(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)
රජයට එරෙහිව බුර බුරා නැගෙන උද්ඝෝෂණ, උද්ඝෝෂකයකන්ට පහරදීම, වෛද්‍ය වර්ජන, සාංඝික දේපලටත් අතපෙවීම, මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශ යනාදිය පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.
ප්‍රශ්නය:- ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ වීදි සටන් දිගින් දිගටම පැවැත්වෙනවා. මෙහෙම වී තිබෙන්නේ ආණ්ඩුවේ වැරැදි තීරණ නිසා ද?
පිළිතුර:- දියුණුවෙමින් පවතින රටවල ප්‍රශ්න තිබෙනවා. උද්ඝෝෂණ, ස්ට්‍රයික් පැත්තට බර සංස්කෘතියක් අපේ රටේ ගොඩනැගී තිබෙනවා. සියල්ල රජයෙන් නඩත්තු විය යුතු බව සමහරු කියනවා. එහෙම කරන්න රජයට සල්ලි කොයින්ද? ජනතාවගේ අවශ්‍යතා වැඩිවුණාට අපට තිබෙන සම්පත් මොනවාද? තෙල්, ගෑස් රත්තරන් නිධි අපට නෑ. ආණ්ඩුව කියන්නේ ජනතාවමයි. පසුගිය වසර විස්සෙ දි මේ රටේ අලුතින් නිෂ්පාදනයක් වෙලා නෑ. සියල්ල ගේන්නේ පිටරටින්.
එදා කැකෑරෙමින් තිබූ ප්‍රශ්න සියල්ල එකතු කරගෙන අද මේ අය එළියට බැහැලා. රාජපක්ෂ පාලන සමයේදී උද්ඝෝෂණය කරන්න බැරිවූ කරුණුත් එකතු කරගෙන අද කෑ ගහනවා. අද ඒකට උපරිම නිදහස ලබාදී තිබෙනවා. මේ වගේ රටක සාමාන්‍යයෙන් මෙහෙම නිදහසක් නෑ. දියුණු රටවල තිබෙන නිදහස යහ පාලනයෙන් මේ රටේ ජනතාවට ලබාදී තිබෙනවා. ඒක ජනතාවට පුරුදු නැති ස්වභාවයක් දැක ගන්න පුළුවන්. ඒ නිදහස අසිමිත ලෙස පාවිච්චි කරන ආකාරයක් තමයි දකින්න ලැබෙන්නේ.
ප්‍රශ්නය:- සියල්ල රාජපක්ෂ පාලනය පිට පැටවීම හැර මේ ආණ්ඩුව කරපු දෙයක් නැහැ කියලයි චෝදනා එල්ල වෙන්නේ?
පිළිතුර:- මොනවද අද තිබෙන උද්ඝෝෂණ. උමාඔය, සයිටම්, තැපැල් සේවක වර්ජනය, තැපෑලේ තිබෙන්නේ වැටුප් ප්‍රශ්නයක්. හැබැයි මේ ආණ්ඩුව කවදාවත් නොවූ ආකාරයට රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා. මීටත් එහා තවත් වැඩි කරන්නේ කොහොම ද? මේ සියල්ල එදා සිට ඇවිත් අද එළියට දානවා. අද තිබෙන නිදහස ජනතාවට දරාගන්න බෑ.
