ආයුධ බිම දැමීමට සූදානම් නම් අල් කයිඩා සටන්කාමීන් සමඟ සාම කතා පැවැත්වීමටත් ඔවුන්ගේ ගැටලූවලට දේශපාලනික විසඳුම් සෙවීමටත් තමන් සූදානම් යැයි යේමන ජනාධිපති අබ්රාබූ මන්සූර් හානි පවසයි. ”අල් කයිඩා සටන්කාමීන්ගේ කි‍්‍රයාකාරම් නිසා කොතරම් ජීවිත හානි හෝ දේපොළ හානි සිදුවුණත්, කොතරම් පිරිසකට උන්හිටිතැන් අහිමි වුණත් ඒ කිසිම දෙයක් සැලකිල්ලට නොගෙන ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට අප සූදානම්.” යැයි ජනපති මන්සූර් හානි අවධාරණය කරයි. සටන්කාමීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට රජය නියෝජනය කරමින් මැදහත්කරුවකු නම් කර ඇති නමුත් ඔහු කවුරුන්දැයි ජනපතිවරයා හෙළි නොකළේය. අබ්රාබූ මන්සූර් හානි යේමන ජනපතිවරයා ලෙස වැඩ බාර ගත්තේ ඉකුත් පෙවරවාරි මාසයේදීය. ඒ, අරාබි වසන්තය යනුවෙන් ඇමෙරිකාව හැඳින් වූ ජනතා විරෝධතා රැල්ල යේමනයට පැමිණි අවස්ථාවේ යේමනයේ ජනපති ධුරයේ සිටි අලී අබ්දුල්ලා සාලේ ජනපති ධුරයට සමුදීමෙන් පසුවය. යේමනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ අරාබි අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක වන අල් කයිඩා සටන්කාමී සංවිධානයයි. අල් කයිඩා සටන්කාමීහු වසර ගණනාවක් තිස්සේ යේමන රජය සමඟ ගැටුම් ඇති කරගනිති. යේමනයේ නැගෙනහිර පළාත් කිහිපයක් මේ වනවිට සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ පවතින අතර එම පළාත් මුදා ගැනීමට යේමන රජය හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත. අල් කයිඩාවට එරෙහි සටනේදී යේමන රජයට ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශයේ සහාය හිමිවෙයි. පසුගිය මාස කිහිපයේ යේමනයේ සානා අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළේ ද අල් කයිඩා සටන්කාමීන් යැයි වාර්තා විය. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරනවා පමණක් නොව සෙසු සටන්කාමී කල්ලි පුහුණු කිරීමත් ඔවුන්ට ආයුධ සැපැයීමත් සිදු කරන්නේද යේමන අල් කයිඩා සංවිධානයයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය. ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිවරයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයට හානි සිදුකර ඇතැයි පැවැසෙයි.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, දෝෂාභියෝගයට ලක් වී, ඉන්පසු රැඳවුම් භාරයට ගැනුණු දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයොල්ට නිදහස හිමිවිය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම වැඩපිළිවෙළක් සකස් කරද්දී, රුසියාව සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු බවත්, යුක්රේනය සමඟ ගනුදෙනු කිරීම ඉතා අපහසු බව
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අවි බිම තිබ්බොත් අල් කයිඩාව සමඟ සාම කතාවලට සූදානම්
දම්මි Monday, 01 October 2012 07:04 AM
සටන්කාමියෝ නෙමෙයි, මේ ත්‍රස්තවාදියෝ. (නි)