IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


කොරෝනා වෛරසය සහ ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රතිචාර

 

 

බෝවන සහ බෝනොවන රෝග යැයි කොටස් දෙකකට බෙදනු ලබන රෝග මිනිසාට පමණක් නොව සකල විධ සත්ත්ව වර්ගයාගේ පැවැත්මට බාධා කරනු ලැබේ. රිදීම, වේදනාව යනාදී අර්ථ ඇති රුජ් යන ධාතුවෙන් රෝග යන රූපය සකස් කර ගනු ලැබේ.  


බහුතරයක් බෞද්ධ හෝ කිසියම් ආගමක් අදහන රටක කොරෝනා වෛරසය විෂයයෙහි දක්වන සමාජ ප්‍රතිචාර විමසා බැලීම මෙහි අරමුණයි. බුදුසමය අනුව රෝග යනු අපගේ ජීවිතය සමග බද්ධ වූ සමාන්‍ය තත්ත්වයකි. එය චතුරාර්ය සත්‍යය පිළිබඳ දේශනාවේ පළමු වැන්න දුක්ඛ සත්‍යයේ ව්‍යාධි දුක ලෙස දක්වා තිබේ. එය පිරිසිදු දැනගතයුතු තත්ත්වයක් (පරිඤ්ඤෙය්‍ය) ලෙස දක්වා තිබෙන අතර ඊට බලපාන හේතු සලකා ඒවා විනාශ කොට සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ආරෝග්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට පොලඹවයි.  


චතුරාර්ය සත්‍යය රෝගය, රෝග නිදානය, රෝගයෙන් මිදීම හා රෝගයෙන් මිදීමේ මාර්ගය යන ශීර්ෂ යටතේ කියවා ගත්විට එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන රෝගී තත්ත්වයන්ගෙන් අත්මිදීම සඳහා ද භාවිත කළ හැකිය.   


බෝවන රෝග අතර කෙරෝනා වෛරසය වඩා බලවත් බවත් එය වේගයෙන් ලෝකය පුරා පැතිරෙන ඊට එරෙහිව දැක්විය හැකි ප්‍රතිජීවක ප්‍රමාණවත්ව හඳුනා නොගැනීම ආදිය නිසා එහි මාරාන්තික ස්වභාවය ලෝක ප්‍රජාව තුළ භය සහ සන්ත්‍රාසය උපදමින් තිබේ. රෝගය චීන ජාතිකයන්ගෙන් ආරම්භ වූවක් සේ හඳුනා ගත් නිසා මේ වන විට සියලු චීන ජාතිකයන් කොරෝනා ප්‍රවාහකයින් සේ සලකා විටෙක සමාජ ප්‍රතිචාර දක්වනු ලැබේ. රෝගයෙන් ආරක්ෂා වීම වඩාත් විධිමත්ව කළ යුතු බව ඉතා පැහැදිලි සත්‍යයකි. එසේ වුවත් කිසියම් ජන කොටසක් කෙරෙහි ඔවුන් මුහුණ දී ඇති හදිසි ආපදා තත්ත්වයක දී සමාජය දක්වන ප්‍රතිචාර මානුෂීය විය යුතුය.   
කොලරාව, ඒඩ්ස්, සෙංගමාලය, මැලේරියාව, ක්ෂය රෝගය වැනි බෝවන රෝග රැසකින් අප නිතිපතා පීඩා විඳින බව දැනගත යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන ආකාරයට මිලියන හතරකට වඩා කොලරා රෝගීන් වාර්තා වන අතර එයින් ලක්ෂයක් පමණ වාර්ෂිකව මරණයට පත්වේ. 2016 වර්ෂයේ මැලේරියා ආසාදිතයින් මිලියන දෙසීයක් වාර්තා වූ අතර එයින් ලක්ෂ පහක් පමණ මරණයට පත්වූහ.   


