ගංවතුර සහ නායයාම් විපත් සිදුව සති තුනක් ඉක්මව ගොසිනි. ගංවතුරට යටවූ පිරිස් වතුර බැස යද්දී සැනසුම් සුසුම් හෙළුෑහ. වතුර බැසගොස් දින කිහිපයකට පසු කැඩුණු ගෙවල් ද අටවාගෙන හෝ ඔවහු යළි පදිංචි වූහ. දැන් ඔවුන් පිටස්තර පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණ සහනාධාර ද උපයෝගී කරගෙන ජීවිතය අලූතින් පටන් ගන්නට වෙර දරති.
නමුත් මෙතෙක් ආ ජීවිත ගමන අතර මග නවතා, කුමක් කරම්දෝ? යන දෙගිඩියාවෙන් ජීවත් වන අපේම ජනතාවක්, මව්පියන්, අඹුදරුවන්, ඥාතීන් හිතවතුන් පමණක් නොව උන්හිටි තැන් ද අහිමිව අවතැන් ව සිටින්නේ ස්වභාව ධර්මයාගේ දඬුවමට ලක්වය. ඒ නායයාම් විපත් නිසා පීඩාවට පත් වූවන්ය.
මැයි මාසයේ 26 සහ 27 යන දෙදින ඇතිවූ නායයාම් ප‍්‍රමාණය අති විශාලය. නායයාම් වල හානිය එකක් පරයා අනෙකේ හානිය වැඩිය. දෙතුන් දෙනෙක් යටවූ, ගෙයක් දෙකක් යටවූ නායක් ගණන් ගත්තේම නැත. සමහර නායයාම් ගැන තොරතුරු වාර්තා වුනේ දින ගණනාවකට පසුවය. එහෙත් හෙලිකොප්ටර් යානා මගින් යද්දී පෙනුනේ ඇතැම් තැන්වල අඩි සිය ගණන් දිග නායයාම්ය. අක්කර විස්ස, විසි පහ, දහය පහළොව නාය ගිය තැන් දිස් වුණත් ඒ තැන් වලට ළඟාවිය නොහැකි විය.
කඳු නාය යාම නිසා ප‍්‍රධාන ගංගා, ඇළ දොළ හරස් වී තිබුණි. කෙසේ වෙතත් මහා විපත සිදුව දින දහයක් ඉක්ම වෙද්දී සෑම තැනකටම පාහේ ගොඩබිමින් යන්නට හැකි විය. සන්නිවේදන ක‍්‍රියාවලිය ඒ වෙද්දිත් සම්පූර්ණ නොවූ තැන් බොහෝ විය.
නිවිතිගල, ඇහැලියගොඩ, රත්නපුර, කිරිඇල්ල. අයගම, කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, කහවත්ත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් නායයාම් වැඩියෙන් වාර්තා විය. සෙන්ටි මීටර් 100ට වඩා වැසි වර්ෂාපතනයක් ඇදහැළුනොත් ආරක්‍ෂාකාරී තැන්වලට යන්නයි උපදෙස් දුන්, අවදානම් තැන්වල පදිංචිව සිිටි සියලූ දෙනාම ආරක්‍ෂක තැන්වලට ගියහ. තවත් සමහරු නාය ගියත් ඒ තැන්වලම සිටියහ. එවැනි තැන් නාය නොගිය නමුත් නායයන බවට හඳුනානොගත් තැන් රාශියක් නායගියේ ගම්පිටින්ය.
මෙවර ගංවතුර සහ නායයාම් නිසා රත්නපුර දිස්ත‍්‍රික්කයේ පූර්ණ හානිවූ නිවාස ගණන 788කි. අර්ධ හානිවූ නිවාස ගණන 5541කි. වෙනත් දේපළ 2353ක් හානි විය.
සම්පූර්ණයෙන් හානිවූ නිවාස 788 අතර නායයාම් නිසා අහිමිවූ නිවාස ද වේ. ඒ නිවැසියන් වැඩි දෙනෙකුට නිවාස පමණක් නොව ඉඩම් ද අහිමිය. ගංවතුරින් නිවාස සම්පූර්ණයෙන්ම අහිමි වූ අයට මහපොළොව ඉතිරි විය. නමුත් නායයාමෙන් නිවාස සම්පූර්ණයෙන් අහිමි වූවෝ අතර බිම් අඟලකටවත් හිමිකම් නොකියන අය ද වෙති. ඔවුන් යන එන මං නැති කල්ලතෝනින් වැනිය.
