ඕස්ටි‍්‍රයා තරුණියෝ දෙදෙනෙක් අන්තවාදීන්ගේ කුරිරුකම් හමුවේ නැවත සියරට පැමිණීමට බැගෑපත් වෙමින් සිටිති. දෙදෙනාම ගැබ්ගෙන සිටිති.
සම්රා කෙසිනොවික් (17) හා ඇයගේ මිතුරිය සබී‍්‍රනා සෙලිමොවික් (15) රහසේම ඔස්ටි‍්‍රයාවෙන් පළා ගියේ පසුගිය අපේ‍්‍රල් මාසයේදීය. තමන් අයිඑස් අන්තවාදීන් හා එක්වීමට යන්නේයැයි කියමින් තමන් ගැන නොසොයන්නැයිද ඔවුන් දෙදෙන එක්ව ලියා තිබූ ලිපියක් පසුව සොයාගැනිණි.
පොලිසිය හා රහස් පරීක්ෂකයින් එක්ව සිදුකළ පරීක්ෂණ වලින් තරුණියන් දෙදෙනා අයිඑස් මූලස්ථානය ලෙස සැළකෙන රකා නුවර බලා ගොස් ඇතැයි අනාවරණය විය.
මුල් සමයේදී ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම්,ට්විටර් ගිණුම් ආදියේ දැක්වුනේ අන්තවාදීන් හා ගතකරන ජීවිතය ඉතාම සැපවත් බව ඇඟවෙන කරුණුය.අන්තවාදීන් හා සම්බන්ධවීම මේ තරුණියන් දෙදෙනා මහත් භාග්‍යයක් සේ සළකන බව ඒවායින් පෙනුනි.
නමුත් ඒ සියල්ල මුලාවක් බව පෙනී ගොස් තිබෙන්නේ පසුගිය දිනෙක නොසිතූ පරිදි මේ තරුණියන් දෙදෙනා ඔවුන්ගේ දෙමව්පියන් හා සම්බන්ධවීමත් සමගය.තමන් සිරියාවේ අපාදුක් විදිමින් සිටින්නේයැයිද නැවත ගෙදර පැමිණීමට වුවමනායැයිද කියමින් ඔවුන් හඩාවැටී ඇතැයි සදහන්ය.
පොලිසිය පවසන්නේ අයිඑස් අන්තවාදීන් තරුණියන් දෙදෙනාගේ ෆේස්බුක් හා වෙනත් සමාජ වෙබ් අඩවි වල පාලනය ඔවුන් අතට ගෙන ඇති සෙයක් පෙනෙන්නට ඇති බවයි.නිවසින් පළා යෑමෙන් පසු එම ගිණුම් යාවත්කාල කර ඇත්තේ ඔවුන් නොව අන්තවාදීන් බව පොලිසියේ අදහසයි.
තරුණියන්ගේ රූපය මගින් තවත් බටහිරයන් රවටා සංවිධානයට බදවා ගැනීම ඔවුන්ගේ සැළැස්මවී ඇතැයි සැළකේ. වැරදි වටහාගත්තද දැන් පමා වැඩිය. ‘‘ගියොත් ගියාමයි‘‘ යන මතයේ සිටින ඔස්ටි‍්‍රයා බළධාරීන් පවසන්නේ තරුණියන්ට රකා නගරයෙන් පිටවීමට අන්තවාදීන් ඉඩදෙනු ඇතැයි තමන් නොසිතන බවයි.අනෙක් අතට ඔවුන්ගේ තොරතුරු ලෝකය පුරා හුවමාරුවී තිබියදී,තවත් පුද්ගලයින් ඔවුන්ගේ ආදර්ශය ගෙන අන්තවාදීන් හා සම්බන්ධවී ඇති තොරතුරු ලැබී තිබියදී ඔවුන්ව සියරට කැදවා ගැනීම ගැටළු සහගත බව ඔවුන් පවසයි.
මේ තරුණියන් දෙදෙනා ආදර්ශයට ගෙන නිවසින් පළා යෑමට තැත් කළ ඔස්ටි‍්‍රයා ජාතික නව යොවුන් තරුණියන් දෙදෙනෙකු මව්පියන්ගේ අතටම හසුවුනේ මෑතකදීය.
