමට ආදරවන්තයකු සොයා ගැනීමට මෙන්ම සාර්ථක විවාහයකට බලපාන සාධක ලෙස වෙළෙඳ දැන්වීම් හරහා මතයක් නිර්මාණය කෙරුණි. ඒ අනුව, “සුදු පැහැති”‍ සමක් තිබෙන කාන්තාවන්ට රූප රැජින තරගවලින් ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් හිමි වේ. කාන්තාවන්ට පමණක් නොව පුරුෂයන්ට ද “සුදු පැහැති”‍ සමක් හිමි විය යුතු යැයි සමාජ මතයක් ගොඩනැගීමත් සමග 2005 වර්ෂයේ දී ‘ෆෙයා ඇන්ඩ් හැන්ඩ්සම්‘ ක්‍රීම් හඳුන්වා දීමට අදාළ සමාගම් ක්‍රියා කළේය. ‘ෆෙයා ඇන්ඩ් හැන්ඩ්සම්‘ ක්‍රීම් ජනප්‍රිය වූයේ ෂාරුක් ඛාන් එම ක්‍රීම් ප්‍රචාරය සඳහා වූ වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටි බැවිනි.   


කෙසේ නමුත් අද ඉන්දියාවේ තත්ත්වය වෙනස් වී ඇත. තද පැහැති සමේ වර්ණය සහ එහි අලංකාර බව අගය කිරීමට පුද්ගලයන් පෙළඹවීම සඳහා මේ වනවිට ඉන්දියාව තුළ නොයෙකුත් ව්‍යාපෘති ආරම්භ වී තිබේ. සම පැහැපත් කරන ක්‍රීම් සහ බ්ලීච් වර්ග නිෂ්පාදන සමාගම් ඉන්දියාව තුළ වසරකට ඩොලර් මිලියන ගණනක වෙළඳාම් කරන අතර, මෑතක දී සිදු කළ ඇස්තමේන්තුවකට අනුව, 2023 වසර වන විට එය ඉන්දීය රුපියල් බිලියන 50ක ව්‍යාපාරයක් බවට පත් වෙනු ඇතැයි බීබීසී වාර්තාවක දැක්වෙයි.   


දෙතොල් රත් පැහැ ගැන්වීමට කාන්තාවන් තොල්සායම් ආලේප කරන්නේ නම් “සම සුදු කිරීම”‍ සඳහා ක්‍රීම් සහ ජෙල් වර්ග භාවිත කිරීමේ වරදක් නොමැති බවත්, එය පෞද්ගලික තීරණයක් බවත් සමහරු ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරමින් කියා සිටිති. “සුදු පැහැති සමක්”‍ ඇති තැනැත්තන් “උසස්”‍ ලෙස සැලකීම නිසා අඳුරු පැහැති සමක් ඇති අයට සමාජයෙන් පීඩා එල්ල වන අතර, ඔවුන්ගේ ආත්ම විශ්වාසයට හානි සිදු වී පෞද්ගලික දිවියේ මෙන්ම රැකියාව තුළ ද නොයෙකුත් ගැටලු‍වලට මුහුණ පෑමට සිදුවන බව “වර්ණභේදයට”‍ එරෙහිව සටන් කරන සමාජ ක්‍රියාකාරීහු පෙන්වා දෙති. තද පැහැති සමක් ඇති මෝස්‌තර නිරූපණ ශිල්පිනියන් නිරූපණය සඳහා තෝරා නොගත් අවස්ථා ද ඉන්දියාවෙන් වාර්තා වෙයි. බොලිවුඩ් සිනමාවේ ද අඳුරු පැහැති සමක් සහිත රංගන ශිල්පිනියන් සිටින්නේ අතලොස්සකි.

 

 

 

ලු‍සිත ජයමාන්න   
බීබීසී සහ ඉන්දීය   
පුවත් සේවා ඇසුරිනි   



අදහස් (3)

ඉන්දියාවෙන් රූප රාජිණියන් බ්හිවෙන රහස?

