IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අපහාස නීතියෙන් අගමැති ගැලවෙන පනතක් පාකිස්තාන මැතිසබයට

අධිකරණයට අපහාස කිරීමට එරෙහි නෛතික කි‍්‍රයා මාර්ගවලින් නව අගමැතිවරයා සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් බැහැර කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ඊයේ (10) පාකිස්තාන පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේ ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ මීට සති කිහිපයකට පෙර පාකිස්තානයේ නව අගමැති ලෙස තේරී පත් වූ රාජා පර්වේස් අෂ්රාෆ්ට සිය ධුරය අහිමි වීම වැළැක්වීමය. පර්වේස් අෂ්රාෆ් අගමැති ධුරයට පත් වූයේ ඔහුට පෙර එම ධුරයේ සිටි යූසොෆ් රාසා ගිලානී ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළේ යැයි වරදකරුවකු වීමෙන්  අගමැති ධුරය අහිමි වූ නිසාය. ගිලානි වරදකරු වූයේ පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාග යළි ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයක් නොසලකා හැරීම හේතුවෙනි. නව අගමැති ලෙස අෂ්රාෆ් රාජකාරි ආරම්භ කළ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට දැනුම් දුන්නේ ජනපති සර්දාරිට එරෙහිව එම නඩු විභාග යළි ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන ලෙසටය. ඒ සඳහා සති දෙකක කාලයක් ද ලබා දුන්නේය. එම කාලසීමාව අදින් (11)  අවසන් වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට ප‍්‍රතිචාර දක්වමින් අගමැති අෂ්රාෆ් පවසා ඇත්තේ සර්දාරිට එරෙහිව නඩු පැවැරීමට හැකි වන්නේ ඔහු ජනපති ධුරයෙන් ඉවත් ව ගියාට පසු බවය. ජනපති ධුරයේ සිටිද්දී සර්දාරිට එරෙහිව නීති මගින් කි‍්‍රයා කිරීමට නොහැකි බව ද අගමැති අෂ්රාෆ් වැඩිදුරටත් කියා තිබේ.



අදහස් (0)

අපහාස නීතියෙන් අගමැති ගැලවෙන පනතක් පාකිස්තාන මැතිසබයට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1918 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 214 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3495 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 151 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3072 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site