IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


හොඳම එන්නත හැදුවේ චීනය ද? රුසියාව ද?

 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හමුවේ, එයින් බේරීමට ඇති එකම විසඳුම එන්නත්කරණයයි. නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින්, දිගටම මුහුණු ආවරණ පැළැඳීමෙන් ද වයිරසයෙන් ආරක්ෂා වීමට හැකි නමුත්, අප කවුරුත් බාහිර සමාජය සමඟ ගැටෙන බැවින්, සුදුසුම දේ එන්නත්කරණයයි. එන්නත් ලබාගැනීමෙන් පසුව වුවත්, මුහුණු ආවරණ පැළැඳීම, සමාජ දුරස්ථභාවය, නිතරම පිරිසුදුව සිටීම කළ යුතු වෙයි. ඒ, දිනෙන් දින විකෘති වෙන කොරෝනා වයිරසය අප මනුෂ්‍ය වර්ගයාට බිහිසුණු සතුරකු වන බැවිනි.   


චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 දෙසැම්බරයේය. කොරෝනා වයිරස පවුලේ අලු‍ත්ම සාමාජිකයා වන මෙම වයිරසය ‘කොවිඩ් 19’ ලෙස නම් කෙරුණේ එහෙයිනි. වසරක් ගතවීමටත් පෙර, 2020 අගෝස්තු වෙද්දී, අප සතුව පවතින තාක්ෂණයත් දැනුමත් යොදා ගනිමින් පළමු ‘කොවිඩ් 19‘ ප්‍රතිශක්තිකරණ එන්නත කරළියට පැමිණියේය. මෙය මනුෂ්‍ය වර්ගයා ලැබූ ලොකු ජයග්‍රහණයක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත.

   
පළමුවෙන් ලොවට හඳුන්වා දෙනු ලැබුවේත් ලියාපදිංචි කරනු ලැබුවේත් රුසියාවේ ගැමලේයා වෛද්‍ය පර්යේෂණ ආයතනය නිපදවූ ‘ස්පුට්නික් 5’ එන්නතය. අද ශ්‍රී ලංකාවේ අපට ලැබෙන්නේ මෙම එන්නතය. මේ වනවිට රටවල් 60කට වැඩි ගණනක් ‘ස්පුට්නික් 5’ එන්නත හදිසි භාවිතයට යොදාගෙන තිබේ. අප අසල්වැසි ඉන්දියාව ද ඒ අතරේ සිටී. දිනෙන් දින ආසාදිතයන් ලක්ෂ 3ත් 4ත් පසු කරද්දී ඉන්දියාව එන්නත් අර්බුදයකට මුහුණ දුන් අතර, ඊට පිළියමක් ලෙස මිලදී ගැනීම කළේ ‘ස්පුට්නික් 5’ එන්නතය.   


තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය පමණක් නොව, ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය සහ යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය ද ‘ස්පුට්නික් 5’ සඳහා අනුමැතිය දී නැත. ඒ ඇයි යන්න ගැටලු‍වකි. එය බටහිර රටවල් රුසියාවට කරන කෙණෙහිලිකමක්දැයි යන්න සම්බන්ධයෙන් සැකයක් පවතී. සායනික අත්හදා බැලීම් අනුව, ‘ස්පුට්නික් 5’ මාත්‍රා දෙකකින් යුත් එන්නත ලබාගැනීමේදී එහි සාර්ථකත්වය සියයට 91.6කි.   


