IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


අලි බෙට්ටෙන් කඩදාසි

අලි බෙටි යොදාගෙන කඩදාසි නිපදවීමට ජපාන ජාතිකයෙක් සමත්ව සිටී.

හිසාෂී උවේඩා නම් වන ඔහු මෙසේ කඩදාසි නිපදවීම සඳහා යොදාගන්නේ කෑගල්ල ප්‍රදේශයේ පිහිටි අලි අනාථාගාරයකින් ඉවත් කෙරෙන අලි ඇතුන්ගේ බෙටිය.

එසේ ලබාගන්නා බෙටි එළිමහනේ වියළා අනතුරුව දිනක් පුරාවට හුමාලය ආධාරයෙන් ජීවාණුහරණය කෙරේ.අනතුරුව විවිධ කඩදාසි කර්මාන්තශාලා වලින් ඉවතලන කඩදාසි සමග මෙසේ වියළාගත් බෙටි මිශ්‍ර කරගැනීමෙන් නැවත භාවිතයට සුදුසු කඩදාසි නිපදවා ගැනේ.

මෙම කටයුතු සිදුකෙරෙන්නේ අලි අනාථාගාරය ආසන්නයේම පිහිටි උවේඩා සතු කර්මාන්තශාලාවකය.උවේඩා පවසන අන්දමට මෙම කර්මාන්තශාලාවෙන් දිනකට කඩදාසි තීරු දහසක් පමණ නිපදවේ.

අලි ඇතුන්ගේ බෙටි ශාඛ කෙඳිති වලින් ගහණය.එනිසාම මෙසේ නිපදවන කඩදාසි සාමාන්‍ය කඩදාසි වලට වඩා ඝණකමින් වැඩිය.

මෙම කඩදාසි දැනටමත් රටවල් 10 කට පමණ අපනයනය කෙරේ.ඊට අමතරව ජපානයේ සත්ත්වෝද්‍යානයන්හි ඇති වෙළදසැල් වලද ‘‘අලි කඩදාසි‘‘ යනු සත්ත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නන් අනිවාර්යයෙන්ම මිලදී ගන්නා සිහිවටනයකි.

හසාෂි උවේඩා ශ්‍රීලංකාවේ ප්ලාස්ටික්,තේ කොළ අපනයනය හා මැණික් සම්බන්ධ ව්‍යාපාරයක් කිහිපයකම හිමිකරුවෙකි.හෙතෙම ශ්‍රීලංකාවට මුලින්ම පැමිණ ඇත්තේ ඔහු ජපානයේදී හඳුනාගත් ශ්‍රීලංකා නිලධරයෙකුගේ විවාහ උත්සවයට සහභාගී වීමටය.

JAPAN JAPAN-3 JAPAN-4 JAPAN-5 JAPAN-6



අදහස් (0)

අලි බෙට්ටෙන් කඩදාසි

සමන් Tuesday, 22 September 2015 12:48 AM

මේක කලිනුත් අපේ රටේ සුළුවෙන් කළ දෙයක් කියා මට මතකයි. (නි)

:       6       14

චින්තන Sunday, 20 September 2015 05:07 PM

අපේ ලංකාවේ අධ්‍යාපනය සාක්ෂරතාව අලි බෙට්ටක් තරම් වත් වටිනවද කියල අපිට හිතන්න .දැනුත් ප්‍රමාද නැහැ .සුද්දෝ අවුරුදු පනහකට විතර කලින් හොයාගෙන පොත්වල ලියපුවා අපි කටපාඩම් කරගෙන විබාභ පාස්වෙලා උපාධි ගන්නවා . කිසිම දෙයක් නිර්මාණය කරන්න බැරි මුලධර්ම පමණක් දන්නා අබ්බගාතයෝ තමා අපේ විබාභ ක්‍රමයෙන් බිහිවෙන්නේ. මෙය එයට හොඳම උදාහරණයක්. (ම)

:       2       2

අකාශි Wednesday, 23 September 2015 12:39 PM

අනේ අපි දැන් නැති හින්ද අහන්නේ ඔය අලි බෙටි ටික විසිකරලා කඩදාසි වලින් විටරක් ඕක හදන්න පුළුවන්නේ. (අ)

:       1       1

නන්දලාල් ප්‍රංශය Wednesday, 23 September 2015 01:01 PM

මීට කලකට පෙර ප්‍රංශ රාජ්‍ය රුපවාහිනී නාලිකාවක් ශ්‍රී ලංකාවේදී මෙම අලිබෙටි කඩදාසි නිෂ්පාදනය ගැන නිපදවන ලද වාර්තා චිත්‍රපටයක් අපට දැක බලාගැනීමට හැකි වුණා (අ)

:       2       2

කොත්මි Monday, 21 September 2015 01:41 PM

අපේ ලංකාවේම අය පටන් ගත්ත මැක්සිමස් කියන 100% ක්ම දේශීය සමාගම 1997 ඉඳන් අලිබෙට්ටෙන් කඩදාසි හදනවා. ඒ අය එම නිෂ්පාදන වලට විවිධ ජාත්‍යන්තර සම්මාන පවා දිනලා තියෙනවා. (බ)

:       0       4

ජයන්ත Wednesday, 23 September 2015 03:07 AM

මම දන්නා ලෙසට නම් ඔය කියන ව්‍යාපාරය කෑගල්ල රන්දෙනිය ප්‍රදේශයෙහි පටන් ගෙන දැනට වසර 30 - 35 ක් පමණ වෙනවා එම ව්‍යාපාරය දැනටත් පවත්වා ගෙන යනවා. (අ)

