IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ආර්ථික අර්බුදය හමුවේ ඉතාලි අගමැති ඉල්ලා අස්වේ

ඉතාලිය මුහුණදී සිටින දරුණු ආර්ථික අර්බුදය හමුවේ, අගමැති සිල්වියෝ බර්ලූස්කෝනී පෙරේදා (12) ධුරයෙන් ඉල්ලා අස්විය. අගමැති බර්ලූස්කෝනීගේ ඉල්ලා අස්වීමත් සමඟ දහස් ගණනින් ඉතාලි වැසියෝ රෝම අගනුවරට එක්රොක් වී පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. ස්තී‍්‍රලෝලී බර්ලූස්කෝනී නරුමයකු බව පවසමින් විරෝධතාකරුවෝ ‘ඉතාලිය දිනේවා’, සහ ‘ඉතාලි ජනතාවට ජයග‍්‍රහණය හිමිවුණා’ යැයි කියමින් කෑ ගසන්න වූහ. පී‍්‍රතියට පත් වූ ඇතැමුන් සවුදිය පුරනු ද දැකිය හැකි විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතාලියේ රෝම අගනුවර සැණකෙළි සිරියක් ගත් බවය. ඉතාලිය, පා පන්දු ලෝක කුසලානය දිනූවිට පී‍්‍රතිවන අයුරින් ඉතාලි වැසියෝ බර්ලූස්කෝනීගේ නික්ම යෑම ගැන පී‍්‍රතිය පළ කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. වසර 17 ක් තිස්සේ ඉතාලියට නායකත්වය දුන් බර්ලූස්කෝනීට අපවාද චෝදනා රැසක් එල්ල වී තිබේ. හැත්තෑපස් හැවිරිදි ඔහුට එරෙහිව එල්ල වී ඇති ප‍්‍රධාන චෝදනාවක් වන්නේ ළාබාල ගණිකාවන් ඇසුරු කිරීමත් එම ගණිකාවන් වෙනුවෙන් රජයේ ප‍්‍රතිපාදන වැය කිරීමත්ය. බර්ලූස්කෝනීට එරෙහිව නීති මගින් කි‍්‍රයා කිරීමට ඉතාලි විපක්ෂ කණ්ඩායම් අවස්ථා ගණනාවකදී උත්සාහ ගත් නමුත් එම සෑම චෝදනාවකින්ම ගැලවීමට බර්ලූස්කෝනී සමත් වූයේය. සියලූ අභියෝග හමුවේ නොසැලී සිටිය ද අවසානයේදී ඉතාලිය මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ පරාජයවී බර්ලූස්කෝනීට ධුරයෙන් ඉවත්වීමට සිදුවූ බව ඉතාලි පුවත් පත් වාර්තා කර තිබුණි. ඉතාලිය මෙන්ම යුරෝපා රටක් වන ගී‍්‍රසියේ ද මේ අයුරින්ම දේශපාලන පෙරැළියක් පසුගිය සතියේ සිදුවිය. එහිදී ගී‍්‍රක අගමැති පපන්ඩි‍්‍රයෝට ධුරයෙන් ඉවත් වීමට සිදුවූ අතර මේ වනවිට ගී‍්‍රසියේ නව රජයක් පිහිටුවා තිබේ. පසුගිය සතිය පුරාම බර්ලූස්කෝනි එක දිගටම අර්බුද රැසකට මුහුණ දුන්නේය. ඔහුට ඉතාලි පාර්ලිමේන්තුවේ බහුතර බලය ද අහිමි විය. යුරෝපා සංගමයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ පැකේජය ලබා ගැනීමට ඉතාලි පාර්ලිමේන්තුව කැමැත්ත පළ කිරීමත් සමඟ බර්ලූස්කෝනී, ඉතාලි ජනාධිපති ජෝර්ජියෝ නැපෝලිටානෝ සමඟ සාකච්ඡා කොට ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේය. බර්ලූස්කෝනී පෙරේදා (12) සවස ඉතාලි ජනාධිපති නැපෝලිටානෝ හමුවී ඉල්ලා අස්වීමේ ලිපිය ඔහුට නිල වශයෙන් බාර දුන් අවස්ථාවේ ද රෝම අගනුවර පිහිටි ජනපති මන්දිරය ඉදිරිපිට  බර්ලූස්කෝනී විරෝධීහු දහස් ගණනින් රැස්ව සිටියහ. විරෝධතා පුවරු අතැතිව සිටි එම පිරිස බර්ලූස්කෝනී ජනපති මන්දිරයෙන් එළියට එද්දී පරුෂ වචනයෙන් බැණ වදින්න වූහ. ධුරයෙන් ඉවත් වී මාධ්‍ය හමුවක් පවත්වමින් බර්ලූස්කෝනී කියා සිටියේ ජනපති මන්දිරයෙන් පිටවී යද්දී තමාට අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවූ බවය. ඉතාලියේ නව අන්තර්වාර අගමැති ලෙස ප‍්‍රවීණ දේශපාලනඥයකු, ආර්ථික විශේෂඥයකු මෙන්ම යුරෝපා සංගමයේ කොමසාරිස්වරයා ද වන මාරියෝ මොන්ටී පත් කිරීමට ඉතාලි ජනාධිපති ජෝර්ජියෝ නැපෝලිටානෝ තීරණය කර ඇත. ඊයේ (13) පිහිටවූ ඉතාලි නව රජයේ මෙන්ම නව අගමැතිවරයාගේ ද ප‍්‍රධානතම අභියෝගය වන්නේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමය. එහෙත් එය පහසු කටයුත්තක් නොවනු ඇති බවත් එය මහත් අභියෝගයක් වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. සිල්වියෝ බර්ලූස්කෝනි



අදහස් (0)

ආර්ථික අර්බුදය හමුවේ ඉතාලි අගමැති ඉල්ලා අස්වේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන් පුතා වරදකරු වෙයි
2024 සැප්තැම්බර් මස 06 1912 5

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.4 ක බදු ගෙවීම පැහැර හැරීම සහ ඊට අදාල චෝදනා නවයකට තමන් වරදකරු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ පුතු හන්ටර් බයිඩන් පුතු පිළිගත්තේ


ප්‍රංශයේ නව අගමැති මිකෙල් බානියේ
2024 සැප්තැම්බර් මස 06 211 0

ප්‍රංශ භාරකාර රජයේ නව අග්‍රාමාත්‍ය ධුරයට, ප්‍රවීණ දේශපාලනඥයකු වන මිකෙල් බානියේ නම් කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තීරණය කර තිබේ.


මෞරි දියණියට රජ කිරුළ හිමිවෙයි
2024 සැප්තැම්බර් මස 06 3494 0

නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය.


ජපන් අගමැති දකුණු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 06 72 0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ගෙන් ජපාන අග්‍රාමාත


ෂෙයික් හසීනා කටපියාගෙන හිටියොත් හොඳයි
2024 සැප්තැම්බර් මස 06 150 0

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා, බංග්ලාදේශ නව අන්තර්වාර රජය විවේචනය කිරීමෙන් වැළැකී සිටින්නේ නම්


කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
2024 සැප්තැම්බර් මස 06 3071 1

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site