‘ස්පුට්නික් 5’ එන්නත මාත්‍රා දෙකකි. කෙසේ නමුත් මේ වනවිට මාත්‍රා දෙක වෙනුවට තනි මාත්‍රාවක ‘ස්පුට්නික් 5’ එන්නතක් ද ගැමලේයා ආයතනය නිපදවමින් සිටී. එය ‘ස්පුට්නික් 5 ලයිට්’ ය. තනි මාත්‍රාවේ ‘ස්පුට්නික් 5 ලයිට්’ එන්නතේ සාර්ථකත්වය සියයට 79.4කි. එම සාර්ථකත්වය තව වැඩි කිරීමට මේ වනවිට පර්යේෂණ සිදුවෙමින් පවතී. එපමණක් නොව, ‘ස්පුට්නික් 5 ලයිට්’ එන්නත නිපදවන්නේ, මෙතෙක් හමුවී ඇති විකෘති කොරෝනා වයිරස ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයට යැයි ද ගැමලේයා වෛද්‍ය පර්යේෂකයන් පවසා ඇත.   
රුසියාව ඔවුන්ගේ මෙම ප්‍රතිශක්තිකරණ එන්නත ‘ස්පුට්නික්’ යන නමින් නම් කර ඇත්තේ, අතීතයේ සෝවියට් දේශය, පෘථිවි කක්ෂයට යැවූ පළමු චන්ද්‍රිකාව වන ‘ස්පුට්නික් 1’ සිහිපත් කරමිනි. ‘ස්පුට්නික් 1’ පෘථිවි කක්ෂයට යැවීම සෝවියට්වරුන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. කොරෝනා වසංගතයට එරෙහිව, පළමුවෙන් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමට හැකිවීම ද ඒ හා සමාන ජයග්‍රහණයක් යැයි රුසියාව පවසයි.   
‘ස්පුට්නික් 5’, ‘සයිනෝෆාම්’ සහ සෙසු ප්‍රතිශක්තිකරණ එන්නත් අතරින් හොඳම එන්නත කුමක්දැයි යන්නට පිළිතුරු දීම අසීරුය. ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් සියයට 95කට වඩා සාර්ථකය. මේවා එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත්ය. සරලව පැහැදිලි කළොත්, එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත් වන ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත්වල ඇත්තේ, ‘කොවිඩ් 19’ වයිරස විෂබීජයේ ජාන කේතයයි. සිරුරට එන්නත් කෙරෙන්නේ මෙම ජාන කේතයයි. 

 
‘ස්පුට්නික් 5’, ‘සයිනෝෆාම්’ පමණක් නොව, රුධිර කැටි ගැසීමක් ගැන බියක් ඇති කළ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ද එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත් නොවෙයි. මේවා නිපදවා ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරසය සිරුරට ඇතුළු වීමෙන් පසු සිරුරේ ඊට එරෙහිව නිපදවන ප්‍රතිශක්තිය, එන්නත හරහා කල්තියා සිරුරේ ඇතිවීමට සැලැස්වීමය. එවිට වයිරසය යම් හෙයකින් සිරුරට ඇතුළු වුවහොත් ඊට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වී තිබීමය.   


සියයට 79ක සාර්ථකත්වයක් ඇති චීනයේ ‘සයිනෝෆාම්’ කොවිඩ් 19 එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ පසුගිය මැයි 7 වැනිදාය. ඒ සමඟම දිළිඳු රටවල කොරෝනා වසංගතය අවසන් කිරීම සඳහා පහසුවෙන් එන්නත් ලබාගැනීමට අවස්ථාවක් උදා විය. ‘සයිනෝෆාම්’ එන්නතට අවසර හිමි වීමත් සමඟ එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් බෙදාහැරීමේ ගෝලීය ක්‍රියාන්විතය වන ‘කොවැක්ස්’ වැඩසහටනට ඇතුළත් කර ගැනිණ. එන්නත් සමානව බෙදාහැරීමටත් එලෙස සමානව එන්නත් බෙදී යෑම තහවුරු කිරීමටත් මෙම කොවැක්ස් වැඩසටහන ආරම්භ කර තිබේ.   
අතුරු ආබාධ හේතුවෙන් ඇතැම් රටවල් එරට ජනතාවට ‘ඇස්ට්‍රාසෙනෙකා’ සහ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත් ලබාදීම තාවකාලිකව නවතා දැමූ අතර, එන්නත් ලබාදීමේ මාර්ගෝපදේශ ද වෙනස් කරන ලදී. එලෙස එන්නත් ලබාදීම අත්හිටවූ රටවල් මේ වනවිට එම එන්නත් ලබාදීම නැවත ආරම්භ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ නිෂ්පාදිත තවත් එන්නතක් වන ‘සිනෝවැක්’ එන්නතට අවසර ලබාදෙනු ඇතැයි වාර්තා වන අතර ඒ අනුව දුප්පත් රටවලට එන්නත් ලබාගැනීමට තවදුරටත් අවස්ථාව උදා වනු ඇතැයි පැවැසෙයි.   


