IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


අපි ජීවත් වන්නේ රටවල් දෙකක - ලෙබ්‍රෝන් ජේම්ස්

 

‘‘අප ජීවත් වන්නේ රටවල් දෙකක’’ යැයි ජනාධිපති ට්‍රම්ප්ට සහාය පළ කරන ප්‍රචණ්ඩකාරී පිරිසක් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකාවෙන් බිහි වූ විශිෂ්ටතම පැසිපන්දු ක්‍රීඩකයකු වන ලෙබ්‍රෝන් ජේම්ස් පැවැසීය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට සහාය පළ කරන පිරිසක් පෙරේදා (6) පස්වරුවේ කොංග්‍රසය පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණාහ.

තමා එම සිදුවීම් පෙළ රූපවාහිනියෙන් නැරැඹු බවත් එතැන පිරිස කලහකාරී පිරිසෙන් වැඩි දෙනා කළු ජාතිකයන් වූයේ නම් කුමක් වන්නේදැයි තමන් කල්පනා කළ බවත් ලෙබ්‍රෝන් ජේම්ස් කීය.

‘‘අපි ජීවත් වන්නේ රටවල් දෙකක (වී ලිව් ඉන් ටූ ඇමෙරිකාස්)’’ යැයි සැන් ඇන්ටෝනියෝ ස්පර්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් පසු වොෂින්ටනයේ සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෙබ්‍රෝන් ජේම්ස් කීවේය.
ලෙබ්‍රෝන් ජේම්ස් ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකි.

‘‘අපි හොඳ උදාහරණයක් ඊයේ දැක්කා. ඔබට එය තේරෙන්නේ නැතිනම් ඔබ එය දැක්කේ නැතිනම් ඔබ අඩියක් පස්සට ගන්න ඕනෑ. එතැන ‘‘යම්’’, ‘‘හෝ’’, ‘‘සහ’’ හෝ ‘‘නමුත්’’ කියා දෙයක් නැහැ. මං වගේ මිනිස්සු කැපිටල් ගොඩනැගිල්ල ළඟට හරි ගියා නම් මොකක් වේවිද කියලා ඔබ හොඳින්ම දන්නවා. ඔවුන් නිකමට හරි කාර්යාල හෝ රැස්වීම් ශාලා හෝ වෙත ගියා නම් මොකක් වේවිද’’ යනුවෙන් ඔහු විමසීය.

ඝාතනය කෙරුණු කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ ඇමෙරිකාව තුළ ඇති වූ වාර්ගික අසමානාත්මතාව මුල් කරගනිමින් ජේම්ස් දැඩි ලෙස ජනාධිපති ට්‍රම්ප් විවේචනය කළේය.

(රොයිටර් ඇසුරිනි)

055



අදහස් (0)

අපි ජීවත් වන්නේ රටවල් දෙකක - ලෙබ්‍රෝන් ජේම්ස්

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ඊශ්‍රායල පලස්තීන සටන් විරාමය ඇරැඹේ
2025 ජනවාරි මස 20 84 0

දීර්ඝ සාකච්ඡාවලින් පසු, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ ගාසා තීරයේ හමාස් සංවිධානයේ නියෝජිතයන් අතරේ ඇතිකරගත් දින 15 ක සටන් විරාමය ඊයේ (19) උදෑසන 8.30 සිට ආරම්භ වි


ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද
2025 ජනවාරි මස 20 1272 1

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙයි. සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩ


2025 ඔස්කාර් සිනමා සම්මන උළෙල අවිනිශ්චිතයි
2025 ජනවාරි මස 19 64 0

ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වැනැසූ ළැව් ගිනි හේතුවෙන්, මෙම 2025 වසරේ ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්


නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරී 70 ක් මරුට
2025 ජනවාරි මස 19 69 0

ඉන්ධන බවුසරය පෙරැළී ගියේ එය අනතුරකට ලක් වීමෙනි. පෙරළී ගිය බවුසරයෙන් ඉන්ධන ලබා ගැනීමට අවට සිටි පිරිස ලහිලහියේ කටයුතු කළහ. බවුසරයට ගිනි ඇවිළී එය පුපුරා ග


ට්‍රම්ප් දිවුරුම් දෙන්නේ එළිමහනේ නෙවෙයි
2025 ජනවාරි මස 18 195 0

ලබන 20 වැනිදා ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම්දීම වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලේ ගෘහස්ථව සිදු කිරීමට තීරනය කර ඇත.


ඇමෙරිකාවේ ටික්ටොක් තහනම්
2025 ජනවාරි මස 18 120 0

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව, හෙට (19) සිට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් තහනම් කිරීමට නියමිතය. චීනයේ නිර්මාණය කළ ටික්ටොක් යෙදවුම හරහා චී


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 394 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 609 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 332 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site