තමන් ජනාධිපති වීමෙන් පසු අපරාධ වාර්තා සහිත අනවසර සංක්‍රමණිකයින් මිලියන තුනක් පමණ පිටුවහල් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.අනවසරයෙන් ඇමෙරිකාවට පැමිණ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන් මෙලෙස පිටුවහල් කරන බව ඔහු පැවසීය.
නිසි බලපත්‍ර නොමැතිව සිටින සංක්‍රමණිකයින්ගෙන් රටින් පිටුවහල් වන ලෙස ඉල්ලන බවත් ඔහු කීය.මෙම ක්‍රියාවලිය මානුෂික අයුරින් සිදු කිරීමට සිතා සිටින බවද පැවසීය.
එමෙන්ම මෙක්සිකා දේශසීමාවේ ආරක්ෂක වැටක් ඉදිකිරීමටත් ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පවසා ඇත.මෙලෙස රටින් පිටවීමට අකමැති බරපතල අපරාධකරුවන් සිරගත කිරීමට ද බලාපොරොත්තු වන බව හේ පැවසීය.ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් ලෙසත් මෙය ඉදිරිපත් කර තිබිණි.
“හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් ගැටළුව ගැන සෙවීමට විමර්ශණයක් පැවත්වීම ගැන සිතා බලනවා.සුළු ජාතීන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් කනගාටු වෙනවා.ඒවා නවත්වන ලෙස මා රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.“යැයි ඔහු පැවසීය.
ඇමෙරිකාව තුළ බලපත්‍ර රහිත සංක්‍රමණිකයින් මිලියන 11ක් පමණ සිටින බවත් ඉන් බොහෝමයක් මෙක්සිකොවෙන් පැමිණ ඇති බවත් වාර්තා වෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු ඔහුට විරෝධය පළ කරමින් පැවැත්වෙන උද්ඝෝෂණ වලට බොහෝ සංක්‍රමණිකයෝ සහභාගී වෙති.
ජයග්‍රහණයෙන් පසු ඔහු ‘සංක්‍රමණිකයින් පිටුවහල් කිරීම‘ සම්බන්ධයෙන් මාධයට ප්‍රකාශයක් නිකුත් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.ඇමෙරිකා සීබීඑස් ආයතනයේ මාධ්‍ය සාකාච්ඡාවකදී ඔහු මේ බව කීය.
සිරියාවේ අන්තර්වාර රජය සකස් කළ තාවකාලික ව්‍යවස්ථාවට එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මඩ් අල් ෂාරා අත්සන් තැබුවේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, ක්‍රිප්ටෝ මුදල් පරිහරණය සම්බන්ධයෙන්, එරට ජනාධිපති හවීයේ මිලෙයිට එල්ල වී ඇති චෝදනාවක් මුල් කර
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
“අපරාධකාරයින් ඇමෙරිකාවෙන් පිටුවහල් කරනවා“
සංජීව Monday, 14 November 2016 08:31 AM
මම නම් කියන්නේ ත්‍රස්තවාදයට උදවු දුන්න අයත් පන්නන ඕනේ ඔය රටවල් දෙන නිදහස නිසා තමා ලංකාව වැනි රටවලට මෙහෙම වෙන්නේ (බ)
මිනිපෙ Tuesday, 15 November 2016 04:44 PM
ඕක අලුතින් කරන්න ඕන නැ.ඔය දේ පසුගිය අවුරුදු 8 දී ඉදන් අදත් සිදුවෙනවා. (අ)
සිල්වා Tuesday, 15 November 2016 05:49 PM
මම මුල සිටම කැමැත්තෙන් හිටියේ ඔහු එනවට.මොකද කෙළින් ගති ඇති පුද්ගලයෙක්
ඉසුරන්දි Monday, 14 November 2016 11:00 AM
මහත්තයෝ, ඔය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ඩොලර් කාක්කන්වත් ඔහෙන් පන්නලා දාන්න ඔය එක්කම. (නි)
අනුර Monday, 14 November 2016 11:55 AM
ඔබතුමාට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)
රූපවතී Monday, 14 November 2016 01:08 PM
මටත් ලංකාවේ එක වතාවක් ජනාධිපති වෙන්න ඇතිනම් ..? මගේ රටේත් ..තුරන් කරන්න ඕනේ ඒවා ගොඩාක් තියෙනවා .? ජනාධිපති වුනාම .(හේ)
ඇන්ජලෝ Wednesday, 16 November 2016 01:07 AM
හොඳ වෙලාවට අපේ අහවල් අය පන්නන්න පෙර ලංකාවට අාවේ (නි)
ඉන්ද්‍රා Monday, 14 November 2016 01:58 PM
ඉතාමත් හොද තීරණයක්. එහෙත් යුධමය වාතාවරණ ඇති මිනිසුන් ගැන සිතන්න ඕනෑ. යුද්ධයක් මවාපාමින් අනිසි ප්‍රයෝජන ගන්න අයත් සිටිනවා. මේ වගේ අය පිටුවහල් කිරීම වැදගත් (නි)
බෙනට් Monday, 14 November 2016 03:02 PM
අනේ ලොකු උදවුවක් පුලුවන්නම් ඔහේ ඉන්න මේඩ් ඉන් ශ්‍රී ලංකා ටැමිල් කට්ටියව මෙහෙට එවන්න . (අ)
ධම්ම Monday, 14 November 2016 03:35 PM
ඇමෙරිකාව තුළ සිටින බලපත්‍ර රහිත සංක්‍රමණිකයින් මිලියන 11න් කී දෙනෙක් එසැණට ලියනවාද දන්නෑ. බොහෝවිට එහි සිට ලංකාවට ගරහන්නේ අවමන්කරන්නේ අය ඔවුන් වෙන්න ඇති. (අ)
දිමුත් Monday, 14 November 2016 04:44 PM
අපොයි ඔව්. නැත්නම් පස්සේ නිජභූමි නිජභූමි කිය කියා පිස්සු නටයි. ඔන්න මම නොකිව්වයි කියන්න එපා (නි)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Monday, 14 November 2016 06:06 PM
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන්, ඒ වගේම, විවිධ රටවල ත්‍රස්ත සංවිධාන වෙනුවෙන් එරට තුළ බලෙන් ඩොලර් ඇදගන්නා නොයෙක් ඩයස්පෝරාවල අයත් ඇමරිකාවෙන් පිටුවහල් කරනවා වෙනුවට, දීර්ඝකාලීන බරපතල වැඩ සහිත සිරදඬුවම් දීම ඊටවඩා කාලෝචිත වෙනවා (නි)
සත්‍යයා Tuesday, 15 November 2016 12:01 AM
ට්‍රම්ප් අමෙරිකාවෙන් පන්නන්න බලාපොරොත්තුවන නීතිවිරෝධී සංක්‍රමණිකයින් සහ අපරාධකරුවන් මිලියන 3 අතරට අපේ අහවලාත් ඇතුළත් වෙනවා නම් අපට වන්නේ විශාල හානියක්. හේතුව මොකක්ද කියලා ඔබට හිතාගන්න පුළුවන් නම් දේශපාලනික වශයෙන් ඔබ දැනුවත්. (නි)
සත්‍යයා Tuesday, 15 November 2016 11:10 AM
ජයාත්, ඔබ දිනුම්. ජය වේවා ! (ර)
ජයාත් Tuesday, 15 November 2016 01:36 AM
සත්‍යා, ඔබේ කටේ මසුරන් දාන්න ඕනෑ (නි)