මියන්මාරයේ සංචාරයක යෙදෙන තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා සහ මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී අතර විශේෂ හමුවක් පෙරේදා (21) පැවැත්වුණු අතර ඉදිරි මැතිවරණ කටයුතුවලදී සූ කීට සහාය ලබා දීමට තායිලන්ත අගමැතිනිය පොරොන්දු වූවාය.එම හමුව පැවැත්වූයේ මියන්මාරයේ යැංගොන් නුවර පිහිටි තායිලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදීය.මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයේදීසූ කී ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටින්නීය.දැනට මියන්මාර පාර්ලිමේන්තුවේ උභය මන්තී‍්‍ර මණ්ඩලවල ආසන 40 ක් පුරප්පාඩු වී ඇත. අතුරු මැතිවරණ පැවැත්වෙන්නේ එහෙයිනි. එම මැතිවරණයවලින් සූ කීට නියත ජයක් හිමි වනු ඇතැයි ද තායිලන්ත අගමැතිනිය සූ කී හමුවූ අවස්ථාවේදී කියා සිටියාය. අසල්වැසි රාජ්‍යයන් දෙකක් වන මියන්මාරය සහ තායිලන්තය මුහුණ දී සිටින බෙදුම්වාදීන් අර්බුදය ගැනද සූ කී සහ අගමැතිනී යිංග්ලක් අතර කතාබහට ලක් වූ බව රොයිටර් පුවත් සේවය පවසයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අතුරු මැතිවරණයේදී සූ කීට සහාය දෙනවා