IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බොදු සමුළුවේ මහ සැසිය අද

සමස්ථ ලංකා බෞද්ධ  ශිෂ්‍ය සමිති සමිමේලනයේ මහා සභා රැස්විම  කොළඹ 7 බෞද්ධ සමිමේලන ශාලාවේදි  පැවැත්විණි. 

පාසල් හැට හයක සිසුසිසුවියන් මේ සඳහා එක්වූ අතර මෙදින නව නිලධාරී මණ්ඩලයද පත් කෙරීණි

ඒ අනුව ප්‍රධාන සභාපති  තනුර මෙන්ඩිස් කොළඹ විශ්ව විද්‍යාලයෙන්ද ප්‍රධාන ලේකම් චතුරි කුලසිංහ උසස් තාක්ෂණ ආයතනයෙන්ද කනිෂ්ඨ භාණ්ඩාගාරික දිවන්ත නිපුන්  නාලන්ද විදයාලයෙන් ද උප ලේකම්වරු වශයෙන් රුමේෂ් මධුශාන් ලුම්බිණි විද්‍යාලයෙන්ද අධීෂ දෙවන්මිණ තර්ස්ටන් විද්‍යාලයෙන්ද අකිලා ගුණවර්ධන ලින්ඩ්සේ විදයාලයෙන්ද  පත්වූහ

හිටපු සභාපතිවරයා අතින් මෙදින නව සභාපතිවරයාට බුදු පිලිම වහන්සේ නමක් පිළිගන්වා තනතුර බාර දුන්නේය

සමස්ථ ලංකා  බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙහි යාව ජිව සාමාජිකත්වය දරණ    විදුලි ඉංජිනේරුවරියක ව්‍යාපාරික බෞද්ධ දානපතිනියක වන චිත්‍රා බොතේජූ , වෛද්‍ය නිල්මිණි රාජපක්ෂ මහත්මීන්  ඇතුළු විද්‍යාල රැසක ආචාර්ය මණ්ඩලයේ විශාල පිරිසක්ද මේ සඳහා එක්වුහ

 



අදහස් (0)

බොදු සමුළුවේ මහ සැසිය අද

සෙන්ජී Saturday, 02 November 2013 11:52 AM

බොදු සිසු සමුළුවේ යාවජීව සාමාජිකයෙකු ලෙස, වසර 57ක් තුල බොදු සිසු සමුළුවේ සේවය හොදින්ම දනිමි. දිවයින පුරා කරනු ලබන සේවය ඉමහත්ය. මගේ සුභ පැතුම් බොදු සිසු සමුළුවේ චිර පැවැත්මට! (නි)

:       0       0

දොන්සේතං Saturday, 02 November 2013 11:54 AM

අද ලංකාවේ බුදුදහම නාට්‍යකරණය වී ලෞකිකකරණය තුලින් අධ්‍යාත්මිකත්වය තුරන් වී ප්‍රමිතියකින් තොරව යල් පැනගිය පෞරාණික නටඹුන් බවට පත්ව අැතත් එය උකහා ගැනීමට අද සමාජය අපාෙහොසත් වීම අැත්තෙන්ම කණගාටුවට කරැණකි. (නි)

:       0       0

ගජ මෑන් Friday, 01 November 2013 11:18 PM

පින්තුර ටිකත්, සැසියත්, සංවිධාන කටයුතුත් , සහභාගී වූ අයත් , හැමදේමත් ලස්සනයි. සතුටු හිතෙනවා දුටුවිට.ඒ වුණාට ලංකාවේ බුදු දහමේත්, ශාසනයේත්, බෞද්ධයාගේත් අනාගතය අනතුරේ! (නි)

:       0       0

මංජුලා හේමමාලි Wednesday, 06 November 2013 01:53 PM

ආසයි දැක්කම. මමත් බොදු සිසු සමුළුවේ හිටියා. රටට ආදරයෙන් සේවයක් කරන්න හැකියාව ලැබේවා සියලු දරුවන්ට. (ස)

:       0       0

ටිසාන් Saturday, 02 November 2013 09:31 AM

මට මේ පින්තූර දැක්කම ලංකාවේ තියෙන යම් දෙයක් මතක් වෙනවා. (නි)

:       0       0

සෙනෙවි Saturday, 02 November 2013 09:45 AM

ඒ සඳහා ඔබ කළයුත්තේ අප්‍රමාදී වීමය. සියල්ල අනිත්‍යය, දුකය,අනාත්මය. සබ්බ පාපස්ස අකරනන් කුසලස්ස උපසම්ම්පදා සචිත්ත පරියෝදපනම් ඒතන් බුද්ධානු ශාසනං (නි)

:       0       0

අසංග Saturday, 02 November 2013 10:36 AM

ගජ මෑන්, ඒ විදියට හිතන්න එපා. අපි හැමතිස්සෙම සුබවාදී විදියට සිතමු.ඔබ අපි සියලු දෙනා එකතු වී අපේ ඉතාම වටිනා බුදු දහම රැක ගනිමු. අපේ තරුණ පරපුර දැන් මේ දේවල් වලට නැඹුරු වී වැඩ කටයුතු කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

වීඩියෝ දර්ශන




බුලත්සිංහලට නාවික හමුදාව කැඳවයි
2024 අගෝස්තු මස 18 1835 0

ඇදහැලෙන අධික වර්ෂාපතනය සමග, කළුතර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව පවතින බව ආපදා කළමනාකරණ මාධ්‍යස්ථානය කි


වැඩපිළිවෙළ අඛණ්ඩව ගෙනයන්න වරම දෙන්න
2024 අගෝස්තු මස 15 1530 14

රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් සිදු කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජ


නාමයෝජනා දෙන්න ඇවිත්
2024 අගෝස්තු මස 15 5977 14

(වීඩියෝ සහිතයි) ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 න් අපේක්ෂයන් 39 ක් නාම යෝජනා භාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site