නායයාම් නිසා අර්ධ වශයෙන් නිවාස හානි වූ අය අතර සිටින බොහෝ දෙනෙකු ද එවැන්නන්ය. ඒ නිසා මේ නායයාම් නිසා සියල්ල අහිමිවූ වැසියන් යළි නඟා සිටුවීමේ වගකීම සමස්ත ජනයාම සතුය. මුහුදු කරයේ සුනාමිය ඇති කළ විපත කෙලෙස ද සබරගමුව, දකුණ, බස්නාහිර ගංවතුර සහ නායයාම් විපත එලෙසමය.
නායයාම් නිසා විපතට පත්වූවෝ නැවතී සිටිිි පාසල් වලින් මේ වන විට ඉවත්ව ගොසිනි. විහාරස්ථාන හෝ වෙනත් තැන්වල කූඩාරම් ඉදිකර පවුල් වශයෙන් වෙන්ව ජීවත් වන්නට දැන් පරිසරය ගොඩ නැගෙමින් පවතී.
මේ නායයාම් අතරින් මිනිස් ජීවිත වැඩි ප‍්‍රමාණයක් අහිමිවු නායයාම වූයේ නිවිතිගල ප‍්‍රාදේශීය ලෙකම් කොට්ඨාසයේ කිරිබත්ගල කන්දේ කොටසක නායයාමෙන් 175බී වන්නියවත්ත ග‍්‍රාම නිලධාරී වසමේ ‘කුරහන’ ගමේ සිදුවූ නායයමයි. ගමේ ගෙවල් 19ක් තිබූ තැනක්වත් නැත. ගමේ පවුල් 55ක 211ක් වු ලොකු කුඩා බාල මහලූ සියල්ලෝම කිරිබත්ගල විද්‍යාලයේ රැඳවූහ.
සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම නායයාම් විශාල වශයෙන් වාර්තා විය. ඒ වගේම නායයාම් අවදානම් තැන් ද පැයෙන් පැය වැඩි වන්නට විය. කෙසේ වෙතත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17න් නායයන බවට බිය ඇති තැන් 576ක් වාර්තා වූ අතර ඒ තැන්වලින් ජනයා වහා පිටවෙන්නට වූහ. එහෙත් ඒ තැන් පරීක්‍ෂා කළ නායයාමේ ආපදා පර්යේෂණ රත්නපුර දිස්ත‍්‍රික් කාර්යාලය ඉන් නායයාමේ අවදානම් සහිත තැන් ගණන 210ක් බව නිවේදන කරන්නට විය.
එම නිවේදන නිකුත් වූ පසු බිය නැති කරගත් ජනයා නැවත තම ගෙවල් දොරවල් බලා පිටත්ව ගියහ. නායයාමේ අවදානම් සහිත තැන් ලෙස හඳුනාගත් ස්ථාන 210න් ඉවත්ව සිටි පිරිස වැස්ස අඩුවනවාත් සමඟ යළි නිවෙස් බලා යන්නට වුහ. වැසි වැඩිවුනොත් ඒ ස්ථානවල සිටීම අවදානම් බැවින් වහා ඉවත්ව ආරක්ෂිත තැන්වලට යන ලෙස ඔවුන්ට ග‍්‍රාම නිලධාරී හා රජයේ නිලධාරීන් පණිවිඩ ලබා දුන්නෝය.
කුරහන ගමේ කේ. ඒ. ජයරත්න මහතා :
‘‘අපේ ගමට මහ විපතක් වුනේ. ගෙවල් 19ක් නායට ගියා ගමේ 26 දෙනෙක් නෑ. 16 දෙනෙකුගේ සිරුරු හමුවුණා. දහ දෙනෙකුගේ සිරුරු හොයාගන්න බැරිවුණා. දැන් පවුල් විසි පහක් ඉන්නේ තාවකාලික නිවාසවල. ඇත්තටම දැන් ඒ අයගේ ජීවිත අලූතින්ම පටන් ගන්න වෙන්නේ.’’
