IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ගවයන්ට දස වද දුන් බේබද්දාගේ ඉරණම

ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

 

 

අම්බලන්තොට ජී.ඩී. ජයසුන්දර මහතා ලියා එවූ කතාවක් මෙසේය.


ඔහු හත්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාය. මව්පියෝ පවුලේ අනෙකුත් දරුවන්ට මෙන්ම මොහුටද ඉගැන්වීමට ගමේ පාසලට යැවූහ. එහෙත් ඔහුට 5 ශ්‍රේණිය වත් සමත් කරගැනීමට නොහැකි විය.
මව්පියන් කොතරම් පෙරැත්ත කළත් යළි පාසල් ගමන අත් හළේය.


අනතුරුව ඔහු කළේ ගමේ ඥාතියකුගේ එළ හා මී ගවයන් පට්ටියක් බලාකියා ගැනීමට ගවහිමියා සමග ගවයින් පසුපස යාමය.


පාසල් යන වයසේ වුවත් දැන් ඔහු ගවයන් බලා ගන්නා එඬේරෙකි. ගවයින්ට දවල් දවසේ තණ කවා හැන්දෑවට ගාල් කළේය. උදේට මී දෙනුන්ගෙන් කිරි දොවයි.


නව යොවුන් වියට එළඹෙත්ම වසු පැටවුන්ගේ හා ගව පට්ටියට අලුතින් ගන්නා ගවයන්ගේ හණ ගැසීමද එළ හා මී ගව නාම්බන් පුසියා කිරීම (වෘෂණ කෝෂ තලා අඹරා පොඩිකර විනාශ කිරීම) ආදිය ඔහු විසින් කෙරිණි. එහිදී ගවයින්ට වන හිංසනය වේදනාව දුක පිළිබඳ ඔහුට කිසිදු ගානක් නොවීය.


මුල් කාලයේ මී පිරිමි ගවයන්ගෙන් කුඹුරු මැඩවීමට මොහු ගියේය. ගවයින් දෙදෙනෙකු බැඳ සීසෑමටද සහභාගි විය. මේ සියල්ල කළේ එඬේරෙකු ලෙස කටයුතු කරන ගමන්ය. ඊට අමතරව උදෑසනම ගවයින්ගේ කටයුතු කර ඇතැම් දිනවල හේන්වල හා කුඹුරුවල කුලී වැඩටද ගියේය. ඉක්මණින්ම වැඩ ඇරී අවුත් ගවයින් එකතු කර සැන්දෑවට ගාල් කළේය. මෙලෙස ලබන මුදල් ඔහු වැයකළේ මිතුරන් සමග මත්පැන් බීමටය. සිගරට් හා සුරුට්ටු ඉරීමටය. බූරුවා ගැසීමටය. ඉඳහිට ගෙදරටත් උපයන මුදල් දුන්නේය.


එඬේර රැකියාවෙන් ඉවත් වුවද ගමේ ඕනෑම කෙනෙකුගේ හරකුන් හණගැසීම ගවයින් කර ඇඹිම හෙවත් පුසියා කිරීම කරන්න වල බදින ගොනුන්ගේ පාදවල ලාඩන් ගැසීම (ගවයින් තාර පාරේ යන විට ලිස්සන නිසා) සිදු කළේය.


දැන් ඔහු මත්පැන් ලෝ්ලියෙකි. ගවයා බැඳ කැලයේ දඩයමේද යයි. වැවට බැස වීසි දැල දමා මසුන්ද ඇල්ලූ අතර ගවයින් සොරකම් ද කරයි. කැලෑ වැදුණු ගවයන් මස්මඩුවලට විකිණීම නැතිනම් ඔවුන්ගේ වාහන වලට පටවා මුදල් ලබාගැනීම කළේය.


තරුණ වියේදීම ඔහු විවාහයක් කරගත්තේය. ඒ ඔහුගේ ගමට කිලෝමීටර් 30ක් පමණ දුරින්ය. කල්යත්ම දරුවන් සිව් දෙනෙක් පවුලට එක්වූහ.