ණය ට්‍රිලියන දහයයි. හම්බන්තොට වරායට ණය වාරිකය වශයෙන් අවුරුද්දකට බිලියන 15ක් ගෙවනවා. හැබැයි ආදායමක් නෑ. රටේ තිබෙන මේ තත්ත්වයට ඇඟිල්ල දිගු කරන්න වෙන්නේ කාට ද? පසුගිය වසර විස්සෙ දී මේ රටේ ඇතිවූ ආර්ථික සංවර්ධනය මොකක්ද? සේවා ආර්ථිකයක්, ඉදිකිරීම් කර්මාන්තයත්, සංචාරක කර්මාන්තයත් තරමක් ඉදිරියට ගොස් තිබෙනවා. මේ හැරෙන්න වෙච්ච දෙයක් නෑ. 2005 දී රාජපක්ෂලා මේ රට බාර ගන්නා විට අපනයන දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 34යි. 2015දී ඒ අය රට අපට බාර දෙන විට ඒ ප්‍රතිශතය සියයට 14යි. අපනයන මෙහෙම සියයට සියයක පහත වැටීමක් පෙන්නුම් කරන විට අපි කාටද ඇඟිල්ල දිගු කරන්නේ. ආණ්ඩුවක් අරගෙන එක පාරටම අපනයන වැඩි කරන්න අපට පුළුවන් ද?
කර්මාන්ත පටන් ගන්න පුළුවන් ද? එහෙම විශ්මකර්ම කරන්න පුළුවන් ජගතෙක් ලෝකෙ ඉන්නවද? තායිලන්තය, කොරියාව, මැලේසියාව ආදී රටවල් දියුණු වී තිබෙන්නේ වසර විස්සක තිහක සැලසුම් සහගතවයි. දැන් අපි යොදන්නේ ඒ සැලසුමයි. තවම මේ ආණ්ඩුවට අවුරුදු එකහමාරයි. ඒත් ජනතාව විශ්මකර්මයක් බලාපොරොත්තු වෙනවා. නිදහස දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා. යහ පාලනය ගෙනාවා.
නීතියේ ස්වාධිපත්‍යය ගෙනාවා. මේ ලබාදී තිබෙන නිදහසෙන් කර කියාගන්නේ මොනවද කියා සිතාගන්න බැරිව ජනතාව ඉන්නවා. ඒ අස්සේ දේශපාලනයත් මේකට රිංගනවා. දේශපාලන වුවමනාවන් තිබෙන රට විනාශ කරන්න බලා සිටින යම් පිරිසක් මේ නිදහස දඩමීමා කරගන්න හදනවා.
ප්‍රශ්නය:- කළේ මොනවද කියන ප්‍රශ්නයයි මෙතන තිබෙන්නේ?
පිළිතුර:- මත්ස්‍ය තහනම ඉවත් කර ගත්තා. ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගත්තා. ඒ ඔස්සේ වසර පහක් යන විට අපනයන දෙගුණ කර ගන්න අපට පුළුවන්. ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පහක් චීනය, ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව යන රටවල් සමග අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව බිලියන හතර හමාරක් ජනතාවක් සිටින වෙළෙඳපොළක් අපට විවෘත වෙනවා. හම්බන්තොට වරාය කඩා ඉවත් කරන්න අපට බෑ. අපට දී තිබෙන ණය අයින් කර අපටත් මෙහි පංගුවක් දී සංවර්ධනය කරන්න කියා අපි චීනයට කිව්වා. ඒකට ඒ අය එකඟ වුණා. චීනයට මේ වරාය දියුණු කරන්න පුළුවන්. එහෙම දියුණු කළාම මේකෙ වාසිය යන්නේ කාට ද? චීනයට යම් වාසියක් යන ගමන් අපට ඊටත් වඩා සිය ගුණයක වාසියක් ලැබෙනවා. මේ වරාය හරහා එන වෙළෙඳාම එන්නේ අපේ රටට. කාර්මික අපනයන කලාප බිහි කරන්න චීනය බලනවා. මේ රටේ භාණ්ඩ නිපදවන්න චීනය බලනවා.
නාවික ගමනාගමනය අනුව ලංකාවේ පිහිටීම අතිශය වැදගත්. එය ප්‍රයෝජනයට ගෙන ත්‍රිකුණාමලය, කොළඹ සහ හම්බන්තොට වරාය දියුණු කර ගුවන්තොටුපොළ දියුණු කර රට ඉදිරි පියවරකට ගෙන යන්න පුළුවන්.
