ලිංගික අපහරණ චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ සිවිල් නඩුවකට මුහුණ දෙන බ්‍රිතාන්‍යයේ ඇන්ඩෲ කුමරුන් ඔහුට හිමි සියලු රාජකීය සහ හමුදා තනතුරවලින් ඉවත් කිරීමට එලිසබත් මහ රැජින තීරණය කර ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
61 හැවිරිදි ඇන්ඩෲ කුමරුන් යනු දෙවැනි එලිසබත් මහ රැජිනගේ දරුවන් තිදෙනාගෙන් තුන්වැන්නා වන අතර දෙවැනි පුත්‍රයාය. රාජකීය සහ හමුදා තනතුරවලින් ඉවත් කිරීමට සිදුවන බව දැනුම් දුන් අවස්ථාවේදී ඇන්ඩෲ කුමරු රැජිනගේ තීරණයට කිසිදු විරෝධයක් නොදක්වා ඊට හිස නැමූ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ නමුත් එල්ල වන ලිංගික අපහරණ චෝදනා සියල්ල කුමරු ප්‍රතික්ෂේප කර ඇත.
ඇන්ඩෲ කුමරු ඇමෙරිකානු ධන කුවේරයකු වූ ජෙෆ්රි එප්ස්ටීන්ගේ සමීපතම මිතුරෙක් විය. එප්ස්ටීන් ලිංගික වහල් සේවයක් පවත්වාගෙන ගියේ යැයි චෝදනා ලැබූවෙකි. එප්ස්ටීන් සමඟ පැවැති සමීප මිතුදම් නිසා තමන් අමාරුවේ වැටුණු බව ඇන්ඩෲ කුමරු පවසා ඇත.
ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරු වුණු ජෙෆ්රි එප්ස්ටීන් බන්ධනාගාරගතව සිටිද්දී දිවි නසා ගත්තේය. ඒ, 2019 වසරේදීය. එප්ස්ටීන්, 17 හැවිරිදි යුවතියක ඇන්ඩෲ කුමරුන්ට ලබා දුන් බව පැවැසෙයි. කුමරුන්ට එරෙහිව ඇමෙරිකන් අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කළේ වර්ජිනියා ජුෆ්රේ නමැති එම තැනැත්තියයි.
වර්ජිනියා ජුෆ්රේ මේ වනවිට 38 හැවිරිදි වියෙහි පසුවන අතර, ඇය මෙම සිවිල් නඩුව ගොනු කර තිබෙන්නේ මීට වසර 21 කට පෙර ඇන්ඩෲ කුමරුන් තමන්ට ලිංගික අපයෝජනයක් කළේ යන චෝදනා සම්බන්ධයෙනි.
ඇන්ඩෲ කුමරු වසර 22 ක් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නියමුවෙකු ද වෙයි.
(රොයිටර්)
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.
උතුරු සිරියාවේ, මන්ජිබ් නගරයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 25 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ ගණන 15 ක් බව පැවැසෙයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇන්ඩෲ කුමරුට තනතුරු අහිමි වෙයි