සිරියාවේ සිටින තම දරුවන් දෙදෙන හා නැවත සම්බන්ධවීමට ඔවුන්ගේ දෙමව්පියන් මේ දිනවල උත්සාහ කරමින් සිටී. බොහෝ දෙනාගේ අදහස වන්නේ මේ තරුණියන් දෙදෙනාගේ වරද වචන ටිකකට,ඡායාරූපයකට රැවටී මිනිස් කමට නිගා දෙන අන්තවාදී කි‍්‍රයාකාරකම් වල නියැලීමට යන්නවුන්ට පාඩමක් කර ගත යුතුව ඇති බවයි.
‘‘හොඳ පාඩමක්‘‘ කියන්නවුන්ට අමතරව අන්තවාදීන් මෙන් කටයුතු නොකර ශිෂ්ටසම්පන්න මිනිසුන් ලෙස තරුණියන් දෙදෙනට සමාව දී ඔවුන්ව නැවත සියරට කැදවා ගැනීමට බළධාරීන් උත්සාහ කළ යුතුයැයි පවසන පිරිසක්ද සිටී.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අයිඑස් ත්‍රස්ත නරිවාදම් බේරේ
සුරංග Sunday, 12 October 2014 12:03 PM
සුභ පැතුම්ග(හේ)
පිටිගල Monday, 13 October 2014 03:29 AM
මේ අය වීරයින් කියා කියන කොටසකුත් ඉන්නවා නේද? (නි)
රන්ජන් Monday, 13 October 2014 11:18 AM
ඔවුන් ගෙන්වාගැනීමත් වැරදි පූර්වාදර්ශයක් නොවේද? (නි)
නුවන්` Sunday, 12 October 2014 02:31 PM
සාමයේ,ආගමේ තවත් ගොදුරු දෙකක්.(හේ)
අශෝක Monday, 13 October 2014 01:10 PM
දැන් තේරෙනවා ඇති නේද? (නි)
සමීර Sunday, 12 October 2014 07:25 AM
පින්තුරු දෙක එකෙට එක ගැලපීමක් නැහැ ?යුද්ධයකදී කව්ද අනේ සුරසැප දෙන්නේ ? (හේ)
සුධර්ශන් Sunday, 12 October 2014 07:43 AM
මේ තමයි 'අර' අයියල' කියන සාමයේ දර්මයේ ඇත්ත. ගියොත් ගියාමයි (නදී)
සේන Sunday, 12 October 2014 08:11 AM
අපේ රටේ ළමා කොටි පුනරුත්ථාපනය කළා වගේ මේ අයත් පුනරුත්ථාපනය කළ යුතුයි.(හේ)
කසුන් ධර්මවංශ Sunday, 12 October 2014 07:44 PM
සාමයේ දෙව්දුවගේ ආගමේ තවත් එක සොදුරු ත්‍යාගයක්.... මේ නංගිලා දෙන්න දිහා බලලවත් අපේ රටේ අය හැදෙනවානම් කොච්චර හොදද....(අ)
සරත් Monday, 13 October 2014 08:06 AM
මේවගේම තමා ලංකාවේ ත්‍රස්තවාදීන් කලෙත් , අයි එස් ත්‍රස්තයන්ට වඩා ලෝකෙම තිබුන භයානක ත්‍රස්තයන් අපේ රටේ සිටියේ , මුළු ලොවම කිවේ රට දෙකට බෙදීම හැර විසදුමක් නැහැ කියලා , එහෙත් අපේ වාසනාවට සිංහල හමුදාව රට බෙර ගත්තා.(හේ)
චමින්ද Sunday, 12 October 2014 10:43 AM
දැන් නම් දෙන්නව හප කරලා ඇති. (නදී)
ජානක Sunday, 12 October 2014 10:51 AM
අනේ එයාලට " කැමති කෙනෙක්" ලඟට යන්ට දෙන්ටකෝ. දෙනාටමත් සල්ලම් වෙලානේ (අ)