හොරකම් නොකර, කොමිස් ගැන කතා නොකර රට ගැන සිතා මේවා කරන්න පුළුවන් නම් විශාල සංවර්ධනයක් කරන්න පුළුවන්. හම්බන්තොට අක්කර 3000ක, මොනරාගල අක්කර 7000ක, ගාල්ලේ අක්කර 2000ක, මාතර අක්කර 2000ක, කළුතර අක්කර 2000ක, නුවර, කුරුණෑගල තවත් අක්කර ප්‍රමාණයක කාර්මික වෙළෙඳ කලාප හරහා පළමු අදියරේ කර්මාන්ත 1000ක් පමණ බිහි කරන්න පුළුවන්. පසුව තවත් කර්මාන්ත 2000ක් පමණ බිහි කළ හැකියි. කර තිබෙන වැඩ ටික අනුව ඉදිරියේදී ලෝකයේ බලවත්ම කාර්මික අපනයන රටක් බවට ලංකාව පත් කරන්න පුළුවන්. ඒ වගේම යටිතල පහසුකම් නංවන විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.
කලින් වගේ ඉබාගාතේ යන ආකාරයට අපනයන තීරුබදු අයින් කරන්නේ නෑ. තීරුබදු රහිතව කර්මාන්ත ඇරැඹීම අපි නතර කළා. දැන් අපි තීරුබදු සහන දෙන්නේ අත්‍යවශ්‍ය දේට පමණයි. සියයට 11ට තිබූ බදු ආදායම සියයට 14ට නංවාගෙන තිබෙනවා. පිටරටින් ණය නොගෙන ණය පොලී වාරිකය ගෙවීමේ හැකියාව තව අවුරුදු එක හමාරකින් පමණ ලැබේවි. මේ සියල්ල මනා කළමනාකරණය නිසයි. මේවා ජනතාවට පේන්නේ නෑ.
බංකොලොත් කොම්පැනියක් අරගෙන හදන විට ඒවා කාටවත් පේන්නේ නෑ. තව වසර දෙක තුනකින් ජනතාවට මේවා තේරේවි. අපි මේ පටන් ගත්තා විතරයි. තව වසර තුනක් යනවිට ඩොලර් බිලියන නවයක මහා පරිමාණ ආයෝජන බලාපොරොත්තු වෙනවා. ඒකට කාර්මික අපනයන කලාප අයත් නෑ. මේවා කරන විට සයිටම් ආදී රාජපක්ෂලාගේ මරගාත මතුවෙනවා. රාජපක්ෂලා ගෙනාවා කියා මේවා වහල දාන්න අපට බෑ. රටේ අධ්‍යාපනයට හානි නොවන ලෙස පෞද්ගලික අධ්‍යාපනයත් හදන්න ඕන. ගෝඨාභය සිටිය කාලෙ සයිටම්වලට, උමා ඔයට ස්ට්‍රයික් කළාද? ඒක තමයි වෙනස.
ප්‍රශ්නය:- නිදහස තිබෙනවා කිව්වත් උද්ඝෝෂකයන්ට එලව එලවා පහරදීම යහපාලනය ද?
පිළිතුර:- ආයතනවලට කඩා පැනලා ජනතාවට හිරිහැර කරමින් උද්ඝෝෂණ කරන්න බෑ. ජනතාවට අවහිරයක් නොවන ලෙස පාළු තැනක උද්ඝෝෂණය කළාට කමක් නෑ. එහෙම කරපු උද්ඝෝෂණවලට පහරදී තිබෙනවාද? ආයතනවලට කඩා පැන ත්‍රස්තවාදීන් වගේ වැඩ කරන විට ආණ්ඩුවට නිකම් ඉන්නද කියන්නේ.
ජනතාව ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමයි. මේ අයට හොඳින් කිව්වාට යන්නේ නැත්නම් කඳුළු ගෑස් ගහන්න වෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක කරන විට ඔහොම වෙනවා. අපි කාටවත් වෙඩි තියලා නෑ. හැබැයි එදා අපි පාරේ ඉන්න විටත් වෙඩි තිබ්බා. එහෙම තිබූ රටක් අපි වෙනස් කළා. අද අසීමිත නිදහසක් දී තිබෙනවා.
