IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අඟහරුමත ට්‍රැෆික් ලයිට් ?

ට්‍රැෆික්ලයිට් කට්ටලයකට සමාන වූ අසාමාන්‍ය රූපයක් කියුරියෝසිටි රොබෝ රෝවරය අඟහරුමත සිට පෘථිවියට එවා ඇතැයි නාසා ආයතනය පවසයි. මෙය කඳු පෙළගැස්මකට සහ හැඩයකට වඩා වෙනස් දෙයක් නොවූව ද එමගින් අඟහරු ග්‍රහයාගේ මතුපිට ඇති විශ්මිත බව තවත් තීව්‍ර කරයි.

කියුරියෝසිටි රෝවරයේ වම්පස අඩි හයක් පමණ උසින් පිහිටි කැමරාවක් මගින් මේ ඡායාරූපය ගෙන ඇත. රෝවරය අඟහරු ග්‍රහයා ගවේෂණයේ 753 වැනි දිනයේ දී එම ඡායාරූපය ගෙන ඇතැයි ද නාසා ආයතනය පවසයි.

මේ ඡායාරූපය ගැන නාසා පර්යේෂකයන් කිසිදු පැහැදිලි කිරීමක් මෙතෙක් සිදුකැර නැතිය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Quiro city 001



අදහස් (0)

අඟහරුමත ට්‍රැෆික් ලයිට් ?

අරවින්ද Saturday, 27 September 2014 01:51 PM

මොන පිස්සුද (දී)

:       0       0

සමන්ති Saturday, 27 September 2014 01:57 PM

අඟහරු ග්‍රහයා අයිති අපට බව මිරැන්ඩෝ මහතා කියලා නැත්ද ? (දී)

:       0       0

අනුර Friday, 26 September 2014 03:27 PM

රාවනා රජ්ජුරුවෝ මැණික් ගල් හතක් ලංකාවට ගෙනල්ල තියෙන්නේ අඟහරු ග්‍රහයා මතින් එදා කොකොමද ගහින් තියෙන්නේ ??? (දී)

:       0       0

සුදත් රෝහණ Friday, 26 September 2014 08:10 AM

අඟහරු ග්‍රහයා රක්ත වර්ණ ග්‍රහයෙක් යයි පුරාන බ්‍රාහ්මණයන් පවසා තියෙනව .ඇමෙරිකාව කියනව අඟහරු ග්‍රහයාගේ පස් රතු වර්ණයට හුරුයි කියල .මම කල්පනා කලේ අතීත මිනිසුන් කොහොම එහෙම කිවුවද කියල ? (දී)

:       0       0

පෙරේරා බර්ලින් Friday, 26 September 2014 03:44 PM

කොහොමත් ළඟදීම අඟහරු මත ට්‍රැෆික් ලයිට් දාන්න වෙනවා , ඉන්දියාවත් ලඟදි මෙහෙ රෝවර රොබෝ එකක් එලවනවා , අර දිල්ලි නගරයේ මුම්බායි නගරයේ වාගේ , පේව්මන්ට් උඩින් එහෙන් මෙහෙන් රතු එළියටත් වාහන පදවන නිසා. (ස)

:       0       0

සුනිල් මාපලගම Sunday, 28 September 2014 04:06 PM

සඳරුවන් බීලා ඇවිත් වගේ ? (දී)

:       0       0

කොඩි Saturday, 27 September 2014 06:34 AM

පුෂ්පසිරි, අන්වීක්ෂ හදන්න කලින් තමයි බුදු හමුදුරුවෝ ඇසට නොපෙනෙන ජීවීන් ගැන කිව්වේ (දී)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 26 September 2014 08:57 AM

ඒකනම් ගල් වලින් හැදුන එකක් පෙන්නේ නැද්ද, (දී)