2018 වර්ෂයේ HIV වෛරසය සමග ජීවත් වූ රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 37.9කි. එම වර්ෂයේ රෝගය වැලඳුණ සංඛ්‍යාව මිලියන 1.7කි. එසේම එම වර්ෂයේ මියගිය සංඛ්‍යාව 770000කි. දැනට ලෝකය මුහුණ දෙන බරපතළ බෝවන රෝගී තත්ත්වයක් වන HIV වෛරසයෙන් ආසාදිත වූවන් කෙරෙහි මානුෂීයව සැලකිය යුතු බවත් ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් රැකබලා ගත යුතු බවටත් ලෝක මට්ටමේ අවධානය යොමුව තිබේ. එවැනි පසුබිමක කෙරෝනා වෛරසය ආසාදිත වූවන් කෙරෙහි සහ එම ජනවර්ගයා කෙරෙහි මානුෂීයව සැලකීමට අප උද්යෝගීමත් නොවන්නේ කුමක් නිසාද?   


HIV වෛරසයෙන් පෙළුණු පවුලක නිරෝගී දරුවෙකු පාසලට ඇතුළත් කිරීමට යෑමේදී ඇති වූ ගැටලුව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට ගැනුණු ආකාරය ඔබට මතක ඇතැයි සිතමු. කොරෝනා වෛරසය බරපතළ වුවත් එය එකම භයානක බෝවන රෝගය සේ සලකා ප්‍රතිචාර දැක්වීමට තරම් සාධාරණ පදනමක් නොපෙනේ.   
ශ්‍රී ලංකාව වැනි රටක බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී ආගම්වල ඉගැන්වෙන දයාව, මෛත්‍රිය, ප්‍රේමය, කරුණාව ප්‍රායෝගිකව භාවිතයට ගත යුතුව ඇත්තේ මෙවැනි අවස්ථාවල දී බව පෙනේ. බෝවන කුෂ්ඨ රෝගයකින් පෙළුණු පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් ම පැන් උණු කොට නහවා පිරිසිදු කළ ආකාරය බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. ජේසුස් වහන්සේ රෝගීන් සුවපත් කළ ආකාරය බයිබලයේ දැක්වේ. අපගේ මෛත්‍රිය කෙනෙකු ශක්තිමත්ව, නිරෝගීව සිටින මොහොතක පමණක් උපදින්නේ නම් ඒවා මෛත්‍රී වෙශයෙන් පහළවන විවිධ ක්ලේශධර්ම බව බුදුසමය උගන්වයි.   


පවත්නා වාර්තා අනුව තිස්එක් දහසකට අධික පිරිසක් මරණයට පත් කළ සහ හාරදහසකට අධික පිරිසක් අතුරුදන් කළ ශ්‍රී ලාංකිකයන් සහ විවිධ විදේශ ජාතිකයන් මුහුණ දුන් සුනාමි ව්‍යසනයේ දී ශ්‍රී ලංකාවේ සහායට කඩිනමින් පැමිණි රටක් ලෙස 2004 දී චීනය අපගේ ආදරයට පත්විය.   


තිස් වසරක යුද්ධය 2009 මැයි මස 18 වන දින අවසන් කරන තෙක් ශ්‍රී ලංකාවේ රජය සමග අත්වැල් බැඳගත් ප්‍රබල සහායකයෙකු ලෙස ලෝක ආරක්ෂක කවුන්සිලයට කරුණු දක්වමින් ශ්‍රී ලංකාවට සහාය පළකළ චීනය මහජන ප්‍රසාදයට ලක්විය. එය දකුණේ ජනතාවගේ ආරක්ෂාවට සිදු වූ යුද්ධයක් සේ සලකන ඇතැම් පිරිස් එයින් උතුරේ ජනතාවට අත්පත් වූ යහපතක් නැතැයි සිතන තරමට චින්තනයෙන් දුප්පත් වී ඇති බව පෙනේ. දිනපතා මරණ බියෙන් හා ප්‍රභාකරන්ගේ කෲර පාලනයෙන් මිරිකී සිටි උතුරේ ජනතාව ස්වකීය සෞඛ්‍යය, ආරක්ෂාව, අධ්‍යාපනය ක්‍රමයෙන් ශක්තිමත් කරගන්නා බව තේරුම් නොගැනීම රටක අවාසනාවන්ත තත්ත්වයකි.   