ප්‍රශ්නය:- සයිටම් මුල්කරගෙන අඛණ්ඩ වර්ජනයකට වෛද්‍ය සංගමය පිඹුරුපත් සකසනවා. එවන් පසුබිමක ආණ්ඩුව මේවාට විසඳුම් පමා කරන්නේ ඇයි?
පිළිතුර:- වෛද්‍ය සංගමය කරන්නේ දේශපාලනයක්. මහින්ද රාජපක්ෂට සහයා දුන්නේ ඔය සංගමය තමයි. ඔය එක් නිලධාරියකුට එස් එකයි. බී දෙකයි. යුනිවර්සිටියට ආවේ බදුල්ලෙන්. එහෙම කෙනෙක් කොහොමද එස් එකයි බී දෙකයි තිබෙන තව කෙනකුට එරෙහිව උද්ඝෝෂණය කරන්නේ. මේක තමයි බොරුව. මේ අය දොස්තරවරු වී සිටින්නේ ජනතාවගේ මුදලින්. දොස්තරලා ඉන්නේ රටේ ප්‍රතිපත්ති හදන්න නෙමෙයි. රටේ ප්‍රතිපත්ති හදන්නේ ආණ්ඩුව සහ ජනතාවයි. දොස්තරලාගෙන් දේශපාලනය කරන ඉතා සුළු පිරිසක් යම් සංගමයක බලය අරගෙන ඉන්නවා. ජනතාව මේවාට උත්තර දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ජනතාවගේ සල්ලිවලින් දොස්තරලා වෙලා ලෙඞ්ඩු අපහසුතාවට පත්කරන්න කිසිම අයිතියක් නෑ. ලෙඞ්ඩුන්ගෙන් පලිගන්න බෑ. අයිතිවාසිකම් ගැන ප්‍රශ්න තිබෙනවා නම් ඒ ගැන සාකච්ඡා කරන්න ඕන. වර්ජනය කර ඒවා ඉල්ලන්නේ නෑ.
ප්‍රශ්නය:- සයිටම් වගේම කුණු ප්‍රශ්නෙදිත් ආණ්ඩුව අසමත් බවටයි චෝදනා නැගෙන්නේ. කුණු ටිකක්වත් ඉවත් කරගන්න බැරි ආණ්ඩුවක් රටක් කරන්නේ කොහොමද?
පිළිතුර:- කුණු ටිකක් තිබෙන ඕන තැනකින් අපි ඉවත් කර පෙන්නන්නම්. දවසකට ටොන් දහයක් පහළොවක් ඉවත් කරන්න ඕන. මේවාට කලින් ආණ්ඩු පිළියම් නොයෙදුවාම ප්‍රශ්න ඇතිවෙනවා තමයි. මේ ආණ්ඩුවට තාම අවුරුදු එක හමාරයි. යම් ප්‍රමාදයක් තිබෙනවා. ඒක මම පිළිගන්නවා. පළාත් සභා එකක් කියනවා. මධ්‍යම ආණ්ඩුව තව එකක් කියනවා. කුණු ටික කොහෙට හෝ ගෙනියන විට ෆාදර්ලා, හාමුදුරුවරු කෑ ගහනවා. මේ කුණු ගෙනියන්නේ කොහේටද? මේවාට දිගු කාලීන විසඳුම් ඕන. එදා ඉඳන් බුර බුරා තිබූ ප්‍රශ්න දැන් එළියට ඇවිත්. ගෝඨාභය එදා කුණු මීතොටමුල්ලට දාන විට කවුරුත් කෑ ගැසුවේ නෑ. උද්ඝෝෂණය කළේ නෑ.