:       0       0

සඳරුවන් Saturday, 27 September 2014 06:37 AM

මේදේ කවදාවත් වෙන්න බැහැ අගහරුට කිසිම දවසක යානාවක් හදාගෙන යන්න බැහැ අපිට පේන ඔය අගහරු ඇත්ත ග්‍රහය නෙවෙයි ග්‍රහයාගේ චායාව ඕසෝන් ස්තරයට වැටුනම පේන විදිය මේ ඔක්කොම ගොතපු කතන්දර විතරයි මම නසා එකට අබියෝග කරනවා. (දී)

:       0       0

රුවන් Saturday, 27 September 2014 06:39 AM

රාවනා කියලා කෙනෙක් පිලි අකමැති මිනිස්සු අගහරු කියලා ග්‍රහයෙක් ඉන්නවා කියලත් පිලි ගන්න එපා (දී)

:       0       0

මිනිපෙ Friday, 26 September 2014 04:56 PM

මේ පින්තුරය ගැන මට සැකයි.ඉන්දියන් කාරයෝ ච්ත්‍රපටි හදනවා වෙන රටවල පටිගතකරලා.(දී)

:       0       0

පුෂ්පසිරි අල්විස් Friday, 26 September 2014 05:02 PM

සුදත් රෝහණ මොළයට විරේකයක් ගන්න , එවිට ඔබට මේවා වැටහෙනවා , බෞතිකව සිතන්න පුරුදුවන්න , කියවීම දියුණු කරන්න (දී)

:       0       0

ලක්විදු Saturday, 27 September 2014 04:54 PM

රාවණා දෙවියෙක් කරන්න හදන අති පණ්ඩිතයන්ටයි මම මේ කියන්නේ, එයාලම කියන විදියට සිහි මුර්ජාවෙන් නැගිට ගන්න බැරුව ඉන්න කෙනා අනිත් අයට කොහොම පිහිට වෙන්නද? (දී)

:       0       0

චතු Friday, 26 September 2014 05:38 PM

එහෙත් මෙහෙ වගේ හයිස්පිඩ් ඇල්ලුවද දන්නේ නැහැ (දී)

:       0       0

දමයන්ති Friday, 26 September 2014 10:03 AM

වාහන නැද්ද බලන්න (දී)

:       0       0

පුෂ්පසිරි අල්විස් Sunday, 28 September 2014 10:09 AM

කොඩි බුදු දහම විකුර්ති කරන්න එපා බොරු මනස් ගාථ කියල , ඉස්සෙලම පන්සිල් පද ඉගෙන , ත්‍රිපිටකය ඉගෙන ගන්න , එවිට ඔය බහු බුත අදහස් ඔලුවෙන් යාවි , (දී)

:       0       0

සමන් Friday, 26 September 2014 03:24 AM

තව ටික දවසකින් වාහන දෙක තුනක් බලාගන්න පුළුවන් වේවි මාර්ග සංඥා තියෙනවා නම්. දැන්ම ගියොත් පහසුයි වගේ. (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 28 September 2014 09:49 PM

හරියට ඇමරිකාවේ කාන්තාර ප්‍රදේශයක් වගේ (නි)

:       0       0

පපා Friday, 26 September 2014 03:55 AM

බලන්න ලංකාවේ ට්‍රැෆික් පොලිස් දෙන්නෙකුත් ඔය ගලකට එහෙම මුව වෙලා ඉන්නවද කියලා. (දී)

:       0       0

චින්තක Friday, 26 September 2014 11:48 AM

සුදත්, රාත්‍රියට අහස දිහා බැලුවා නම් අඟහරු රතට පෙනෙනවා. සිකුරු නිල් පාටට, බ්‍රහස්පති ලා කොළ-කහ, සෙනසුරු තැඹිලි... (නි)

:       0       0

සමන් තුෂාන්ත මනම්පේරි Saturday, 27 September 2014 12:37 PM

මේක භූ විෂමතා පිහිටීමක් මම නම් හිතන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1914 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 212 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site