ජන අනුපාතයෙන් සහ ආර්ථික ශක්තියෙන් කුඩා රටක් වන ශ්‍රී ලංකාව ඔවුන්ගේ සාක්ෂරතාව හා මානව සංවර්ධනය ඉහළ මට්ටමක පවත්නා බව අමතක නොකළ යුතුය. මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ එකම කොරෝනා ආසාදිත චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන් සුවපත් කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්‍ෂේත්‍රය සමත් වී ඇත. එසේම චීනයේ සිට පැමිණෙන මගීන් විශේෂ පරීක්ෂාවට ලක්කෙරෙන කවුලු ගුවන්තොටුපළේ ස්ථාපිත කොට ඇත   


චීනයේ අධ්‍යයන කටයුතුවල නියැළි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමෙන් යළි රටට ගෙන්වා ගෙන රෝගය පැතිර යෑම වැළැක්වීමට අදාළ ගත හැකි ආරක්ෂක හමුදා සහාය ද ලබා ගෙන ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින් සිටී. එබැවින් සාමාන්‍ය ජනතාවගේ යුතුකම වන්නේ මේ ක්‍රියාවලියේ දී වඩාත් අවදියෙන් දැනුවත්ව ක්‍රියා කිරීමයි. එය හදිසි ආපදා තත්ත්වයක දී රජයකට දක්වන සහයෝගයක් පමණක් නොව දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාව හා චීනය අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික සහ සංස්කෘතික මිත්‍රත්වය පවත්වා ගැනීමට ප්‍රබල අනුබලයක් වන්නේය.   


වේගයෙන් ලෝකයේ ආර්ථික ශක්තිය අත්පත් කරගනිමින් සිටින ආසියාතික රටක් ලෙස ශ්‍රී ලංකාවට දක්වා ඇති මිත්‍රත්වය අප විසින් අමතක කිරීම මැනවැයි නොහැඟේ. ලෝකය පුරා සංචාරක ක්ෂේත්‍රයේ බලවත් බවට පත්වන චීන සංචාරකයන් ලංකාවේ ද වැඩිම සංචාරකයන්ගේ කණ්ඩායම බවට පත්ව තිබේ. 2018 වර්ෂයේ 260000 ක් චීන සංචාරකයන් පැමිණ තිබේ. දැනට ශ්‍රී ලංකාවට වාර්ෂිකව අධ්‍යයන ශිෂ්‍යත්ව බහුලව ම ලබාදෙන රට බවට චීනය පත්ව තිබේ. එසේ ම ශ්‍රී ලංකාවේ චීන ආයෝජකයන්ගේ ප්‍රමාණය ද සැලකිය යුතු මට්ටමක පවතී. ක්‍රි.පූ. යුගයේ සිට සේද මාවතේ සන්ධිස්ථානයක් වූ ශ්‍රී ලංකාව 1957 වර්ෂයේ සිට වර්තමාන රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු පවත්වනු ලැබේ. දැනටත් අප සතුව පවත්නා වැදගත්ම සම්මන්ත්‍රණ ශාලාවක් වන කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාට ගෞරවයක් වශයෙන් 1973 දී පරිත්‍යාග කරන ලද්දකි. අද වන විට One Belt One Road ව්‍යාපෘතියේ ද වැදගත් ස්ථානයක් හිමිකර ගන්නේ ස්වභාවිකවම අපගේ දේශය ස්ථානගත වී ඇති ආකාරය පමණක් නිසා නොව ශ්‍රී ලාංකිකයන් සතු ආගන්තුක සත්කාරය ආදිය ද සැලකිල්ලට ගනිමිනි. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය කොළඹ මුහුදු නගර ව්‍යාපෘති ආදී ව්‍යාපෘති රැසකින් චීනය ශ්‍රී ලංකාව සමග අතිවැල් බැඳගෙන සිටී.   