එතකොට ප්‍රශ්න නෑ. අපි දීපු නිදහස නිසා ඕන දේකට උද්ඝෝෂණය කරන්න අයිතිය තිබෙනවා. තිබෙන නිදහස නිසයි මේ සියල්ල පෙන්නුම් කරන්නේ. මේවා රටක ප්‍රශ්න නෙමෙයි. මම ජනාධිපති හෝ අගමැති නම් මේ ප්‍රශ්න විසඳනවා. දවසෙන් දෙකෙන් මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේවා සංවේදී ප්‍රශ්න. එකතුවෙලා විසඳන්න ඕන.
ඒකාධිපති වියරුව ඇති රටවල පහසුවෙන් මේවා විසඳන්න පුළුවන්. කලින් වුණේ ඒවා තමයි. නිදහස වැඩි වුණාම ප්‍රශ්නවලට විසඳුම් දෙන්නත් අපහසු තත්ත්වයක් උදාවෙනවා. නිදහසයි ප්‍රශ්නවලට උත්තර සැපයීමයි දෙක එකට යන්නේ නෑ.
ප්‍රශ්නය:- පළාත් පාලන ඡන්දය ඉක්මනින් පැවැත්වූවා නම් මේ ප්‍රශ්න මතුවන්නේ නැහැ නේද?
පිළිතුර:- කොමසාරිස්වරු පත්කර පළාත් පාලන ආයතනවල වැඩ කෙරෙනවා. නිසි විසඳුම් යොදා තිබුණා නම් මේ ප්‍රශ්න එන්නේ නෑ. පළාත් පාලන ඡන්දය පරක්කු වුණේ රාජපක්ෂ මහත්තය තමන්ගේ ඡන්ද වාසියට කටයුතු කර තිබූ නිසයි. දැන් මේවා සාකච්ඡා කර නිසි ක්‍රමවේදයක් සකසමින් යනවා. 19 වැනි සංශෝධනය ගෙනාවා. කරපු හොඳ දේවල් පේන්නේ නෑ. මේවා තේරුම් කර දෙන්න ඕන. ආණ්ඩුවේ සන්නිවේදනයත් හොඳ මදි. තේරුම්කර දිය හැකි අය ඉදිරියට අරන් එන්නේ නෑ. දක්ෂයන්ට තැන දීමේ පොඩි පොඩි අඩුපාඩුත් අපි දකිනවා.
ප්‍රශ්නය:- රාජ්‍ය දේපල කොල්ල කන ආණ්ඩුව සාංඝික දේපලත් කොල්ල කන්න පටන් අරගෙන බවටයි චෝදනාව. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර:- රටේ නීතිය ක්‍රියාත්මක කරන විට ඔය වගේ චෝදනා එනවා. රාජ්‍ය දේපල කොල්ලකා අපට ගෙදර ගෙනියන්න ද? දේපල හරියට කළමනාකරණය කරනවා නම් ඒවට අතගහන්න අවශ්‍ය වෙන්නේ නෑ. දූෂණයක් වෙන විට ඒවට නීති පනවන්න වෙනවා. කොහේ තිබුණත් මේවා ජනතාවගේ මුදල්. ඒවා යම් කළමනාකරණයක් සෝදිසි කිරීමක් කළ යුතුයි.
ප්‍රශ්නය:- මහ නාහිමිවරු පවා ආණ්ඩුවට රතු එළි දල්වන තත්ත්වයට පත්ව තිබෙන්නේ ඇයි?
පිළිතුර:- නිදහස තමයි. නොයෙක් දේශපාලන චරිත ස්වාමීන්වහන්සේලා පාවිච්චි කරනවා. බොරු තොරතුරු ලබාදෙනවා. මේ නිදහස නිසා ඔවැනි දේ බලාපොරොත්තු වෙන්න වෙනවා.
ප්‍රශ්නය:- එ.ජා.පය වෙනුවෙන් බෙල්ල දීගෙන වැඩ කළත් මෙවර ඇමැති සංශෝධනයෙනුත් රාජ්‍ය ඇමැතිකමෙන්ම සෑහීමකට පත්වෙන්න සිදුවුණා නේද?