කේ. ඩබ්. අරුණ ශාන්ත (32) මහතා:
‘‘පස් කන්දෙන් මගේ ගේත් යටවුණා. පැනගත්ත නිසා අපේ ජිවිත බේරුනා. මගේ බාප්පාගේ ගේත් යටවුනා. ඒ අය නායට යටවුණා. දැන් අපේ ගේ අපිට නැතිවුණා. දේපල නැතිවුණා. ජීවිත මුල ඉඳාලම පටන් ගන්න වෙනවා. දැන් තමයි අපිට හැමෝගෙම උදව් ඕනෑ වෙලාව. විපත සිදුවුණ දා ඉඳලම සෑම කෙනෙක්ම උදව් කළා. නමුත් අපිට හිටපු තත්ත්වයට එන්න තව ටික කාලයක් ගතවෙයි. අපේ ආදායම් මාර්ග හදාගන්න ඕනෑ. ඉන්න හිටින්න තැනක් හදාගන්න ඕනෑ. ඒවා හිතනකොටත් බය හිතෙනවා.’’
නායයාම් හේතුවෙන් දැනට නිවාස අහිමිව සිටින ජනතාව පවසන්නේ හැකි ඉක්මනින් තමන්ට ඉඩම් ලබාදී ගෙවල් හදාගන්නට මුදල් ලබා දෙන ලෙසයි. අලුතින් ගෙවල් හදා ගන්නට රුපියල් ලක්‍ෂ 25ක මුදලක් ලබාදෙන බව පසුගියදා රජය මාධ්‍ය මගින් නිවේදනය කළ අතර මියගිය එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂය බැගින් ලබාදෙන බව ද නිවේදනය කළේය.
‘‘අපිත් ඇහුවා. මියගිය කෙනෙක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක් දෙනවා කිව්වා. මුලින් අපිට 15000ක් දුන්නා. මරණ සහතිකය ඉදිරිපත් කළාම ඉතිරි 85000 දෙනවා කිව්වා. මිනී ගොඩ නොගත් අය සම්බන්‍ධයෙන් මොනවත් පැහැදිලි උත්තරයක් නෑ. මරණ සහතික ඉදිරිපත් කළාම සල්ලි දෙනවා කිව්වා. සිරුරු හමු නොවුණ අයගේ මරණය ලියා පදිංචි කරන්න ගැටලූවක් තියනවා. මොකද හදිසි මරණ පරීක්‍ෂකවරයාගේ නියෝගයක් නැතුව මරණයක් ලියා පදිංචි කරන්න උප්පැන්න මරණ රෙජිස්ටාර්වරයාට උපදෙස් ලැබිලා නෑ. හදිසි මරණ පරීෂණයක් නොකරපු සිරුරකට සහතිකයක් නිකුත් කරන්න කියලා හදිසි මරණ පරීක්‍ෂක තුමා උපදෙස් නැතුව නියෝග කරන්නේ නෑ. මේ ගැටලූවටත් වහාම විසඳුමක් අවශ්‍ය වෙනවා.’’ කාලීන ප‍්‍රශ්නයක් මතු කළේ ඊට මුහුණ දුන් අවතැන් වු කෙනෙකි.
‘‘අපිට ගේත් නැතිවුණා ඉඩමත් නැතිවුනා. අපි මෙහෙම කඳවුරුවල කොච්චර කාලයක් ඉන්න වෙයි ද දන්නේ නෑ. දරුවො ඉස්කෝලේ යවන්න ඕනෑ. පනම් හතරක් හොයාගන්න කුලියකට යන්න ඕනෑ. මේවායේ ඉඳලා අපි කොහොම ද ඒවා කරන්නේ. ඇත්තටම මීරියබැද්දේ, මාවනැල්ලේ මිනිස්සුන්ට අත්වූ ඉරණම ම අපිටත් අත් වෙයිද?‘’ යන එන මං නැතිවූ සියලූම දෙනා අහන්නේ ඒ පැනයයි.
විකල්ප ඉඩම් ලබාදීමේ ගැටලූවට රජය ද මුහුණ දී සිටී. මේ විපතට පත්වූ අයට ඉඩම් ලබාදෙන්නට කෝ ආණ්ඩුවට ඉඩම්? ඇත්තටම ආණ්ඩුවට ඉඩම් නැත. අනුනව අවුරුද්දට ඉඩම් බදුගත් වතු සමාගම් වලින් ඉඩම් ඉල්ලූව ද ඔවුන් දෙන්නට අකමැතිය. කැමති වුණත් එය ජීවත්වීමට සුදුසු ඉඩමක් නොවේ.