:       1       1

සමිත් Saturday, 26 September 2015 11:18 AM

ලංකාවේ අලි බෙටිවලින් කඩදාසි හැදුවෙ අද ඊයේ නෙමේ. සංචාරක කාර්මාන්තයෙ ඉන්න අය ඒක දන්නවා. කෙසේවෙතත් මේ ජපන මහතාට ජය වේවා.(අ)

:       1       2

රසික Sunday, 20 September 2015 10:20 AM

ඉතාම අගනා වැඩක්. (ම)

:       2       1

දිලුම් Monday, 21 September 2015 04:26 AM

පින්නවල අලි අනාථාගාරය ලග තියන කෞතුකාගාරෙය් අලි බෙටි වලින් කඩදාසි හදන හැටි අනාථාගාරය බලන්න ඒන අයට අපේ අය කියල දෙනවා. සමහර විට මේ ජපන් මහත්මයාටත් කලින් අෙල් අය ඕක කරන්න අැති. ඒ්ත් අෙප් මිනිස්සු දේශීය දෙයට තැනනොදෙන කොට අෙප්දේශපාලුෙවා හැමදාම සුද්දව අගය කරමින් දේශීය මිනිහා වලට අැද දමන කොට අපේ දෙයින්පිට අය වාසි ලබා ගන්නවා.මේත් ඒහි ඒක් නිදසුනක් විය හැකියි. එහෙත් මම පුද්ගලිකව ජපන් ජනයාට ඉතා ගරු කරමි. මා ඒහි විසු වසර දෙ ඒරට මාෙග් නිවස හා මට සමීප කරන්නට මෙවුන්ගේ ලෙංගතු හැදියාව සමත් වූ හෙයිනි.(අ)

:       0       1

දුමින්ද Monday, 21 September 2015 04:29 AM

පරසරයට ආදරය කිරීම (අ)

:       0       0

කුමාර Sunday, 20 September 2015 11:11 AM

ඉතා අගනා වටිනා පරිසර හිතකාමී වැඩක් (ම)

:       1       1

නානායක්කාර Monday, 21 September 2015 10:50 AM

නිකන්ම නිකන් කෑගහන ජෙ.වී.පී එකටයි පිවිතුරු හෙල උරුමයටයි මෙවා හොඳ පාඩම්. අඩු තරමින් 4-5 දෙනකුට හරි රක්ෂා දෙන එකත් ලොකු දෙයක්. හෂසි උවේඩාට මගේ සුභ පැතුම්! (අ)

:       0       0

විපුල Monday, 21 September 2015 04:56 PM

අපිට ඉතින් දේශීය දේවල් වල අගයක් නැහැනේ (නි)

:       0       0

ඉසුරන්දි Monday, 21 September 2015 04:39 AM

අපි තවම වානර යුගයේ ඉන්නේ මෙවැනි වැඩ දිහා බැලුවම.ඔක්කොමට වැඩිය බඩගොස්තරවාදයයි කම්මැලිකමයි තමයි මෙයට ප්‍රධානතම හේතුව.පිටමිනිස්සු අපේ රටට ඇවිත් මෙවැනි ඉවතලන දෑ ප්‍රයෝජනයට ගෙන කරන නිෂ්පාදන අපේ මිනිස්සු ඉහලින් අගය කළ යුතු දෙයක්. (ම)

:       0       0

ලලිත් Sunday, 20 September 2015 11:48 AM

කොහොම වුණත් ජපනා නිසා හොඳයි. මිනිහා අඩුතරමේ කෑගල්ලෙන් අලිබෙටිවත් අරගෙන යනවා. අපේ අල්ලපු රටේ කට්ටියට ළඟදි මෙහෙ ඇවිල්ලා වැඩ පටන්ගත්තාට පස්සේ එහෙම ඔය ව්‍යාපාරයේ රහ දැනුනා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

වසන්ත Sunday, 20 September 2015 12:41 PM

බලන්න අපේ රටේ නිෂ්පාදන වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන (නි)

:       0       0

විකුම් Sunday, 20 September 2015 12:53 PM

පේනවා නේද දියුණු ජාතියක් සමඟ සම්බන්ධවීම තුළින් ලබන දියුණුව? (නි)

:       0       0

නිශාඩ් Sunday, 20 September 2015 12:53 PM

ඔබට තව තවත් මෙවැනි කාර්යයන් කිරීමට හැකිවේවා! (නි)

:       0       0

උදිත් Sunday, 20 September 2015 01:46 PM

ජපන් මහත්තයට සුබ පතනවා.. (ම)

:       0       0

පිරිස් පැරිසිය Thursday, 24 September 2015 12:36 AM

ඔය කඩදාසි අලි බෙටි වලින් විතරමද හදන්න පුළුවන්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2840 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1772 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


හසීනා අත්අඩංගුවට ගන්න වරෙන්තු
2024 ඔක්තෝබර් මස 18 646 0

ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරය අතහැර, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය ජාත්‍යන්තර අපරාධ අ


ලියෑම් පේන් දිවියෙන් සමුගනී
2024 ඔක්තෝබර් මස 17 2742 0

බටහිර තරුණියන්ගේ පමණක් නොව, මෙරට තරුණියන්ගේ ද හදවත් සොරාගත්, ’වන් ඩිරෙක්ෂන්’ One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයකු ද වන පොප් ගායක ලියෑම් පේන් දිවියෙන්


ඊශ්‍රායල ලෙබනන් යුද ගැටුම: දරුවෝ ලක්ෂ 4 ක් අවතැන්
2024 ඔක්තෝබර් මස 16 123 0

ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


උතුරු කොරියා හමුදාවට අලුතින් තරුණයෝ මිලියනයක්
2024 ඔක්තෝබර් මස 16 251 0

ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 616 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site