පිළිතුර:- ඔව්. කරන්න දෙයක් නෑ. මේ දේශපාලනයේ දී මම ඕව ගණන් ගන්නේ නෑ. රාජ්‍ය නෙමෙයි රාජ්‍ය නොවන හරි වැඩ කරන්න දෙනව නම් එච්චරයි. මම ඉල්ලන්නේ ඇමැතිකම් නෙවෙයි. වැඩ. මට දක්ෂතාව තිබෙනවා. මගේ වෙලාව එනකම් ඉවසගෙන ඉන්නවා. හොඳට වැඩ කරගෙන යනවා. බලෙන් සොය සොයා වැඩ කරනවා. වැඩ මදි. වැඩ කරන්න හොඳ තෙලක් මට තිබෙනවා. මට දුන් වැඩක් අතපසු කරලා නෑ.
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක
ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු
ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්
ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙනි.
ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
අපට වැඩ මදි
gaya Monday, 03 July 2017 05:38 AM
"සියල්ල රජයෙන් නඩත්තු විය යුතු බව සමහරු කියනවා. එහෙම කරන්න රජයට සල්ලි කොයින්ද? ජනතාවගේ අවශ්‍යතා වැඩිවුණාට අපට තිබෙන සම්පත් මොනවාද? තෙල්, ගෑස්, රත්තරන් නිධි අපට නෑ. ආණ්ඩුව කියන්නේ ජනතාවමයි." මේවා දැන දැනත් ද මේ ඇමතිවරුන් මෙච්චර වරප්‍රසාද අරගන්නේ? ඒවා යේ බරත් මහජනතාවට නේද?
Senarath Tuesday, 04 July 2017 03:16 AM
මේ මිනිහ කතාකරන්නේ කටින්ද ? ජනපතිවරණය කාලේ , මහා මැතිවරණය කාලේ මෙයාල කිඋවේ , පසුගිය රජය පාරවල් හැදීමේදී 80% ක් හොරකම කරලා කියල, ඒ දුෂණය නවතුවම අපිට සංවර්දනයට අවශ්‍ය මුදල නිකම්ම ලැබෙනවා කියල. අද මේ හොරුටික රට කාබාසිනියා කරලා දැන් කියනවා , අපිට රත්රන් නිදි තියෙනවද කියල. මෙයාලට ලැබුණු රත්රන් නිදිය හොටම ඇති රට සංවර්දනය කරන්න. ලෝක තෙල් මිල පහල බැසීමෙන් උණු ඉතිරිය බලන්න. ඩොලර් කෝටී කීයක්ද ? 1948 න පස්සේ මොන රජයටද මෙහෙ අවස්ථාවක් උදා උනේ ? ඒ හැම රජයක්ම තෙල් මිල වැඩිවීමෙන් බැටකෑව. තෙල්මිල උපරිමයෙන් වැඩිවෙලත් පසුගිය රජය රටේ පාරවල් ටික හැදුව, උතුරේ යුද්ධය නැවත්තුව, උතුරේ යටිතල පහසුකම් දුන්න. මේ හොරුටික මහා බැංකුවත් කාල , රටේ විකුනන්න පුළුවන් හැමදේම විකුනන්න තමා කල්පනාව . මෙහෙම රටක් කරන්න රජයක් මොනවටද ? මේ 225 ට දෙන පහසුකම් , වැටුප් වලට ජනතාවට ලැබෙන පලය කුමක්ද ?
ONE SRILANKAN Tuesday, 04 July 2017 03:51 AM
කොච්චර සල්ලි නැතත් පාලකයන්ගේ වරප්‍රසාද වලට සල්ලි කොහෙන්ද සර්? මේ අයගේ උත්සාහය අනාගත සමස්ත පරපුර උදෙසාය. ඔබතුමාලා අනාගත රටේ නායකයෝ වෙන්න ඕනේ.... කොහොමත් සත්‍යය කතා කරමු.