රුසියාවේ පැවැත්වුණු මහ මැතිවරණය දුෂිත බව පවසමින් සහ අගමැති ව්ලැඩිමීර් පුටින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් පෙරේදා (10) මොස්කව් නුවර ඇතුළු රුසියාවේ නගර රැසක දැවැන්ත විරෝධතා පෙළපාළි පැවැත්විණි. විපක්ෂ කණ්ඩායම් සංවිධානය කළ එම විරෝධතා පෙළපාළිවලට පනස්දහසක් පමණ ජනයා සහභාගී වූ බව පොලිසිය පවසයි. අගමැති පුටින්ට එරෙහිව විපක්ෂ කණ්ඩායම්වලින් නැගුණු දැවැන්තම විරෝධතා රැල්ල මෙය යැයි රුසියානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. අගමැති පුටින්, ජනපති දිමිති‍්‍ර මෙඞ්වදේව් ඇතුළු දොළොස් වසරක් පුරා රුසියාව පාලනය කරන එක්සත් රුසියා පක්ෂයේ සිටින්නේ හොරු රැලක් බවත් ඡන්ද ප‍්‍රතිපලය අවලංගු කොට මහ මැතිවරණය යළි පැවැත්විය යුතු බවත් පවසමින් විරෝධතාකරුවෝ හඬ නගන්න වූහ. මීට සතියකට පෙර එනම් ඉකුත් 4 වැනිදා පැවැති රුසියා මහ මැතිවරණයෙන් සියයට 49.5ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගෙන ජයග‍්‍රහණය කළේ ‘එක්සත් රුසියා’ පක්ෂයයි. එහිදී 450ක් වන සමස්ත ආසන ගණනින් ආසන 238ක් ලබා ගෙන ජයග‍්‍රහණය කළත් ඔවුන්ට බහුතර බලය හිමි නොවිණි. එම මැතිවරණය අක‍්‍රමිකතාවලින් පිරුණු එකක් යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද පවසා ඇත. මෑතකාලීන රුසියන් ඉතිහාසයේ ප‍්‍රබලතම ජන උද්ඝෝෂණය ලෙස මෙය වාර්තා වේ. විරෝධතා පෙළපාළි මොස්කව් නුවරින් බැහැර පිහිටි සයිබීරියා සහ යූරල් ප‍්‍රදේශවලද පැවැත්වෙන බව රුසියන් මාධ්‍ය පවසයි. ඡන්ද ප‍්‍රතිපලය අවලංගු කොට මහ මැතිවරණය යළි පැවැත්වීමට රජයට බල කරන්නැයි හිලරි ක්ලින්ටන් ද රුසියානු විපක්ෂ කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ. මේ නිසා රුසියානු වැසියන් උසිගන්වන්නේ ඇමෙරිකාව යැයි අගමැති පුටින් ඇමෙරිකා රජයට දොස් පවරා ඇත. රුසියාවේ පැවැත්වෙන විරෝධතාවලට සහාය දක්වමින් ඇමෙරිකාවේ වාසය කරන රුසියන් ජාතිකයින් ද විදීවලට බැස සිය විරෝධතාවය පළකළහ. රුසියාවේ ජනාධිපතිවරණය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී පුටින්ට අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.
දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන කාලගුණික අපදාවල බලපෑම සහ ශ්‍රම බළකා හිඟය හේතුවෙන් ඇමෙරිකාවේ නත්තල් ගස් කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් මෙ
අසර්බයිජානයේ බාකු අගනුවර සිට රුසියාව බලා පියාසර කරද්දී, කසක්ස්තානයට කඩා වැටුණු අසර්බයිජාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියසරි දත්ත අඩංගු කළු පෙට්ටිය
ජපන් ජාතික ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල විය. සයිබර් ප්‍රහාරය හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් ප්‍රමාද වූ අතර ගුවන් බලධාරීන් ඒ සම්බන්ධයෙන් මගීන්ගෙන
ඇමෙරිකන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන ජනාධිපති ජෝ බයිඩන් සහ නව ජනාධිපති ලෙස එම ධුරය බාර ගැනීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් එකිනෙකට වෙනස් නත්තල් පණි
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, නත්තල් දා යුක්රේනයේ නගර කීපයකට, රුසියාවෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය තරයේ හෙලා දකිමිණි.
මොසැම්බික් බන්ධනාගාර බලධාරීන් පැවැසුවේ පලා ගිය රැඳවියන්ගෙන් 150 දෙනකු අල්ලා ගැනීමට හැකිවුණු බවය. සෙසු පිරිස සොයා දිගටම මෙහෙයුම සිදු කරන බවත් බන්ධනාගාර
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
අගමැති පුටින්ට එරෙහි විරෝධතා රුසියාව පුරා