දිනක් ඔහු සහ මිතුරන් රාත්‍රියේ අසල්වැසි නිවසක ගසක බැඳ තිබූ එළදෙනෙක් මැරීම සඳහා ගෙන ගියේ ගස්බඳින ලද ඇගේ පැටියා හඬද්දීය. උදෑසන එළදෙනගෙන් කිරි ගැනීමට එළදෙන අයිතිකරු වත්ත පහළට ගියේය.
විශ්මයකි! එළදෙන නොමැත. ඇගේ පැටියා මව නැති ශෝකයෙන් කෑ ගසයි. පසුව නිවැසියෝ අවට සෝදිසි කළහ. ආසන්නව ඇති මස් කඩ හිමිකරුවන්ගේ නිවෙස්වලටද ගියෝය. එහෙත් හෝඩුවාවක් සොයාගත නොහැකිවිය. එදින උදේ එළදෙන අයිතිකරුවන්ගේ නිවසට කිලෝමීටර් භාගයක් පමණ දුරින් කපුටන් හා බල්ලන්ගේ කෑගැසීමට විමසිලිමත් වූ ගම්වැසියකුට ගෙල ලණුවකින් ගසක එල්ලා ඉදිරි හා පසුපස ගාත් හතර කපාගෙන ගිය එළ ගවයකුගේ මළකුණක් දක්නට ලැබිණ. ඔහු මේබව එළදෙන හිමිකරුට පැවසීය. එළදෙන අයිතිකරුවන් බලනවිට තමාගේ නැතිවූ එළදෙනය. බුරුල්ලෙන් කිරි වෑහෙමින් තිබිණ. ඇස්වලින් කඳුළු කඩා හැළි තිබිණ.


එළදෙන අයිතිකරු මේ පිළිබඳව පොලිසියට පැමිණිලිකර ඉන් නොනැවතී හාස්කම් ඇති තැනකට ගොස් මේ අවනඩුව කියා වස්කවි කීවේය. එමෙන්ම ගමේ අනෙක් අයගේද ගවයන් එකා දෙන්නා නැතිවන්නට විය. සියල්ලන්ම කළේ සොරුන්ට පළිගසා පොල් ගැසීමය. ඊට අමතරව පොලිසි ගොස් පැමිණිළිද කළේය. මේ සෑම අපරාධයක් පසුපසම තමා සිටි බව දන්නේ ඔහුම පමණි.


දිනක් ඔහුට තද වෙව්ලිල්ලක් ඇතිවී ක්ලාන්තය දා වැටුණේය. ක්ලාන්ත වූ පසු නිවැසියන් වතුර ඉසීමෙන් මඳ වෙලාවකට පසු සිහිය ආ විට අඹුදරුවන් ඇතුළු පිරිසට යක්ෂාවේෂයෙන් පහරදීමට පසුපස හඹා ගියේය. ඔවුන් දුවන්නේ ඔහුට බියෙන් මරළතෝනි ගසාගෙනය.


දිනක් ඔහු නිවසේ තනියම සිටින විට මේ රෝගය සෑදී දැල්වුණ ලිපට වැටිණි. බිරිඳ නිවසට පැමිණෙන විට ඔහු​ෙග් පපුව පිළිස්සිලාය. අසල්වැසියන් සමග එක්ව රෝහල් ගතකර පිළිස්සුම් තුවාල මසකට පමණ පසු සුව කරගත්තේය. එහෙත් දැන් එක් අතක් හරියට වැඩකරන්නේ නැත. ඒ කිහිලි ප්‍රදේශයේ අධික පිළිස්සුම් නිසාය. සම ඇකිළිලාය. දැන් වැඩකරන්නේ එක් අතකිනි. පෙර මෙන් පවු වැඩ කිරීමටද යා නොහැකිය. කලින් සිටි මිතුරන්ද නැත.


එහෙත් දිනක් විසි දැල ගෙන නිවැසියන්ද එපා කියද්දි වැවට ගියේ මසුන් ඇල්ලීමටය.


උදේ ගිය ඔහු සවස් වනතෙක් නොපැමිණි බැවින් බිරිඳ අසල්වැසියන් සමග ඔහු සොයා වැව අසලට ගියාය. තම ස්වාමියා සෙවීමටය. ඔහු පේනතෙක් මානයේ නොවීය. වැවට ළං වන විට ගැමියකු දුටුවේ පොලිතින් බෑගයක් ජලයේ පාවෙන අයුරුය. අසල්වැසියෙකු පිහිනා එතැනට ගියේය. එය මාළු දැමීමට ගෙනා බෑගයයි අසල්වැසියා තවත් විමසිලිමත් විය. ඒ අසලම තිබී දියේ ගිලී මියගිය ඔහුගේ සිරුර හමුවිය. ‘‘මෙන්න අයියා ඉන්නවෝ’’ කියමින් අසල්වැසියා මරළතෝනියක් ගසා ආපසු ගොඩට පිහිනන්නට විය.


පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් දිනකට පසු ඔහුගේ අවසන් කටයුතු සිදු කළේ පොදු සුසාන භූමියේය. එහි සිටි මැදිවියේ අයෙකු ‘‘ඕක තමා කළකම් මෙලොවදීම විපාක දෙනවාය කියන්නේ’’ යැයි ලඟ සිටි අයෙකුට කියනු ඇසිණ.

 



දෙල්ගොඩ, මීගහවත්ත, සී.පී. වීරසේකර මහතා ලියා එවූ කතාවකි.

බළල් පැටවුන්ට කළ අපරාධය මෙලොවදීම පලදෙයි.


මෙයට වසර 15කට පමණ පෙර ප්‍රධාන නගරයකට ආසන්නව ගමක වූ සිද්ධියකි. මම එකල එම ගමේ රැකියාව කළ ස්ථානයට නුදුරෙන් නිවසක් විය. මෙහි ජීවත්වූයේ මව, පියා සහ දරුවන් තිදෙනෙකි.
පියා රැකියාව වශයෙන් කළේ මඟුල් ගෙවල් දානේ ගෙවල්වල කෑම පිසීමය. ඔවුන්ගේ ලොකු පුතා තමන්ගේම ත්‍රීරෝද රථයක් පැදවූ අතර අනෙක් ළමෝ පාසල් ගියහ.


මේ ගෙදර උදවිය නිතර මස් මාංශ අනුභවයට පුරුදුවී සිටි නිසා බල්ලන්ගෙන් සහ බළලුන්ගෙන් අඩුවක් නොවීය. එක් බැළලියක් ඒ නිවසේම පදිංචි වූවාය. ගෙහිමියා ඒ ගැන විරුද්ධත්වයක් නොපෑවද ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ බලපෑම මත ළමයින් තුළ බැළලිය නිවසේ නතර වීම ගැන කැමැත්තක් නොවීය. ටික කලක් ගතවන විට එම බැළලියට පැටවුන් ලැබීමට ආසන්න බවක් දැන ගැනීමට ලැබිණ. ඒ නිසා ඇය පන්නා දැමීමට ගෙහිමි කාන්තාව නොගත් උත්සාහයක් නැත. නමුත් එය පහසු කටයුත්තක් නොවීය.


ටික දිනක් ගත වෙද්දී නිවස අසල මඩුවක බළල් පැටවුන් පස්දෙනෙක් සිටින බව ගෙහිමියාගෙන් දැනගන්ට ලැබුණි. ඒ ගැන අඹුසැමියන් අතර උණුසුම් වචන පවා හුවමාරු වූ බව ගෙහිමියා මට පවසා තිබුණි.
සතියකට පසු දිනක ගෙහිමියා මාවෙත පැමිණ පවසා සිටියේ බැළලිය කෑ ගසමින් එහේ මෙහේ දිවයනු දැක පරීක්‍ෂා කිරීමේදී බළල් පැටවුන් එකෙක්වත් මඩුවේ නැති බවය. බිරිඳගෙන් ඒ ගැන ඇසූ විට ඇය කියා ඇත්තේ කබර ගොයෙක් වත්තේ කරක් ගසනවා දුටු බවත් සමහර විට ඌ බළල් පැටවුන් ටික ගිලදමන්නට ඇති බවත්ය.


නමුත් හවස් වන විට ලැබුණ ආරංචියෙන් ඔහුගේ ඇඟ කිළිපොළා ගියේය. එනම් ෂොපින් බෑගයක දමන ලද බළල් පැටවුන් පාර අයිනේ දමා තිබියදී වාහනයකට යටවී එම සතුන් මස්ගොඩක් බවට පත්වූ බවය. මෙම සිද්ධිය ඇසූ දුටු හැම කෙනෙක්ම අනේ අපොයි කියමින් දෙස්තැබූ අතර, එම සතුන් ගෙනැවිත් දැමූ අය ගැන දන්නා ටිකදෙනෙක් කෙළින්ම ඔවුන්ගේ නම් සඳහන් කරමින් දෙස් තැබූහ.