ඉහත කරුණු ප්‍රකට කරන්නේ චීන ජාතිකයන් රැගෙන එන ඕනෑම වසංගතයක් අප විසින් සාධුකාර දී භාරගත යුතු බව නොව, ඒ සඳහා ප්‍රබුද්ධව මුහුණ දීමේ අවශ්‍යතාවයි. සාමාන්‍ය ජනතාව කලබල වීම ඔවුන්ගේ දුර්වලතාවක් සේ දැක්විය නොහැකි වුවත් සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින ශ්‍රී ලංකාව වැනි රටක ජනතාව දැනුවත් කොට ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම දුෂ්කර නොවේ. චීන ජාතිකයන් ත්‍රිරෝද රථයට නංවා නොගැනීම හෝ ඔවුන් ගොඩවන පොදු ප්‍රවාහන සේවා බස්රථවලින් බැස යාම හෝ ඔවුන්ට බස්වලට නගින්නට ඉඩ නොදීම කොරෝනා වෛරසය ඔබට නොවැලඳෙන බවට කිසිදු සහතිකයක් නොසපයයි. එබැවින් ජනතාව දැනුවත්ව වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ව්‍යසනයට පත් චීන ජාතිකයන්ට සහෝදරත්වයේ දෑත් දිගු කිරීම අවශ්‍ය බව පෙනේ. අවශ්‍යතාවේ මිත්‍රයා සැබෑ මිත්‍රයා යැයි කියන්නේ එබැවින් විය හැකිය.   

 

 



අදහස් (0)

කොරෝනා වෛරසය සහ ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රතිචාර

ඔබේ අදහස් එවන්න

 

තක්සලාව

අතුරුදහන් ලුතිනන්වරයා වළක් තුළ හිඳ සොයා ගැනේ
2025 මාර්තු මස 12 50 0

ප්‍රහාරය සිදුවූ මහාමාර්ගයට යාබද තැනක සෙබළු කිහිප දෙනකු රැස්ව සිටි අතර, ඔවුන් සියලු දෙනාගේ දෙනෙත් එක එල්ලේ යොමුවී තිබුණේ එහි වූ වළක් තුළටය.


ක්‍රීඩා ඇමතිගේ අමුතු තීරණ
2025 මාර්තු මස 12 22 0

‘වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ අමාරුව’ ලෙස කියමනක් මෙරට ගැමි වහරේ තිබේ.


පෘථීවිය එක්ක සෙල්ෆි ගත් නිල් භූතයා
2025 මාර්තු මස 12 31 0

සඳේ භූතයෙක් සිටී. මේ භූතයා, “බ්ලූ ගෝස්ට්” නමැති රොබෝ ගවේෂණ යානයයි. බ්ලූ ගෝස්ට් යනු ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඔස්ටින් නගරය කේන්ද්‍රකොට ගත් “ෆයර්ෆ්ලයි ඒ


ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?
2025 මාර්තු මස 04 463 0

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්


කොරෝනා එන්නතෙන් පසු එන කකුල් වේදනාව අතරයිටිස් ද ?
2025 මාර්තු මස 04 92 0

කකුල් පොඩ්ඩක් රිදෙන බව කවරෙකු හෝ පැවසූ සැණින් - “ඇයි හන්දිපත් රුදාව දැයි” නක්කලේට ඇසූ අතීතයක් අපේ මුතුන් මිත්තන්ට තිබුණි.


බාධක ආවත් සැහැල්ලු ක්‍රිකට් පන්දුව ක්ලීන් කරනවා - ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සභාපති තිසර ගුණසිංහ
2025 මාර්තු මස 03 40 0

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණය ඉකුත්දා පැවැති අතර එහිදී සභාපති ධුරයට තිසර ගුණසිංහ පත්විය. මේ ඔහු සමග කළ සාකච්ඡාවකි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 199 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 463 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site