චීනය නිපදවා ඇති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් වන්නේ ‘සයිනෝෆාම්’ සහ ‘සිනෝවැක්’ පමණක් නොවේ. තවත් එන්නත් කිහිපයක් භාවිතයට ගැනීම සිදුවෙයි. විදෙස් වාර්තා අනුව, චීනය එරට වැසියන්ට මේ වනවිට එන්නත් මාත්‍රා මිලියන 9.36ක් ලබා දී ඇති බව පැවැසෙයි. චීනය කොරෝනා වසංගතය පාලනය කරගැනීමට යොදාගත් අවිය ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහනය.   


කොරෝනා වයිරසයට එරෙහිව භාවිතයට ගැනීම සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ සයවැනි ප්‍රතිශක්තිකරණ එන්නත ‘සයිනෝෆාම්’ එන්නතය‍. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කළේ, ‘ෆයිසර්’, දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරන ‘එස්.කේ. බයෝ ඇස්ට්‍රාසෙනෙකා’, ඉන්දියාවේ සේරම් ආයතනයේ ‘ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ සහ ජැන්සන් සමාගමේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතය. 

 

 

ලු‍සිත ජයමාන්න   
ලෝක සෞඛ්‍ය සංවිධානයේ   
තොරතුරු ඇසුරිනි   



අදහස් (0)

හොඳම එන්නත හැදුවේ චීනය ද? රුසියාව ද?

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

අලුත් බෝතල් පරණ වයින් ඡන්ද 87 ක් කප්පාදු කළ ක්‍රිකට් ඡන්දය
2025 පෙබරවාරි මස 03 33 0

රුපියල් බිලියන 22 කට ආසන්න ආදායමක් පසුගිය 2024 වසරට ඉපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2025 - 27) ලබන මාර්තු 31 වැනිදා පෙරවරු 10 ට මේට්ලන්ඩ් පෙදෙසේ එහි මූලස්ථ


ජ්‍යෙෂ්ඨයනි , ඉදිරියට එන්න
2025 පෙබරවාරි මස 03 20 0

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ දී මේ සටහන ලියැවෙයි.


එවරස්ට් කන්දටත් වඩා උස කඳු දෙකක්
2025 ජනවාරි මස 31 51 0

එඩ්මන්ඩ් හිලරි සහ ටෙං සිං නෝ ගේ 1953 දී ලෝකයේ උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුනට මුල් වරට ළඟා වූ වික්‍රමය එසේ මෙසේ එකක් නොවෙයි.


2025 ඔබට කොහොමද ? පාලන අංකයෙන් දැනගන්න
2025 ජනවාරි මස 29 132 0

විවිධ ගුප්ත ශාස්ත්‍රයන් මගින් මිනිස් ජීවිතවල අතීත - වර්තමාන - අනාගත කාල පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන අයුරු හා අනාවැකි පළකරනු දැකගත හැකියි.


ඔබේ ඕරාවත් දුර්වල ද?
2025 ජනවාරි මස 29 49 0

වර්තමානයේ දී බොහෝ දෙනා විශ්ව ශක්තිය, ධනාත්මක චින්තනය, ආකර්ෂණ නීතිය, විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කිරීම, ඕරා පරීක්ෂාව, පළිඟු භාවිතය වැනි දේවල් අත්හදා බලන්නට


අලුත්කඩේ උසාවියේ රේස් පදින පාපැදි සම්මේලනය
2025 ජනවාරි මස 29 21 0

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙරට නිමක් නොමැති පරිපාලන අර්බුද වලින් හෙම්බත්වී සිටින තවත් මෙරට ජාතික ක්‍රීඩා සංගමයකි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site