මාසයකට පමණ පසු පවුලේ උදවියට ඔවුන්ගේ නෑ ගෙදරක උත්සවයක් සඳහා යන්නට සැරසුණහ. නමුත් ගෙහිමියාට ඊට සහභාගි වීමට පුළුවන්කමක් නොවූයේ ඔහුට එදින මඟුල් ගෙදරක කෑම පිසීමට යාමට තිබූ නිසාය. ඒ අනුව බිරිඳ සහ දරුවන් තිදෙනා තම පුතාගේ ත්‍රීරෝද රියෙන් එහි යැවීය.


තරමක් දහවල් වන විට ලොමුදැහැ ගැන්වෙන ආරංචියක් ගමපුරා පැතිරිණ. එනම් කන්ටේනරයක් පටවාගත් අට්ටාලයක් ඇදගෙන ගිය ට්‍රක් රථයකට ත්‍රීරෝද රිය යටවී එහි ගමන් කළ සියලු දෙනාම ත්‍රීරෝද රථයත් සමග තැළී පොඩිවී මස් ගොඩවල් බවට පත්වී ඇති බවය.


පොලීසියෙන් පැමිණ පරීක්‍ෂණ පවත්වද්දී දැන ගැනීමට ලැබුණේ කන්ටේනරය පටවා ගත් රෝද 12ක් සහිත අට්ටාලය ඇදගෙන ගිය රෝද 06ක් ඇති ට්‍රක් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා එහි එක් පසෙකවූ රෝද 09ම ත්‍රීරෝද රිය යටවී ට්‍රක්රථයද අට්ටාලය සහ කන්ටේනරයද කානුවකට පෙරළී ඇති බවය.


බළල් පැටවුන්ගේ සිද්ධියට සමගාමීව මෙම සිදුවීම සාධාරණීකරණය නොකළ යුතු වුවත් අකුසල කර්මයක් කළොත් එහි විපාක දීම නම් කිසි විටෙකත් වැලැක්විය නොහැකි බවය.


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ
ප්‍රසන්න සංජීව තෙන්න​කෝන්

 

 

 

 

 



අදහස් (0)

ගවයන්ට දස වද දුන් බේබද්දාගේ ඉරණම

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

අලුත් බෝතල් පරණ වයින් ඡන්ද 87 ක් කප්පාදු කළ ක්‍රිකට් ඡන්දය
2025 පෙබරවාරි මස 03 27 0

රුපියල් බිලියන 22 කට ආසන්න ආදායමක් පසුගිය 2024 වසරට ඉපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2025 - 27) ලබන මාර්තු 31 වැනිදා පෙරවරු 10 ට මේට්ලන්ඩ් පෙදෙසේ එහි මූලස්ථ


ජ්‍යෙෂ්ඨයනි , ඉදිරියට එන්න
2025 පෙබරවාරි මස 03 20 0

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ දී මේ සටහන ලියැවෙයි.


එවරස්ට් කන්දටත් වඩා උස කඳු දෙකක්
2025 ජනවාරි මස 31 46 0

එඩ්මන්ඩ් හිලරි සහ ටෙං සිං නෝ ගේ 1953 දී ලෝකයේ උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුනට මුල් වරට ළඟා වූ වික්‍රමය එසේ මෙසේ එකක් නොවෙයි.


2025 ඔබට කොහොමද ? පාලන අංකයෙන් දැනගන්න
2025 ජනවාරි මස 29 128 0

විවිධ ගුප්ත ශාස්ත්‍රයන් මගින් මිනිස් ජීවිතවල අතීත - වර්තමාන - අනාගත කාල පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන අයුරු හා අනාවැකි පළකරනු දැකගත හැකියි.


ඔබේ ඕරාවත් දුර්වල ද?
2025 ජනවාරි මස 29 46 0

වර්තමානයේ දී බොහෝ දෙනා විශ්ව ශක්තිය, ධනාත්මක චින්තනය, ආකර්ෂණ නීතිය, විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කිරීම, ඕරා පරීක්ෂාව, පළිඟු භාවිතය වැනි දේවල් අත්හදා බලන්නට


අලුත්කඩේ උසාවියේ රේස් පදින පාපැදි සම්මේලනය
2025 ජනවාරි මස 29 21 0

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙරට නිමක් නොමැති පරිපාලන අර්බුද වලින් හෙම්බත්වී සිටින තවත් මෙරට ජාතික ක්‍රීඩා සංගමයකි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site