මේ බව හොඳින් පැහැදිලි කළේ ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ සබරගමු පළාත් සභා මන්ත‍්‍රී අන්නමලේ බාස්කරන් ය. පසුගියදා සබරගමු පළාත් සභාවේ දී ඔහු හෙළිදරව් කළේ වසරකට පෙර නායගිය දෙහිඕවිට දෙමළ විද්‍යාලය අලූතින් හදන්නට වෙන් කළ වතු ඉඩම ජනාධිපතිවරයාගේ නියෝගයක් තිබුණත් තවමත් නිදහස් කර නැති බවයි.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ නායයාම් හේතුවෙන් මියගිය ගණන 43කි. අතුරුදන් සංඛ්‍යාව 13කි. මේ අවතැන් වූ සමහර අය සන්තකයේ ඉතිරි වූයේ ඇඳිවත පමණි. ඔප්පු තිරප්පු, විවාහ සහතික, උප්පැන්න ඇතුළු වෙනත් ලේඛන, බැංකුපොත්, රක්‍ෂණ සහතික, දරුවන්ගේ ලේඛන අහිමිවීමෙන් මව්පියෝ දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. ලබන වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරන ළමයින් ඉන්න මේ අවතැන් වූ පවුල්වල වැඩිහිටියන් ඉන්නේ කර කියා ගතහැකි දෙයක් නැතුවය.
එසේම මෙවර උසස් පෙළ පන්තිවලට ඇතුළත් වෙන්නට අයදුම් කළ දරුවන් සිටින මව්පියන් ද පත්ව ඇත්තේ සමාන ඉරණමකටය. බලධාරීන්ගෙන් තවමත් එවැන්නන් සඳහා දෙන විසඳුම පැහැදිලි නැත. මෙකී ගැටලූ හමුවේ මේ විපතට පත් වුවෝ කබලෙන් ලිපට නොදමන විසඳුමක් අත්‍යවශ්‍ය බව ඔවුන් කියයි.
‘‘ඇත්තටම අපි දන්නවා ඔවුන් නායයාම් සහ ගංවතුර විපත් වලට මුහුණ දුන් බව. නමුත් 2016 පළමුවැනි වසර ඒ අය චක‍්‍රලේඛවලට අනුකූලව අයදුම්පත් ඉදිරිපත් නොකළහොත් සම්මුඛ පරීක්‍ෂණ වලදී ලකුණු අඩුවෙන්න පුළුවන්. ලකුණු අඩු වුනොත් ඒ ළමයි නොතේරෙන්න පුලූවන්. චක‍්‍ර ලේඛ උපදෙස් වලට පටහැනිව විදුහල්පතිවරු ලෙස අපිට ක‍්‍රියා කරන්න බෑ. ඒ ළමයි ගැනීම ප‍්‍රතික්‍ෂෙප කළොත් මව්පියන්් දේශපාලනඥයෝ ළඟට ගොස් අවනඩුව කියයි. දේශපාලනඥයා ඉස්කෝලෙට කතාකරලා ලකුණු අඩු ළමයා ගන්න කියාවි. එහෙම කිව්වාට අපිට ඒක කරන්න බෑ.’’
‘‘ඒ නිසා මේ ව්‍යවසනයට ලක්වූ මව්පියන්ගේ ළමයි මේ වසරේ උසස් පෙළට දාන්න සහ ලබන වසරේ පළමුවැනි ශ්‍රේණියට දාන්න ඉන්නව නම් එ අය වෙනුවෙන් ක‍්‍රියාකළ යුතු ආකාරය ගැන විදුහලපතිවරුන් වූ අපිව දැනුවත් කළ යුතුයි. ඒක ආවාට ගියාට දෙන උපදෙසක් නොවී හිතලා බලලා චක‍්‍රලේඛයකින් ම නිකුත් කළොත් තමා හොඳ.’‘ විදුහල්පතිවරයකු පැවසුවේය.
නාය යාමෙන් විපතට පත්වූ ජනතාවගේ ගැටලු වලින් එකක් දෙකක් පමණි. ඒ එවන් ගැටලූ තව බොහෝය. මේ අහිංසක ජනතාවගේ ජීවිත ද නාය නොයන තත්ත්වයට පත්කරන්නට දැන් වහාම අවශ්‍යය.
අජිත්ලාල් ශාන්තඋදය
ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.
දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය.
මානව පරිණාම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකකි. එම සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට චීන විද්‍යාඥයන්ට දැන් හැකි වී තිබේ.
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
දේපල නායගිය අයගේ ජීවිතත් නායයයිද?