Haree Saturday, 18 December 2021 11:07 AM

ඔය මොනව කළත් ලංකාවේ ගෑනු, පිරිමි දෙගොල්ලන්ගේම කැත වහන්න බෑ ,ඒවා ජාන වලින්ම එන්න ඕන,ලංකාවේ ගෑනු පිරිමි දෙගොල්ලොම වස කැතයි ..තකට තක

:       5       9

හරිස්චන්ද්‍ර පෙරේරා. Thursday, 23 December 2021 06:23 AM

ලංකාවේත් ලක්ෂණ කාන්තාවන් පුරුෂයින් ඕනෑ තරම් සිටිනවා.

:       0       2

Rama Thursday, 23 December 2021 05:42 PM

@Haree. ඔයා උඩ බලාගෙන කෙල ගහන රජෙක් හෝ රැජිනක් වගේ. අනික ඔය හම සුදු කරන ක්‍රීම් වර්ග වල බ්ලිචින් හෙවත් හුණු තියෙනවා. අන්තිමට පිළිකා හැදිලා කෙළවර වෙන්නේ. තමන්ගේ හම මොන පාට වුනත් එය පිරිසිදුව සහ පැහැපත් සමක් විදිහට තියාගන්නවා නම් ලස්සනක් මතු වෙනවා. ඉන්දියාවේ සහ අපේ ගෑනු පිරිමි සුදු වෙන්න දඟලනවා. යුරෝපා රටවල ගෑනු පිරිමි සන් ටැනින්ග් කියලා ක්‍රීම් සහ ස්ප්‍රේ වර්ග මදිවට ලයිට් ගහගෙන පිළිකා හදාගන්නවා. ටැනින්ග් බෙඩ් ප්‍රතිකාරය ඕස්ට්‍රේලියාවේ තහනම් කරේ සුදු කෙල්ලන් කීප දෙනෙක්ම ඒ ප්‍රතිකාරය නිතර කරන්න ගිහින් පිළිකා හදාගත්ත නිසා. දෙගොල්ලොන්ටම පිස්සු. මේ ලිපියේ තිබෙන ස්වභාවික ප්‍රතිකාර තමන්ට පුළුවන් තරමින් කරානම් අපේ අයට හොඳට පැහැපත් සමක් ලබා ගැනීමට පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

තක්සලාව

අතුරුදහන් ලුතිනන්වරයා වළක් තුළ හිඳ සොයා ගැනේ
2025 මාර්තු මස 12 63 0

ප්‍රහාරය සිදුවූ මහාමාර්ගයට යාබද තැනක සෙබළු කිහිප දෙනකු රැස්ව සිටි අතර, ඔවුන් සියලු දෙනාගේ දෙනෙත් එක එල්ලේ යොමුවී තිබුණේ එහි වූ වළක් තුළටය.


ක්‍රීඩා ඇමතිගේ අමුතු තීරණ
2025 මාර්තු මස 12 25 0

‘වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ අමාරුව’ ලෙස කියමනක් මෙරට ගැමි වහරේ තිබේ.


පෘථීවිය එක්ක සෙල්ෆි ගත් නිල් භූතයා
2025 මාර්තු මස 12 33 0

සඳේ භූතයෙක් සිටී. මේ භූතයා, “බ්ලූ ගෝස්ට්” නමැති රොබෝ ගවේෂණ යානයයි. බ්ලූ ගෝස්ට් යනු ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඔස්ටින් නගරය කේන්ද්‍රකොට ගත් “ෆයර්ෆ්ලයි ඒ


ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?
2025 මාර්තු මස 04 508 1

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්


කොරෝනා එන්නතෙන් පසු එන කකුල් වේදනාව අතරයිටිස් ද ?
2025 මාර්තු මස 04 93 0

කකුල් පොඩ්ඩක් රිදෙන බව කවරෙකු හෝ පැවසූ සැණින් - “ඇයි හන්දිපත් රුදාව දැයි” නක්කලේට ඇසූ අතීතයක් අපේ මුතුන් මිත්තන්ට තිබුණි.


බාධක ආවත් සැහැල්ලු ක්‍රිකට් පන්දුව ක්ලීන් කරනවා - ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සභාපති තිසර ගුණසිංහ
2025 මාර්තු මස 03 40 0

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණය ඉකුත්දා පැවැති අතර එහිදී සභාපති ධුරයට තිසර ගුණසිංහ පත්විය. මේ ඔහු සමග කළ සාකච්ඡාවකි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 508 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site